කවරෙකු ජුමුආ දිනයේ වුළූ ධෝවනය කළේ ද එමගින් එය යහපත් විය. කවරෙකු ස්නානය කළේ ද එය වඩාත් උතුම්ය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
සමුරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු ජුමුආ දිනයේ වුළූ ධෝවනය කළේ ද එමගින් එය යහපත් විය. කවරෙකු ස්නානය කළේ ද එය වඩාත් උතුම්ය.”
Explanation
“එමගින්” එනම් එම සුන්නාව හා අවකාශය පිළිපැදීම තුළින් “එය යහපත් විය.” එනම් එම සුන්නාව පිළිපදිමින් සිදු කළ ක්රියාව යහපත් විය. එය ඒ මත වන අගය කිරීමකි.
“කවරෙකු ස්නානය කළේ ද එය වඩාත් උතුම්ය.” ඉන් අදහස් කරනුයේ කවරෙකු වුළූ ධෝවනයත් සමග ජුමුආ දිනයේ ස්නානය කළේ ද එය වුළූ ගැනීමට පමණක් සීමා වීමට වඩා උතුම් වන්නේය යන්නයි. බහුතර විද්වත්හු දරණුයේ මෙම මතයයි. ඒ අතරින් ප්රධාන පෙළේ ඉමාම්වරු සිව් දෙනා ද වෙති. ඔවුනට ආධාරකයක් ලෙස පිහිටන මුස්ලිම්හි තවත් හදීසයක් මෙසේය. “කවරෙකු වුළූ ධෝවනය කර එම සේදීම ඉතා මැනවින් ඉටු කර පසුව ජුමුආ සඳහා පැමිණ නිහඬව සිට එයට සවන් දුන්නේ නම් ජුමුආ වාරයේ සිට අනෙක් ජුමුආ වාරය දක්වා අතර වූ කාලයේ හා අමතරව තවත් දින දුනක් ද ඔහුට සමාව දෙනු ලැබේ.”
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

