‘එම ප්‍රකාශය සත්‍යයෙන් යුක්තය. නමුත් එය ජින්නුවෙක් පැහැර ගෙන ඔහුගේ භාරකරුගේ කන තුළට දන්වා සිටි දෑ වේ. පසුව ඔවුහු ඒ සමග බොරු සියයක් මුසු කරති" යැයි පැවසූහ
Choose an available translation of this Hadeeth
Hadeeth text
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. අනාවැකි කියන්නන් පිළිබඳ ව අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) ජනයා විමසා සිටියෝය. එවිට එතුමා: “ඔවුන් තුළ කිසිවක් නැත” යැයි පැවසීය. එවිට ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණෙනි! ඇතැම් විට ඔවුන් අපට කරුණක් වසන්නේ නම් එය සැබෑවක් වන්නේය! යැයි පවසා සිටියෝය. එවිට අල්ලාහ්ගේ දූතයාණන්: ‘එම ප්‍රකාශය සත්‍යයෙන් යුක්තය. නමුත් එය ජින්නුවෙක් පැහැර ගෙන ඔහුගේ භාරකරුගේ කන තුළට දන්වා සිටි දෑ වේ. පසුව ඔවුහු ඒ සමග බොරු සියයක් මුසු කරති" යැයි පැවසූහ.
Explanation
එවිට ඔවුහු: සැබැවින්ම ඔවුන්ගේ ප්‍රකාශ ඇතැම් අවස්ථාවල සිදුවෙයි. ගුප්ත කරුණක සිදුවීම ගැන මේ මාසයේ මේ දිනයේ මෙසේ සිදුවනු ඇතැයි ඔවුහු දන්වා සිටි කල්හි, ඔවුන්ගේ එම ප්‍රකාශයට අනුකූලව එය සිදු වනු ඇතැයි පවසා සිටියෝය.
එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "සැබැවින්ම ජින්නුන් අහසේ තොරතුරුවලින් සවන් දෙන දෑ පැහැර ගෙන ඔවුන්ගේ හිතවත් සාත්තර කියන්නන් වෙත පහළ වී ඔවුන් තමන් දුන් දෑ ඔවුනට දැනුම් දෙති. පසුව එම සාත්තර කරු අහසින් තමන් සවන් දුන් දෑට බොරු සියයක් එකතු කරයි.
Benefits
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දහම් දූතයකු ලෙස එවීමෙන් දිව්‍ය පණිවිඩ හෝ වෙනත් දෙයක් සවන් දීමෙන් අහස ෂෙයිතානුන්ගෙන් ආරක්ෂා කරනු ලැබීය. නමුත් යමක් හොරෙන් සවන් දී පහර දෙන ගිණි දළුවලින් ආරක්ෂා වූ අය හැර.
ජින්නුන් තමන් වෙනුවෙන් මිනිස් හිතවතුන් පත් කර ගනිති.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

