افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#8307[صحيح]
HadeethEnc · 1.24.0

උදේ සවස අහසේ පුවත් මා වෙත ගෙන එන අහසේ සිටින අය සමග මා විශ්වාසනීය ලෙස සිටිය දී නුඹලා මා ගැන විශ්වාස නොකරන්නෙහු ද?

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ සඊද් අල් කුඃද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අලී ඉබ්නු අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත ‌යෙමනයේ සිට පදම් කරන ලද හම් මල්ලක රන් කැබැල්ලක් එවා සිටියේය. එම රන් කැබැල්ල පසින් පිරිසිදු කර තිබුණේ නැත. පසුව ඔහු මෙසේ පැවසීය. "එතුමාණෝ එය සිව්දෙනෙකු අතර බෙදා දුන්හ. ඒ අනුව උයෙයිනා ඉබ්නු බද්ර්, අක්රඃ ඉබ්නු හාබිස්, සෙයිදුල් හඃයිල් අතර හා සිව්වැන්නා ලෙස අල්කමා හෝ ආමිර් ඉබ්නු තුෆෙයිල් අතර බෙදා හැරියහ. එවිට එතුමාණන්ගේ සගයින් අතරින් මිනිසෙක් "මොවුන්ට වඩා අපි මෙය ලබන්නට සුදුස්සෝ වෙමු" යැයි පැවසීය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දැන ගන්නට ලැබුණි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "උදේ සවස අහසේ පුවත් මා වෙත ගෙන එන අහසේ සිටින අය සමග මා විශ්වාසනීය ලෙස සිටිය දී නුඹලා මා ගැන විශ්වාස නොකරන්නෙහු ද?" ඔහු මෙසේ පැවසීය: එවිට ඇස් දෙක ඇතුළට නෙරා ගිය, කම්මුල කැපී පෙනෙන, නළල උසින් පිහිටුනු, ඝණ රැවුලක් සහිත, හිස මුඩු කළ, වෙට්ටිය ඔසවා නවා ගත් මිනිසෙකු මෙසේ පැවසීය. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ අල්ලාහ්ට බියවන්න." එවිට එතුමාණෝ මෙසේ පැවසීය: "ඔබට විනාශය අත් වේවා! අල්ලාහ් කෙරෙහි වන භක්තිමත්භාවයෙහි පොළෝවාසීන් අතර මා වඩාත්ම සුදුස්සා නොවේ ද?" එතුමා තවදුරටත් මෙසේ පැවසීය: පසුව එම මිනිසා හැරී ගියේය. කාලිද් ඉබ්නු අල්-වලීද් තුමා මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි මා ඔහුගේ ගෙල සිඳ දැමිය යුතු නොවේ ද? එතුමාණෝ "නැත, ඔහු සලාත් ඉටු කරන්නෙකු විය හැක" යැයි පැවසූහ. එවිට කාලිද් තුමා, "තම සිතේ කිසිවක් නැති, තම දිවෙන් පමණක් පවසා සලාතය ඉටු කරන කොපමණ දෙනෙක් සිටිත් ද?" යැයි කීය. එතුමාණෝ (සල්ලල්ලාහු අලයහී වසල්ලම්) මෙසේ පැවසූහ: "මිනිසුන්ගේ හදවත් සෝදිසි කිරීමට මම අණ කරනු නොලැබුවෙමි. ඔවුන්ගේ ඇතුළාන්තය මම විවෘත කර නොබලමි. සැබැවින්ම මා අණ කරනු ලැබුවේ ඔවුන්ගේ කටයුතුවල බාහිරය සැලකිල්ලට ගන්නා ලෙසය." නැවතත්, ඔහු සිටිගෙන සිටිය දී ඔහු දෙස බලා මේ පිළිබඳව එතුමාණෝ මෙසේ පවසන්නට වූහ. "මෙම (මනුෂ්‍යයාගේ) පරම්පරාවෙන් අල්-කුර්ආනය ප්‍රසන්න ලෙස පාරායනය කරන, දිව තෙත්ව ඇති නමුත් එය ඔවුන්ගේ උගුරෙන් ඔබ්බට නොයන ජනතාවක් බිහි වනු ඇත. ඊතලය ගොදුර හරහා ගමන් කරන්නාක් මෙන් ඔවුහු ආගම හරහා ඉක්මනින් ගමන් කරති." එතුමාණෝ මෙය ද පැවසූ බව මම සිතමි. "මම ඔවුන් සොයා ගත්තේ නම්, සමූද්වරුන් මරා දැමූ ආකාරයටම මම ඔවුන්ව ද මරා දමමි."
02

Explanation

අලී ඉබ්නු අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත යෙමනයේ සිට පදම් කරන ලද හම් මල්ලක රන් කැබැල්ලක් එවා සිටියේය. එම රන් කැබැල්ල පසින් ඉවත්ව තිබුණේ නැත. පසුව ඔහු මෙසේ පැවසීය: පසුව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සිව් දෙනෙකු අතර එය බෙදා දුන්හ. උයෙයිනා ඉබ්නු බද්ර් අල්-ෆිසාරී, අක්රඃ ඉබ්නු හාබිස් අල්-හන්ළලී, සෙයිදුල් කඃයිල් අන්-නබ්හානී, අල්කමා ඉබ්නු අලාසා අල්-ආමිරී. එවිට එතුමාණන්ගේ සගයින් අතරින් මිනිසෙක් මෙසේ පැවසීය: "මොවුන්ට වඩා අපි මෙය ලබන්නට සුදුස්සෝ වෙමු" යැයි පැවසීය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දැන ගන්නට ලැබුණි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "උදේ සවස අහසේ පුවත් මා වෙත ගෙන එන අහසේ සිටින අය සමග මා විශ්වාසනීය ලෙස සිටිය දී නුඹලා මා ගැන විශ්වාස නොකරන්නෙහු ද?" ඔහු මෙසේ පැවසීය: ඇස් දෙක ඇතුළට නෙරා ගිය, කම්මුල ඉහළට එසවී කැපී පෙනෙන, නළල උසින් පිහිටුනු, දිගු නොවන ඝණ රැවුලක් සහිත, හිස මුඩු කළ, තම ශරීරයේ පහළ කොටස ආවරණය කර ඇති ඔහුගේ වේටිවිය ඔසවා ගත් මිනිසෙකු මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ අල්ලාහ්ට බියවන්න." එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසීය: "ඔබට විනාශ වේවා! අල්ලාහ් මත භක්තිමත් වීමෙහි පොළෝවාසීන් අතර මා වඩාත්ම සුදුස්සා නොවේ ද?" එතුමා තවදුරටත් මෙසේ පැවසීය: පසුව එම මිනිසා හැරී ගියේය. කාලිද් ඉබ්නු අල්-වලීද් තුමා මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා ඔහුගේ ගෙල සිඳ දැමිය යුතු නොවේ ද?" එතුමාණෝ, "නැත. ඔහු සලාත් ඉටු කරන්නෙකු විය හැක" යැයි පැවසූහ. එවිට කාලිද් තුමා මෙසේ පැවසීය. "තම සිතේ කිසිවක් නැති, තම දිවෙන් පමණක් පවසා සලාතය ඉටු කරන කොපමණ දෙනෙක් සිටිත් ද?" යැයි පැවසීය. එතුමාණෝ (සල්ලල්ලාහු අලයහී වසල්ලම්) මෙසේ පැවසූහ: "මිනිසුන්ගේ හදවත් සෝදිසි කිරීමට මම අණ කරනු නොලැබුවෙමි. ඔවුන්ගේ ඇතුළාන්තය මම විවෘත කර නොබලමි. සැබැවින්ම මා අණ කරනු ලැබුවේ ඔවුන්ගේ කටයුතුවල බාහිරය සැලකිල්ලට ගන්නා ලෙසය." ඔහු නැවතත් ඔහු සිටිගෙන සිටිය දී ඔහු දෙස බලා මේ පිළිබඳව එතුමාණෝ මෙසේ පවසන්නට වූහ. "මෙම (මනුෂ්‍යයාගේ) පරම්පරාවෙන් හෝ ඔහුගේ සහගාමීන්ගෙන් හෝ ඔහුගේ ගෝත්‍රයෙන් අල්-කුර්ආනය ප්‍රසන්න ලෙස පාරායනය කරන පිරිසක් මතු වේ. කුර්ආනය අධිකව පාරායනය කිරීම හේතුවෙන් ඔවුන්ගේ දිව තෙතමනයට පත්ව තිබේ. නමුත් එය ඔවුන්ගේ උගුරෙන් ඔබ්බට නොයන අතර ඔවුන්ගේ හදවත් දුර්වල වී යයි. අල්ලාහ් ඔවුන්ව උසස් නොකරන අතර ඔවුන්ව පිළිගන්නේ ද නැත. ඊතලය ගොදුර හරහා ඉතා වේගයෙන් ගමන් කරන්නාක් මෙන් ඔවුහු ඉස්ලාමයෙන් බැහැරව යනු ඇත." එතුමාණෝ මෙය ද පැවසූ බව මම සිතමි. "මුස්ලිම්වරුන්ට එරෙහිව අසිපත ඔසවාගෙන ඔවුන් පිටත් වූ බවට මම දැන ගත්තේ නම්, සමූද් ප්‍රජාවට සිදු වූවාක් මෙන් මම ඔවුන් දැඩි සේ මරා දමමි."
03

Benefits

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සිහිනය හා හානිය හමුවේ එතුමාගේ ඉවසීම.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය හා සැබැවින්ම එතුමාණන්ට අල්ලාහ්ගේ දිව්‍ය වාක්‍යය පහළ වූ බවට සහතික කිරීම.
මිනිසුන් සමග කටයුතු කිරීමේ දී බාහිරව පෙනෙන දෑ අනුව කටයුතු කිරීම, ඔවුන්ගේ ඇතුළාන්තය අල්ලාහ් භාර ගනියි.
සලාතයේ වටිනාකම උත්කර්ෂවත් කිරීම. සැබැවින්ම සලාත් ඉටු කරන ජනතාව ඉස්ලාමයේ පවතින නිත්‍යානුකූල කරුණකට මිස ඝාතනය කරනු නොලබති.
දහමින් බැහැර ව යාමේ අනතුර. ඔවුන් සටන් කළේ නම් ඔවුන්ගේ හිංසාවෙන් වැළකීම සඳහා ඔවුන් සමග සටන් කිරීම ආගමානුගත කරන ලදී.
නවවි තුමා මෙසේ පැවසීය. ඔවුන් සමග සටන් කිරීමට දිරිගැන්වීම. ඔවුන් සමග සටන් කිරීමේ දී අලී (රළියල්ලාහු අන්හු) තුමාට හිමි වූ මහිමය.
අල් කුර්ආනය පරිශීලනය කිරීම, එය වටහා ගැනීම, ඒ අනුව කටයුතු කිරීම හා එය පිළිපැදීමේ වැදගත්කම.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...