නුඹලා සඃද්ගේ එම වැළැක්වීම ගැන පුදුමයට පත් වන්නෙහු ද? අල්ලාහ් මත දිවුරා පවසමි. මම ඔහුට වඩා එය වළක්වන්නෙක්මි. මටත් වඩා අල්ලාහ් එය දැඩිසේ වළක්වන්නාය. අල්ලාහ්ගේ එම වැළැක්වීම හේතුවෙන් අශීලාචාර දැයින් ඉන් මතුවන දෑ ද, එහි අභ්යන්තරයේ ඇති දෑ ද තහනම් කරනු ලැබීය. අල්ලාගේ වැළැක්වීමට වඩා වෙනත් කිසිදු උසස් දෙයක් නැත.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල් මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. සඃද් ඉබ්නු උබාදා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසයි: ‘මාගේ බිරිය සමග තැනැත්තෙකු මා දුටුවේ නම් ඔහුට මම පහර දෙනුයේ අසිපතේ මුවහත් පැත්තෙන් මිස එහි පළල් පැත්තෙන් නොවේ. යැයි පැවසීය. ඒ ගැන අල්ලාහ්ගේ දූතයාණන්ට දැන ගන්නට ලැබිණ. පසුව එතුමා: “නුඹලා සඃද්ගේ එම වැළැක්වීම ගැන පුදුමයට පත් වන්නෙහු ද? අල්ලාහ් මත දිවුරා පවසමි. මම ඔහුට වඩා එය වළක්වන්නෙක්මි. මටත් වඩා අල්ලාහ් එය දැඩිසේ වළක්වන්නාය. අල්ලාහ්ගේ එම වැළැක්වීම හේතුවෙන් අශීලාචාර දැයින් ඉන් මතුවන දෑ ද එහි අභ්යන්තරයේ ඇති දෑ ද තහනම් කරනු ලැබීය. අල්ලාගේ වැළැක්වීමට වඩා වෙනත් කිසිදු උසස් දෙයක් නැත. නිදහසට හේතු දැක්වීමට අල්ලාහ්ට වඩා ඔහුට ප්රිය මනාප වෙනත් කිසිවකු නැත. ධර්ම දූතවරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ඔහු එව්වේ ඒ හේතුවෙනි. අල්ලාහ්ට ප්රශංසා කිරීමට වඩා ඔහුට ප්රියමනාප වෙනත් කිසිවකු නොවීය. ඒ හේතුවෙන් අල්ලාහ් ස්වර්ගය ප්රතිඥා වශයෙන් දුන්නේය”
Explanation
පසුව අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පැවසීය. “අල්ලාහ්ගේ තහනම හේතුවෙන් අශීලාචාර දෑ ඉන් මතුවන දෑ ද එහි අභ්යන්තරයේ ඇති දෑ ද තහනම් කරනු ලැබීය.” එනම්, අල්ලාහ් තහනම් කර ඇති බැවින් සැබැවින්ම ඔහුගේ ගැත්තන් අශීලාචාර දෑ වෙත ළඟා වීමෙන් වළක්වනු ලැබීය. එය පිවිතුරු ආත්මා ඇත්තන්හට හා මනා බුද්ධියක් ඇත්තන්හට දුරාචාරය වැනි අපරාධ බරපතල බව හා අශීලාචාර බව හැඟෙනු ඇත. මතුවන දෑ යනු: ප්රසිද්ධියේ සිදු කරන දෑ හා රහසිගතව වුව ද ශරීර අවයව ඍජුව සිදු කරන දෑ ඇතුළත් වන්නේය. අභ්යන්තර දෑ යනු: රහසේ සිදු කරන දෑ හා හදවත නැඹුරුතාවක් දක්වන දෑ ඇතුළත් වේ.
නිදහසට හේතු දැක්වීමට අල්ලාහ්ට වඩා ඔහුට ප්රිය මනාප වෙනත් කිසිවකු නැත. ධර්ම දූතවරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ඔහු එව්වේ ඒ හේතුවෙනි.” එහි අර්ථය. ‘ඔහුගේ මැවීම්වලට ඔහු දඬුවම් කිරීමට පෙර කරුණු ඉදිරිපත් කිරීම පිණිසත් අවවාද කිරීම පිණිසත් ධර්ම දූතවරුන් ඔහු එව්වේ ය. ඒ ගැන උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය මෙවැන්නක් විය. “දහම් දූතවරුන්ට, පසුව අල්ලාහ්ට එරෙහිව ජනයාට සාධකයක් නොවනු පිණිස, ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස පැමිණි දූතවරුන්ය.”
“අල්ලාහ්ට ප්රශංසා කිරීමට වඩා ඔහුට ප්රියමනාප වෙනත් කිසිවකු නොවීය. ඒ හේතුවෙන් අල්ලාහ් ස්වර්ගය ප්රතිඥා වශයෙන් දුන්නේය.” මෙය ඔහුගේ පූර්ණ යෙදුමකි. උත්තරීතර අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහුව පැසසුමට ලක් කරන ඔහුගේ භාග්යය හා ඔහුගේ උපකාරශීලීභාවයට ඔහුව ප්රශංසාවට ලක් කරන ගැත්තන් කෙරෙහි වැඩි මනාපයක් ඇත්තේය. ඒ හේතුවෙන් ඔවුන් ඔහුට ඒ වෙනුවෙන් ප්රශංසා කරන විට, සියලුම ආකාරයේ ආශිර්වාදයන් ඔවුනට පිරිනමා ඒවා ඔවුන් භුක්තිවිඳින්නට සළස්වා ඔවුන් ගැන ඔහු තෘප්තියට පත් වන්නේය. ඒ සමගම ඔවුහුද ඔහුට ප්රශාංසා කරති. පැසසුමට ලක් කරති. ප්රශංසාවට හා පැසසුමට සුදුසු දෑ වෙත ඔවුනට සේන්දු විය නොහැකිය. එබැවින් ඔහු ඔහුටම ප්රශංසා කර ගනී. ඔහුගෙන් අධිකව පතන බැවින් ද ඔහුගේ ගැත්තන් ඔහුට ප්රශංසාවට හා පැසසුමට ලක් කරන බැවින් ද ස්වර්ගය ලබා දෙන බවට පොරොන්දු විය. ඔවුහු තමන්ට හැකි පමණින් උපරිමයෙන්ම එහි පරිශ්රමය යොදති. ඊට හේතුව සැබැවින්ම ස්වර්ගය ආශිර්වාද අතරින් අවසානය වන බැවිණි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

