{හජ් වන්දනාකරුවන්ට ජලය සපයා, මස්ජිදුල් හරාමය පරිපාලනය කරන්නන්ව අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට අල්ලාහ්ගේ මාර් ගයේ කැපවූවන් මෙන් නුඹලා පත් කළෙහු ද? (සූරත් තව්බා: 19) පාඨයේ අවසානය දක්වා
නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් ථා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මින්බර් වේදිකාව අසල සිටිය දී, මිනිසෙක් මෙසේ පැවසීය: "මම ඉස්ලාමය වැළඳගත් පසු හජ් වන්දනාකරුවන්ට ජලය ලබා දීම හැර වෙනත් කිසිදු ක්‍රියාවක් නොකළත් ම…

