මෙම රූපය නිර්මාණය කළවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනාවට ලක් කරනු ලබති. එමෙන්ම ඔබ නිර්මාණය කළ දෑට පණ දෙනු යැයි ඔවුන් පවසනු ලබති.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “මෙම රූපය නිර්මාණය කළවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනාවට ලක් කරනු ලබති. එමෙන්ම ඔබ නිර්මාණය කළ දෑට පණ දෙනු යැයි ඔවුන් පවසනු ලබති.“
Explanation
නුඹලා පණ දෙනු යැයි ඔවුනට පවසනු ලබයි.
එනම් ඔබ ශරීරය තැනුවාක් මෙන්ම එයට ප්රාණය ද දෙනු යන්නයි.
නුඹලා නිර්මාණය කළ දෑ, එනම් අල්ලාහ්ගේ මැවීම්වලට සමාන රූපයකින් නුඹලා තැනූ දෑය. එසේ රූපයක අල්ලාහ්ගේ මැවීම්වලට සමාන යමක් නිර්මාණය කර සිටියේ නම් එයට ප්රාණය දී අවදි කරවනු යන්නයි. අල්ලාහ්ගේ මැවීමට ඔවුන් ව්යාජ අනුරූපයක් මතුකර පෙන්වීම හේතුවෙන් මෙය උපහාසාත්මක, තර්ජනාත්මක අවවාද අතුරින් එකකි. එහි ප්රාණය පිඹීමට නොහැකි වූ විට එම ඉල්ලීමෙන් ඔවුන් වෙන් කරනු ලබති.
ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් දන්වා සිටි බුහාරි හා මුස්ලිම්හි සඳහන් හදීසයක් මෙසේ සඳහන් වේ.‘කවරෙකු මෙලොවෙහි රූපයක් රූපගත කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එහි ප්රාණය පිඹින මෙන් පවරනු ලබන්නේය. නමුත් ඔහු එසේ පිඹින්නෙකු නොවේ.‘ බුහාරිහි සඳහන් තවත් වාර්තාවක ‘කවරෙකු රූපයක් තනන්නේ ද එවිට ඔහු එයට ප්රාණය පිඹින තෙක් අල්ලාහ් ඔහුට දඬුවම් කරන්නේය.‘ ඉමාම් නවවි තුමා මෙසේ දන්වා සිටියි, සතුන්ගේ රූප ඇඳීම දැඩි ලෙස තහනමට ලක් වූ කරුණකි. එය මහා පාපයන්ගෙන් එකකි. හේතුව හදීසයේ සඳහන් පරිදි මෙම දරුණු අවවාදය ඇති බැවිනි. එය ප්රායෝගික නිර්මාණයක් වුව ද එසේ නොවුවද එක හා සමානය. එසේ නිර්මාණය කිරීම සෑම අතකින්ම තහනම්ය. හේතුව අල්ලාහ්ගේ මැවීමට ව්යාජ වේශයක් දෙන බැවිනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

