අල්ලාහ් දෙවිඳාණන්ට වඩා තමන් සවන් දෙන වේදනාවක් මත ඉමහත්සේ ඉවසන කිසිවෙක් හෝ කිසිවක් හෝ නැත. සැබැවින්ම ඔවුන් ඔහුට දරුවකු ඇතැයි අමතති. නමුත් සැබැවින්ම ඔහු ඔවුනට ආරෝග්යමත්භාවය ලබා දෙයි. ඔවුනට පෝෂණය ලබා දෙයි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ් දෙවිඳාණන්ට වඩා තමන් සවන් දෙන වේදනාවක් මත ඉමහත්සේ ඉවසන කිසිවෙක් හෝ කිසිවක් හෝ නැත. සැබැවින්ම ඔවුන් ඔහුට දරුවකු ඇතැයි අමතති. නමුත් සැබැවින්ම ඔහු ඔවුනට ආරෝග්යමත්භාවය ලබා දෙයි. ඔවුනට පෝෂණය ලබා දෙයි.”
Explanation
“අල්ලාහ් වඩා සවන් දෙන වඩාත් වේදනා සහගත දෑ” යන ප්රකාශය වනාහි. “අල් අදා” යන්නෙහි තේරුම නපුර හෝ පිළිකුල් භාවය හේතුවෙන් එහි කටයුතු හීන වීම හා එහි බලපෑම දුර්වල වීමය. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් පවසන පරිදි ගැත්තන් ඔහුට හානියක් නොකරන්නේ යැයි ඔහු දන්වා සිටියි. “දේව ප්රතික්ෂේපයේ යුහුසුළුව කටයුතු කරන්නන් ඔබව දුකට පත් නොකළ යුතුයි. සැබැවින්ම ඔවුන් කිසි විටෙක කිසිවකින් අල්ලාහ්ට හානියක් ගෙන දෙන්නේ නැත.” දිව්යමය හදීසයක මෙසේ සඳහන් වේ. “අහෝ මාගේ ගැත්තනි. නුඹලා මට හිංසාවක් කළ නොහැක. නමුත් නුඹලා මට හිංසා කරන්නට බලන්නෙහුය. නුඹලා මට සෙතක් කළ නොහැක. නමුත් නුඹලා මට සෙත සලසන්නට බලන්නෙහුය.” සැබැවින්ම මැවීම්වලට ඔහුට කිසිදු හිංසාවක් කළ නොහැකි බවත් එසේ වේදනා ගෙන දෙන්නට බලනුයේ ඔවුන් බවත් පැහැදිලි කළේය.
“සැබැවින්ම ඔවුහු ඔහුට දරුවකු ඇතැයි අමතති.” යන ප්රකාශය වනාහි, සැබැවින්ම ආදම්ගේ පුතණුවන් අල්ලාහ්ගේ උත්තරීතරභාවයට හා ඔහුගේ පිවිතුරුකමට ඔහුට දරුවකු ඇතැයි ද ඔහුට පමණක් අවංකව නැමදුම් කළ යුතු වූ නැමදුමෙහි ඔහුට සමානයන් හා හවුල්කරුවන් අතැයි ද ඈඳා දොස් නගමින් හිංසා ඇති කරයි. “නමුත් සැබැවින්ම ඔහු ඔවුනට ආරෝග්යමත්භාවය ලබා දෙයි. ඔවුනට පෝෂණය ලබා දෙයි.” එනම්: නියත වශයෙන් උත්තරීතරයාණන් ඔවුන්ගේ නපුරුකම් හමුවේ ඔවුන් සමග උපකාරශීලීව කටයුතු කරයි. නමුත් ඔවුහු ඔහුට අඩුපාඩු හා දොස් නගමින් ඔහුගේ උසස් භාවය හා පිවිතුරුකම තර්කයට නගමින් ඔහුගේ දූතවරුන් බොරු කොට ඔහුගේ නියෝගයට පිටුපාමින්, ඔහු තහනම් කළ දෑ සිදු කරමින් ඔවුහු ඔවුනට නපුරුකම් කරති. නමුත් ඔහු ඔවුන්ගේ ශරීරයට සුවය ලබා දෙමින් ඔවුන්ගේ ලෙඩ රෝග සුව කරමින් ඔවුනට බාධා පමුණුවන දෑයින් ඔවුන්ව රාත්රියේ හා දහවලේ ආරක්ෂා කරමින් ඔවුන් සමග උපකාරශීලීව කටයුතු කරයි. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔවුනට වසග කර දෙමින් ඔවුනට පෝෂණය සපයයි. එය ඉවසීමේ, දයාලුභාවයේ හා උපකාරශීලීභාවයේ උච්චම අවස්ථාවයි. මැනවින් දන්නා අල්ලාහ්ය.!
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

