افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#8378[صحيح]
HadeethEnc · 1.24.0

විධිමත් ලෙස පූර්ණව වුළූ දෝවනය සිදු කරන්න, ඔබේ ඇඟිලි කරු අතර හොඳින් සෝදා හරින්න. ඔබ උපවාසයේ සිටින්නේ නම් හැර සෙසු අවස්ථාවන්හි නාස්පුඩු තුළට වතුර යවා හොඳින් සෝදා හරින්න."යැයි කීහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

ලකීත් ඉබ්නු සබිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත පැමිණි බනු අල්-මුන්තෆික් දූත කණ්ඩායමේ නායකයා - නැතහොත් - බනූ අල්-මුන්තෆික් අතර සිටි අයෙක්මි. අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණි කල්හි, අපි එතුමාණන්ව එතුමාණන්ගේ නිවසේ හමු නො වූයෙමු. විශ්වාසීන්ගේ මෑණියක වන ‘අඉෂා’ තුමිය එහි සිටියා ය. ඇය අප වෙනුවෙන් 'කසීරා' (خَزِيرَةٍ) නම් කෑමක් පිළියෙළ කරන ලෙස අණ කළා ය. පසුව අප වෙනුවෙන් එය පිළියෙළ කරන ලදී. රටඉඳි අඩංගු තැටියක් ද අපට පිළිගන්වීය. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැමිණ මෙසේ ඇසූහ. “ඔබ යමක් (සංග්‍රහයක්) ලැබුවා ද නැතහොත් ඔබ වෙනුවෙන් ඇණවුම් කළා ද?” අපි: “එසේය, අල්ලාහ්ගේ දූතයාණනි,” යැයි පැවසුවෙමු. අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටිය දී, එඬේරෙකු තම බැටළු රැළ උන්ගේ ගාලට රැගෙන ගියේය. ඔහු සමඟ කෑ ගසමින් සිටින අලුත උපන් බැටළු පැටවෙකු විය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔහුගෙන්, “අහෝ මිනස මේ කුමන පැටවෙක් ද?” යැයි විමසූහ. ඌ ගැහැණු පැටවෙකැයි ඔහු පිළිතුරු දුන්නේය. එවිට එතුමාණෝ: “ඌ වෙනුවට බැටළුවෙකු අප වෙනුවෙන් කපා හරින්න” යැයි පැවසූහ. ඔහු: "ඔබ වෙනුවෙන් ඌ මරා දමන බව ඔබ නොසිතිය යුතුය. අපට බැටළුවන් සියයක් සිටිති, උන්ගේ සංඛ්‍යාව වැඩිවීම අප ප්‍රිය කරන්නේ නැත. ඒ නිසා, බැටළුවෙක් ඉපදුන ගමන්, අපි ඌ වෙනුවට බැටළුවෙක් කපා හරින්නෙමු." යැයි පැවසූහ. මම: "අල්ලාහ්ගේ දූතයාණනි, මට බිරියක් සිටියි, ඇගේ දිවේ යමක් තිබේ, එනම් ඇය කුණුහරප පවසයි." යැයි කීවෙමි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "එසේනම් ඔබ ඇයව දික්කසාද කරන්න." මම: "අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම ඇය සමග මහත් බැඳීමක් ඇත. ඇයගෙන් මට දරුවකු සිටියි.' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "එසේනම් ඔබ ඇයට උපදෙස් දෙන්න. ඇය තුළ යහපත්කමක් තිබේ නම්, ඇය එසේ කටයුතු කරනු ඇත. ඔබ ඔබේ වහලියට පහර දෙන ආකාරයට ඔබේ බිරිඳට පහර නොදෙන්න." යැයි පැවසූහ. මම: "අල්ලාහ්ගේ දූතයාණනි, වුළූ (අර්ධ ස්නානය) ගැන යමක් මට කියා දෙන්න." යැයි කීවෙමි. එවිට එතුමාණෝ: "විධිමත් ලෙස පූර්ණව වුළූ දෝවනය සිදු කරන්න, ඔබේ ඇඟිලි කරු අතර හොඳින් සෝදා හරින්න. ඔබ උපවාසයේ සිටින්නේ නම් හැර සෙසු අවස්ථාවන්හි නාස්පුඩු තුළට වතුර යවා හොඳින් සෝදා හරින්න."යැයි කීහ.
02

Explanation

තමන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත පැමිණි
බනු අල්-මුන්තෆික් දූත කණ්ඩායමේ ආගන්තුකයකු බව ලකීත් ඉබ්නු සබ්රා (රළියල්ලාහු අන්හු) තුමා දන්වා මෙසේ පවසා සිටියේය: "නමුත් අපි අපි එතුමාණන්ව එතුමාණන්ගේ නිවසේ හමු නො වූයෙමු. විශ්වාසීන්ගේ මෑණියක වන ‘අඉෂා’ තුමියව අපි හමු වූයෙමු. ඇය අප වෙනුවෙන් පිටි සහ මේදයෙන් යුත් කැද වර්ගයක් පිළියෙළ කර දෙන මෙන් නියෝග කළා ය. පසුව අප වෙත රටඉඳි අඩංගු තැටියක් පිළිගන්වන ලදී. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැමිණ: “ඔබ වෙත සංග්‍රහයක් පිළිගන්වනු ලැබුවේ ද?" යැයි විමසූහ. අපි: “එසේය, අල්ලාහ්ගේ දූතයාණනි,” යැයි පැවසුවෙමු. ලකීත් තුමා තවදුරටත් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටිය දී, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ එළුවන් බලා කියා ගන්නා එඬේරෙකු තම බැටළු රැළ ඔවුන්ගේ ගාලට රැගෙන යමින් සිටියේය. ඔහු සමඟ අලුත උපන් බැටළු පැටවෙකු කෑ ගසමින් විය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔහුගෙන්: 'මේ කුමන පැටවෙක් ද?' යැයි විමසූහ." ඌ ගැහැණු පැටවෙකැයි ඔහු පිළිතුරු දුන්නේය. එතුමාණෝ: “ඌ වෙනුවට බැටළුවෙකු අප වෙනුවෙන් කපා හරින්න” යැයි පවසා එතුමාණෝ තවදුරටත්: "ඔබ වෙනුවෙන් ඌ කපා හරින බව ඔබ නොසිතිය යුතුය. අපට බැටළුවන් සිය දෙනෙක් සිටිති, උන්ගේ සංඛ්‍යාව වැඩිවීම අප ප්‍රිය කරන්නේ නැත. ඒ නිසා, බැටළුවෙක් ඉපදුන විට, අපි ඌ වෙනුවට බැටළුවෙක් කපා හරින්නෙමු." යැයි පැවසූහ. ලකීත් තුමා මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මා‌ගේ බිරිඳ වනාහි, ඇයට ඇත්තේ අසභ්‍ය වදන් කතා කරන දිගු දිවකි. ඇය සමග මා කටයුතු කළ යුත්තේ කෙසේ ද?" එතුමාණෝ මෙසේ පැවසූහ: "එසේනම් ඔබ ඇයව දික්කසාද කරන්න." මම: "අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම ඇය සමග බොහෝ කලක් තිස්සේ මහත් බැඳීමක් ඇත. ඇයගෙන් මට දරු පරපුරක්ද සිටියි.' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "එසේනම් ඔබ ඇයට උපදෙස් දෙන්න. ඇය තුළ යහපත්කමක් තිබේ නම්, ඔබේ උපදෙසට ඇය ප්‍රතිචාර දක්වනු ඇත. එසේ ඇය පිළිතුරු නොදෙන්නී නම්, ඔබ ඔබේ වහලියට පහර දෙන ආකාරයට නොව, ඔබේ බිරියට තුවාල නොවන අයුරින් පහරක් ගසන්න." යැයි පැවසූහ. පසුව ලකීත් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණෙනි! වුළූ (අර්ධ ස්නානය) ගැන යමක් මට කියා දෙන්න." එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "වුළූ ගන්නා අතරවාරයේ අදාළ අවයවයන් වෙත ජලය ලඟා කරවමින් විධිමත් ලෙස පූර්ණව වුළූ දෝවනය සිදු කරන්න. එහි අනිවාර්යය හෝ සුන්නාවන් කිසිවක් මඟ නොහරින්න. ඔබේ අත් හා පාද සෝදන අතරවාරයේ ඇඟිලි කරු ඈත් කර හොඳින් සෝදා හරින්න. ඔබේ නාස්පුඩු තුළට ජලය යවා සෝදා බැහැර කරන්න. නමුත් ඔබ උපවාසයේ නිරතව සිටින්නේ නම්, ඔබේ මුඛයට ජලය ළඟා නොකරන්නාක් මෙන්ම නාසයට ද ජලය ඇතුළත් නොකරන්න.
03

Benefits

ආගන්තුකයින්ට සංග්‍රහ කිරීම ආගමානුගත කරුණකි.
පූර්ණවත් කිරීම වර්ග දෙකකි: 1. අනිවාර්යය දෑ පූර්ණවත් කිරීම. එනම් ඒ හැර වුළූ සම්පූර්ණ නොවන දෑය. ඉන් අදහස් කරනුයේ අදාළ ස්ථානය සේදීම හා එය මුළුමණින්ම ආවරණය කිරීමය. 2. නිර්දේශ කරන ලද මුස්තහබ් දෙයක් පූර්ණවත් කිරීම. එනම් එය සිදු නොකළ ද වුළූ සම්පූර්ණ වන දෑය. ඉන් අදහස් කරනුයේ අනිවාර්යය දැයට වඩා දෙවන වර හා තුන්වන වර අමතර ලෙස සෝදා හරින දෑය. එමෙන්ම ඒ වෙත අදාළ වන අනෙකුත් අනිවාර්යය නොවන ක්‍රියා ද පවතී.
දෑත් හා දෙපා සෝදන විට එහි ඇගිලිකරු වෙන් කර අතුල්ලා සේදීම හා ඒ අතර ජලය ගලා යාමට සළස්වා හොඳින් සේදීම සතුටු දායකය.
අත්-තීබී තුමා මෙසේ පවසයි: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිතුරු වශයෙන් පවසා සිටියේ වුළුව ට අදාළ චර්යාවන් කිහිපයක් ගැනය. මක්නිසාදයත් විමසා සිටින්නා වුළූහි මූලික කරුණු පිළිබඳ දැන සිටි බැවිනි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ යහපත් ගුණාංගවලින් එකක් වන්නේ අන් අයගේ හැඟීම් කෙරෙහි එතුමාණන් දැක්වූ සැලකිල්ල සහ ඔවුන්ගේ මනෝභාවයන් කෙරෙහි එතුමාණන් දැක්වූ සැලකිල්ලයි.
වුළු ගන්නා අවස්ථාවේ කට කළත්වා හොඳින් සේදීම අනිවාර්යය බව මෙම හදීසය පෙන්වා දෙයි.
එමෙන්ම උපවාසයේ නිරත වන අයකු හැර නාසය තුළට ජලය යවා හොඳින් සෝදා හැරීම සතුටු දායක බව ද මෙම හදීසය පෙන්වා දෙයි. උපවාසකරු එසේ කිරීම සතුටුදායක නොවේ. මක්නිසාදයත් එසේ නාසයට ජලය යොදා සෝදන විට නාසය තුළින් උගුරට ජලය ගලා ගොස් උපවාසය අවලංගු වී යන්නට ඉඩ ඇති බැවිනි.
ඉස්ලාමය වැළඳ ගත් සෑම කෙනෙකුම හිජ්රත් යාම අනිවාර්යය නොවන බව මෙහි පෙන්වා දී ඇත. මක්නිසාදයත් බනූ මුන්තෆික් ගෝත්‍රය මෙන්ම තවත් අය හිජ්රත් ගමනට සහභාගී නොවූවෝය. නමුත් ඔවුන්ගේ දූත කණ්ඩායම් එව්වෝය. එය එසේ තිබිය දී අවස්ථාවක් ඇති විටෙක ප්‍රමාණවත් තරමින් දහම විඳහා දක්වන ලදී.

Attribution

[رواه أبو داود والترمذي والنسائي وابن ماجه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...