“මාගේ ගැත්තා යම් නපුරක් කිරීමට සිතූ විට එය ඔහු සිදු කරන තෙක් නුඹලා එය ඔහුට එරෙහිව නොලියනු. නමුත් ඔහු එය සිදු කළේ නම් ඒ සඳහා ඒ හා සමානයක් පමණක් ලියනු. එය ඔහු මා වෙනුවෙන් අත්හැරියේ නම් ඔහුට ඒ සඳහා යහපතක් ලියනු” යැයි අල්ලාහ් දෙවිඳාණන් පවසයි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මාගේ ගැත්තා යම් නපුරක් කිරීමට සිතූ විට, එය ඔහු සිදු කරන තෙක් නුඹලා එය ඔහුට එරෙහිව නොලියනු. නමුත් ඔහු එය සිදු කළේ නම් ඒ සඳහා ඒ හා සමානයක් පමණක් ලියනු. එය ඔහු මා වෙනුවෙන් අත්හැරියේ නම් ඔහුට ඒ සඳහා යහපතක් ලියනු. එමෙන්ම ඔහු යම් යහපතක් සිදු කිරීමට සිතා එය ඔහු සිදු නොකළේ නම් ඒ සඳහා ඔහුට යහපතක් ලියනු. එසේ ඔහු එය සිදු කළේ නම් ඒ සඳහා ඔහුට ඒ හා සමාන දහ ගුණයේ සිට හත්සීය ගුණය දක්වා ලියනු.”යැයි අල්ලාහ් පවසයි.
Explanation
“නමුත් ඔහු එය සිදු කළේ නම් ඒ සඳහා ඒ හා සමානයක් ලියනු.” ඉන් අදහස් කරන්නේ එක් පාපයක් පමණය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “කවරෙකු යහපතක් ගෙන ආවේ ද ඔහුට ඒ හා සමාන දස ගුණයක් හිමිය. කවරෙකු යම් නපුරක් ගෙන ආවේ ද ඒ හා සමාන දෙයකින් මිස ප්රතිඵල පිරිනමනු නොලැබේ. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.” තවත් තැනක උත්තරීතරයාණන් මෙසේ ප්රකාශ කරයි. “කවරෙකු යම් නපුරක් කළේ ද ඔහුට ඒ හා සමාන දෙයකින් මිස ප්රතිඵල පිරිනමනු නොලැබේ. කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට ඔහු පිරිමියකු හෝ කාන්තාවක හෝ වේවා යම් දැහැමි කටයුත්තක් සිදු කළේ ද එවැන්නන් ස්වර්ගයට පිවිසෙනු ඇත. එහි ඔවුනට කිසිදු ගණනයකින් තොරව පෝෂණය කරනු ලබති.”
“එය ඔහු මා වෙනුවෙන් අත්හැරියේ නම් ඔහුට ඒ සඳහා යහපතක් ලියනු.” යන ප්රකාශය වනාහි, එය අතහැරීම යන කරුණ උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් යන කොන්දේසිය මත පනවා ඇත. එනම් ඔහුට බියෙන් හා ලැජ්ජාවෙන් යන්නයි. එය නොහැකියාවෙන් හෝ මැවීම්වලට බියෙන් හෝ වෙනත් යම් හේතුවක් උදෙසා ඔහු එය අතහැර දැමූ විට ඔහුට යහපතක් ලෙස ලියනු නොලැබේ. නමුත් ඇතැම් විට ඔහුට එය පාපකයක් ලෙස ලියනු ලබනු ඇත.
“එමෙන්ම ඔහු යම් යහපතක් සිදු කිරීමට සිතා එය ඔහු සිදු නොකළේ නම් ඒ සඳහා ඔහුට යහපතක් ලියනු.” යන ප්රකාශයේ සිට එහි අවසානය දක්වා වනාහි: මෙය උත්තරීතර ගෞරවනීය පරිත්යාගශීලී අල්ලාහ්ගෙන් වූ ඔහුගේ ගැත්තන්හට වන මහත් භාග්යයකි. සියලු ප්රශංසා හා සියලු පරිත්යාග අල්ලාහ් සතුය. මීට වඩා අතිමහත් ගෞරවයක් කුමක් වනු ඇත්ද? යහපතක් සිතු විට පූර්ණ කුසලක් ඔහු වෙනුවෙන් ලියනු ලැබේ. දැහැමි කටයුත්තට කුසල් දහයේ සිට හත්සීය දක්වා ගුණ කර ලියනු ලැබේ.
මෙම හදීසයේ මෙම ප්රකාශය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඒ ගැන විස්තර කරමින් “අල්ලාහ් මෙසේ පවසයි. මාගේ ගැත්තා සිතූ විට” යන උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය සමග එකතු කළහ. මෙම ප්රකාශය ඔහුගේ පිළිවෙතින් විය. ඔහුගේ ගැත්තන් හට වූ ප්රතිඥාවක් විය. ඔවුන් කෙරෙහි වූ ඔහුගේ භාග්යයක් විය. එය කුර්ආනයේ වූ සඳහනක් නොවීය. එය මැවීමක සඳහනක් ද නොවීය. එය මැවීම්වල නොව උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය විය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

