ඔවුන් එයට ඇතුළු වූයේ නම්, විනිශ්චය දිනය දක්වා ඔවුන් කිසි විටෙකත් එයින් පිටතට නොඑනු ඇත. කීකරුකම ඇත්තේ යහපත් කටයුතුවල පමණි
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ කණ්ඩායමක් යවා අන්සාර් වරුන්ගෙන් කෙනෙකු ඔවුන්ගේ නායකයා ලෙස පත් කර, ඔවුන්ට කීකරු වන මෙන් උපදෙස් දුන්හ. වරක් ඔහු කෝපයට පත් ව මෙසේ පැවසීය: "මට කීකරු වන ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල…

