HadeethEnc · 1.24.0
සැබැවින්ම මිනිසෙකු (වුළූ) ධෝවනය කළේය. නමුත් ඔහුගේ පාදයේ නියපොත්තක තරම් ඉඩක් අත් හැරී තිබිණ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය දුටුහ. එවිට එතුමා “ඔබ නැවත හැරීගොස් ඔබේ වුළූ ධෝවනය අලංකාරව සිදු කරනු.” යැයි පැවසූහ. එසේ ඔහු නැවත සිදු කොට පසුව සලාතය ඉටු කළේය.”
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා තමන්ට දැනුම් දුන් බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම මිනිසෙකු (වුළූ) ධෝවනය කළේය. නමුත් ඔහුගේ පාදයේ නියපොත්තක තරම් ඉඩක් අත් හැරී තිබිණ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය දුටුහ. එවිට එතුමා “ඔබ නැවත හැරීගොස් ඔබේ වුළූ ධෝවනය අලංකාරව සිදු කරනු.” යැයි පැවසූහ. එසේ ඔහු නැවත සිදු කොට පසුව සලාතය ඉටු කළේය.”
02
Explanation
වුළූ ධෝවනය කර අවසන් කළද, තම පාදයේ නියපොත්තක තරම් ඉඩක ජලය නො තැවරී අත් හැරී තිබිණු මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දුටුහ. එවිට එතුමා එම අඩුපාඩු සහිත ස්ථානය පෙන්වා දී: "ඔබ නැවත හැරීගොස් ඔබේ වුළූ ධෝවනය අලංකාරව සිදු කරනු. එය පූර්ණවත් කරනු. සෑම අවයවයකටම ජලයෙන් විය යුතු නියමය ඉටු කරනු" යැයි පැවසූහ. පසුව එම පුද්ගලයා නැවත ගොස් තම වුළූ ධෝවනය පූර්ණවත් කොට පසුව සලාතය ඉටු කළේය.
03
Benefits
යහපත විධානය කිරීමටත්, නොදැනුවත් හා නොසැලකිලිමත් අයට මඟ පෙන්වීමටත් විශේෂයෙන් පිළිකුල් සහගත දෑ ඔහුගේ නැමදුම දූෂිත වන්නට පෙළගැසෙන විටෙක ඒ සඳහා මඟ පෙන්වීමටත් යුහුසුළු විය යුතුය.
වුළූ ධෝවනයට අදාළ ශරීර අවයව ජලයෙන් ආවරණය වීම අනිවාර්යය වේ. කිසියම් අවයවයක් අත්හැරියේ නම් එය සුළු ප්‍රමාණයක් වුව ද ඒ සමග වුළූ ධෝවනය වලංගු වන්නේ නැත. දිගු කාලයක ප්‍රමාදයක් වූ විටෙක එය නැවත ඉටු කළ යුතුය.
වුළූ ධෝවනය නිසි ලෙස ඉටු කිරීම ආගමානුගත කරන ලද්දකි. එය ෂරීආ පිළිවෙත නියම කළ අයුරින් පූර්ණවත් කිරීමෙන් හා ආවරණය කිරීමෙන් විය යුතුය.
දෙපා ද වුළූ ධෝවනයේ අවයව අතරින් වූවකි. ඒ දෙක මත පිරිමැදීම ප්‍රමාණවත් වන්නේ නැත. එය සේදිය යුතු වේ.
වුළූ ධෝවනයේ අවයව අතර අඛණ්ඩතාවය රැකිය යුතුය. එය සෑම අවයවයක්ම ඊට පෙර පවතින අවයවය වියැළීමට පෙර සෝදා හරින පරිදිය.
නොදැනුවත්කම හා අමතක වීම අනිවාර්යය දෑ නැති කරන්නේ නැත. සැබැවින්ම ඒ දෙක නැති කරන්නේ පාපයයි. තම නොදැනුවත් කම නිසා වුළූ ධෝවනය සම්පූර්ණ නොකළ මෙම පුද්ගලයා වනාහි, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගෙන් අනිවාර්ය ක්‍රියාවක් නැති කළේ නැත. එය වුළූ ධෝවනයයි. එය නැවත ඉටු කරන මෙන් එතුමාණෝ ඔහුට නියෝග කළහ.

Attribution
[رواه مسلم]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares