HadeethEnc · 1.24.0
කවරෙකු රන් හා රිදී භාජනයක පානය කළේ ද සැබැවින්ම ඔහුගේ කුසෙහි හඬ නැගෙනුයේ අපායේ ගින්නය.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “කවරෙකු පානය කළේද” වෙනත් වාර්තාවක “ආහාර අනුභව කරන්නා හෝ පානය කරන්නා” යනුවෙන් වාර්තා වී ඇත. “රන් හා රිදී භාජනයක පානය කළේ ද සැබැවින්ම ඔහුගේ කුසෙහි හඬ නැගෙනුයේ අපායෙන් වූ ගින්නෙනි.”
02
Explanation
රන් හා රිදියෙන් නිර්මාණය කරන ලද හෝ එමගින් ආලේප කරන ලද හෝ එමගින් අලංකාර කරන ලද භාජන පරිහරනය කරන්නන් හට දැඩි අවවාදයක් මෙම හදීසයේ සඳහන්ව ඇත. කවරෙකු මෙම වැරැද්ද සිදු කරන්නේ ද අපා ගින්නේ වධහිංසාවට වැටෙන විට ඇතිවන පිළිකුල් සහගත භයානක හඬ කුස තුළ ඇසෙනු ඇත. හේතුව සැබැවින්ම එය දේව ප්රතික්ෂේපකයින්ට හා ආඩම්භර ජනයාට සමාන වීමත් දුගී දුප්පතුන්ගේ සිත් බිඳ දැමීමත් එහි වන බැවිණි. එනිසා ඉස්ලාමය මුස්ලිම්වරුන් පිරිහීමෙන් හා සුඛෝපභෝගීත්වයෙන් ආරක්ෂා කරයි. ඒ දෙවර්ගය භාවිතය තහනම් කිරීමේ නීතිය අතරට මෑතක් වන තුරුම රන් හා රිදී කාසි වශයෙන් තිබීම ද ඇතුළත් වෙයි. ඒ දෙක ගෙන භාජන වශයෙන් හෝ පුරාන වස්තු වශයෙන් හෝ එවන් වෙනත් කටයුතු සඳහා භාවිත කිරීමද ඇතුළත් වේ. එය වානිජ කටයුතු අඩාල කරන්නකි. කිසිදු යහපතක් නොලබාම අවශ්යතාවන්හි අගය විනාශ කර දමයි.
හදීසයේ සඳහන් අනුභව කිරීමේදී හා පානය කිරීමේදී භාවිතය කිරීම සම්බන්ධයෙන් වූ මෙම තහනම කවර ප්රයෝජනයක් සඳහා ඒ දෙක භාවිතා කළ ද එය පොදු වනු ඇත. නමුත් කාන්තාවකගේ ආභරණ මෙන් ඉස්ලාමීය පිළිවෙත අවසර දුන් කටයුත්තක මිස. එහිදී භාවිත කළ හැකි වේ.
හදීසයේ සඳහන් අනුභව කිරීමේදී හා පානය කිරීමේදී භාවිතය කිරීම සම්බන්ධයෙන් වූ මෙම තහනම කවර ප්රයෝජනයක් සඳහා ඒ දෙක භාවිතා කළ ද එය පොදු වනු ඇත. නමුත් කාන්තාවකගේ ආභරණ මෙන් ඉස්ලාමීය පිළිවෙත අවසර දුන් කටයුත්තක මිස. එහිදී භාවිත කළ හැකි වේ.
Attribution
[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

