සැබැවින්ම කාෆිර් හෙවත් දේව ප්රතික්ෂේපකයා යම් යහපතක් සිදු කළ විට, ඒ හේතුවෙන් මෙලොවෙහි ආහාරයක් ඔහුට ආහාර වශයෙන් පිරිනමනු ලැබේ. නමුත් මුඃමින් හෙවත් දේව විශ්වාසවන්තයා වනාහි, සැබැවින්ම අල්ලාහ් මතුලොවෙහි ඔහු වෙනුවෙන් ඔහුගේ යහපත් දෑ රැස්කර තබා ඇත. ඔහුට අවනත වූ බැවින් මෙලොවෙහිදී ද පෝෂණයක් ඔහුට පිරිනමනු ඇත.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සැබැවින්ම කාෆිර් හෙවත් දේව ප්රතික්ෂේපකයා යම් යහපතක් සිදු කළ විට, ඒ හේතුවෙන් මෙලොවෙහි ආහාරයක් ඔහුට ආහාර වශයෙන් පිරිනමනු ලැබේ. නමුත් මුඃමින් හෙවත් දේව විශ්වාසවන්තයා වනාහි, සැබැවින්ම අල්ලාහ් මතුලොවෙහි ඔහු වෙනුවෙන් ඔහුගේ යහපත් දෑ රැස්කර තබා ඇත. ඔහුට අවනත වූ බැවින් මෙලොවෙහිදී ද පෝෂණයක් ඔහුට පිරිනමනු ඇත.“තවත් වාර්තාවක, “නියත වශයෙන්ම (කළ) යහපතකට මුඃමින්වරයකුට අල්ලාහ් අසාධාරණයක් නොකරනු ඇත. ඒ සඳහා මෙලොවෙහි පිරිනමනු ලැබේ. මතුලොවෙහි ද ප්රතිඵල දෙනු ලැබේ. නමුත් දේව ප්රතික්ෂේපිත කාෆිර්වරයා වනාහි, අල්ලාහ් වෙනුවෙන් සිදු නොකළ යහපත් දෑ සඳහා මතුලොවට ඔහු සේන්දු වන තුරු මෙලොවෙහි පෝෂණය දෙනු ලැබේ. නමුත් ඔහු කළ කිසිදු යහපතකට එමගින් ප්රතිඵල දෙනු නොලබනු ඇත.“
Explanation
නියත වශයෙන්ම දේව ප්රතික්ෂේපකයකු ඔහු ප්රතික්ෂේප කරමින් සිටි තත්ත්වයේ මිය යැදුණේ නම් මතුලොවෙහි ඔහුට කිසිදු කුසලක් අත් නොවන්නේය. අල්ලාහ්ට සමීප වීම පිණිස මෙලොවෙහි ඔහු සිදු කළ කිසිදු ක්රියාවකට ප්රතිඵල දෙනු නොලබන බව විද්වත්හු ඒකමතිකව පවසා ඇත. මෙම හදීසයේ ඉතා පැහැදිලිව පවසා ඇත්තේ, ඔහු කළ යහපත් දෑ වෙනුවට මෙලොවෙහි ආහාර සපයනු ලබන බවය. එනම්, ඔහු අල්ලාහ්ට සමීප වීම පිණිස ඔහු සිදු කළ ක්රියාවන් වෙනුවෙනි. එය යහපත් චේතනාව මුල් කර ගෙන සිදු කළ යුත්තකි. උදාහරණ වශයෙන් ඥාතී සම්බන්ධකම් පවත්වා ගැනීම, දානමාන කටයුතුවල නිරතවීම, වහලුන් නිදහස් කිරීම, ආගන්තුක සත්කාර කිරීම, ඒ හා සමාන යහපත් දෑ සිදු කිරීම.
නමුත් මෙවන් දැහැමි දෑ දේව ප්රතික්ෂේපකයකු සිදු කොට පසුව ඉස්ලාමය වැළඳ ගත්තේ නම් එවිට සැබැවින්ම මතුලොවෙහි ඒ වෙනුවට කුසල් ලැබෙන බව නිවැරදි සංකල්පය බව ඔවුන් තවදුරටත් පවසා සිටිති.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

