افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#10639[صحيح]
HadeethEnc · 1.24.0

ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහු තම උරහිස් දෙක මත කිසිවක් නොමැතිව එක ඇඳුමෙහි සලාත් ඉටු නො කළ යුතුයි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහු තම උරහිස් දෙක මත කිසිවක් නොමැතිව එක ඇඳුමෙහි සලාත් ඉටු නො කළ යුතුයි."
02

Explanation

කවරෙකු තම ගෙල හා උරහිස අතර ඇති කොටසේ උරහිස් දෙක කිසිදු තිරයකින් ආවරණය නොකළ තත්ත්වයේ ඒ මත කිසිවක් නොමැතිව එක ඇඳුමක් ඇඳ සලාතය ඉටු කරන්නේ ද, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එසේ කිරීමෙන් ඔහුව වැළැක්වූහ. සැබැවින්ම උරහිස් දෙක ආවරණය කළ යුතු රහස්‍ය පෙදෙස් නොවූව ද සැබැවින්ම ඒ දෙක ආවරණය කිරීම රහස්‍ය පෙදෙස් ආවරණය කිරීමට වඩාත් පහසු වනු ඇත. එමෙන්ම උත්තරීතර අල්ලාහ්ව කීර්තියට පත් කිරීමටත් ඔහු අබියස සලාතයේ සිටගෙන සිටින අතරවාරයේ ඔහුට ගරුබුහුමන් කිරීමටත් වඩාත් සමීප කාර්යයක් වනු ඇත.
03

Benefits

එක ඇඳුමකින් ආවරණය කළ යුතු රහස්‍ය පෙදෙස් ආවරණය වන්නේ නම්, එම ඇඳුම ඇඳ සලාත් ඉටු කිරීමට අනුමැතිය ඇත.
ඇඳුම් දෙකක් ඇඳ සලාත් ඉටු කිරීමේ අනුමැතිය. ඉන් එකක් උඩුකය ආවරණය කරන්නක් විය යුතු අතර අනෙක ඔහුගේ යටිකය ආවරණය කරන්නක් විය යුතු ය.
සලාත් ඉටු කරන්නා අලංකාර පෙනුමනික් පෙනී සිටීම සතුටු දායකය.
සලාතයේ දී උරහිස් දෙක හෝ ඉන් එකක් හෝ ආවරණය කිරීමට හැකියාව තිබූ විටෙක එය ආවරණය කිරීම අනිවාර්යය වේ.
නබි අනුගාමිකයින් ආර්ථික අපහසුකම්වලින් පෙළී ඇත. ඔවුන්ගෙන් ඇතැමෙකුට වස්ත්‍ර දෙකක් හිමිව නොතිබුණු අවස්ථාවන් පවා තිබුණි.
මෙම හදීසයේ අර්ථය පිළිබඳ ඉමාම් නවවි තුමා මෙසේ පවසයි: මෙහි ප්‍රඥාව නම්, සැබැවින්ම ඔහු කිසිවක් ඔහුගේ උරහිස මත නො තබා ඔහු වේට්ටියක් සේ පමණක් එය ඇඳගත් විටෙක ඔහුගේ රහස්‍ය පෙදෙස් නිරාවරණය වීමට පුළුවණ. ඇතැම් විට තම අතකින් හෝ අත් දෙකින්ම හෝ එය අල්ලා ගැනීමට අවශ්‍ය වනු ඇත. එවිට අත් දෙක කාර්යබහුල වන බැවින් දකුණු අත වම් අත මත තබා ඔහුගේ පපුවෙහි තැබීමේ හා අත් එසවීම සඳහා ආගමානුගත කර ඇති පරිදි අදාළ තැන්හි අත් දෙක එසවීමේ හා එවන් වෙනත් දෑහි නබි තුමාණන්ගේ පිළිවෙත අනුගමනය කිරීම ඔහුට අතපසු වී යනු ඇත. එමෙන් ම යටිකට පමණක් ආවරණය කිරීමෙන් උඩු කය ආවරණය කිරීම හා ශරීරයේ ඇතැම් අලංකාර ස්ථාන ආවරණය කිරීම මග හැරේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. "නැමදුම් කරන සෑම ස්ථානයකම ඔබේ අලංකාරය පිළිපදිනු." (අල්-අඃරාෆ්: 31)

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...