افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#8284[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

නුඹ සමග සම්බන්ධකම් පවත්වන්නන් සමග මා සම්බන්ධකම් පැවැත්වීමත් නුඹ සමග සම්බන්ධකම් බිඳ දමන්නන් සමග මා ද සම්බන්ධකම් බිඳ දැමීමත් ගැන නුඹ තෘප්තියට පත් නොවන්නෙහු ද?

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ් මැවීම් මැව්වේය. එය නිමා කළ කල්හි, ලේ ඥාතීත්වය නැගී සිට මහාකාරුණිකයාණන්ගේ ඉණෙන් අල්ලාහ් ගත්තේය. එවිට ඔහු: “කුමක් සිදුවී ද?”යැයි එයින් විමසීය. එය: “සම්බන්ධකම් බිඳ දැමීමෙන් ඔබෙන් ආරක්ෂාව පතන ස්ථානයයි මෙය” යැයි පැවසීය. ඔහු: “නුඹ සමග සම්බන්ධකම් පවත්වන්නන් සමග මා සම්බන්ධකම් පැවැත්වීමත් නුඹ සමග සම්බන්ධකම් බිඳ දමන්නන් සමග මා ද සම්බන්ධකම් බිඳ දැමීමත් ගැන නුඹ තෘප්තියට පත් නොවන්නෙහු ද?”යැයි විමසීය. එය: එසේය, මාගේ පරමාධිපතියාණනි! එසේ විය යුත්තකි.” අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තවදුරටත් නුඹලා කැමතිනම් “නුඹලාට පිටුපෑමට බලය දෙනු ලැබුවේ නම්, මහපොළොවේ නුඹලා කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද?” යන පාඨය කියවනු. බුහාරි හි සඳහන් තවත් වාර්තාවක උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර ඇත. “කවරෙකු ඔබ සමඟ සම්බන්ධකම් පවත්වන්නේ ද මම ද ඔහු සමග සම්බන්ධකම් පවත්වමි. කවරෙකු ඔබව කපා හැරියේ ද මම ද ඔහුව කපා හරිමි.”
02

Explanation

“අල්ලාහ් මැවීම් මැව්වේය. එය නිමා කළ කල්හි” යන ප්රකාශය වනාහි, එනම්, සියලු මැවීම් මවා අවසන් කළ කල්හි යන්නයි. ඒ සියල්ල නියමිත වේලාවක සිදු වී ඇති බව මෙය පෙන්වා දෙයි. උත්තරීතර අල්ලාහ් තම ශක්තිය සීමා රහිත වුව ද ඔහුගේ යම් ප්රඥාවක් හේතුවෙන් එය නියමිත වේලාවක අවසන් කළේය. ඔහු කිසිදු කරුණක් ගැන සැළකිලිමත් වන කෙනෙකු නොවේ. නමුත් සැබැවින්ම ඔහුගේ ක්රියාවන් ඔහුගේ අභිමතය සමග බැඳී ඇති බවත් යමක් කිරීමට ඔහු අපේක්ෂා කළේ නම් එය ඔහු සිදු කරන බවත් මෙය පෙන්වා දෙයි.
‘නිමා කළ කල්හි’ යන ප්රකාශයේ අර්ථය සැබැවින්ම උත්තරීතරයාණන් සියලු දෑහී මැවීම් අවසන් කර ඇතැයි යන වග නොවේ. ඔහුගේ මැවීම් එකින් පසු එකක් ලෙස දැක ගත හැකි වේ. නමුත් ඒවා පිළිබඳ දැනුමත් ඒවාට නියමිත නියමයන් හා ඒවා පිළිබඳ ඔහුගේ සටහන් කල් ඇතිව නියම වී පැවතිනි. පසුව ඔහුගේ අභිමතය අනුව එය සිදු වනු ඇත. ඔහුගේ පෙර දැනුම, ඔහුගේ සැළසුම, ඔහුගේ සටහන් කිරීම හා ඔහුගේ අභිමතය යනාදියෙන් තොරව කිසිවක් දැක ගන්නට නොලැබෙනු ඇත.
“ලේ ඥාතීත්වය නැගී සිට මහාකාරුණිකයාණන්ගේ ඉණෙන් අල්ලාහ් ගත්තේය. එවිට ඔහු: “කුමක් සිදුවී ද?” යැයි එයින් විමසීය.” මෙම ක්රියාවන් ලේ ඥාතිත්වය යන පදය සමග සම්බන්ධ කරනු ලැබ, ක්රියාවෙන් හා ප්රකාශයෙන් යුක්ත වන්නේය. හදීසය මතුපිටින් පෙනෙන අදහස ඥාතීත්වය මිනිසුන් විසින් ක්රියාත්මක කිරීම යන අර්ථයෙන් වුව ද මතුපිටින් පෙනෙන නියම අදහස එයම වෙයි. නමුත් අල්ලාහ්ගේ බලය මිනිස් බුද්ධියට වැටහෙන අයුරින් අනුකූල නොවන්නේය. මෙම හදීසය විද්වතුන් පෙන්වා දෙන පරිදි එය සඳහන් වූ අයුරින්ම ගෙන යා යුතු බවය. එය නැතැයි පවසන්නන්හට ඔවුන් ප්රතිචාර දක්වා ඇත. මෙය සමස්තයක් වශයෙන් අල්ලාහ්ගේ ගුණාංග පිළිබඳ පැවසෙන හදීසයකි. හදීසයේ මතු පිටින් පෙනෙන පරිදි හමින් හෝ ලෝම වලින් හෝ කපුවලින් සාදන ලද මිනිසා අඳින වේට්ටියක් හෝ සළුවක් වැනි ඇදුම් වර්ගයක් අල්ලාහ් සතුව ඇතැයි යන අදහස දරන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “ඔහු මෙන් කිසිවක් නැත. ඔහු සර්ව ශ්රාවකය සර්ව නිරීක්ෂකය.”
“සම්බන්ධකම් බිඳ දැමීමෙන් ඔබෙන් ආරක්ෂාව පතන ස්ථානයයි මෙය” වේ යන ප්රකාශය වනාහි, එය වඩාත් බලවත් ස්ථානයකි. මහත්සේ ආරක්ෂාව පතන්නා ඉමහත් සේ ආරක්ෂාව පතයි. ඥාතී සම්බන්ධකම් පැවැත්වීම වෙනුවෙන් ගරුබුහුමන් කිරීම හා එය බිඳ දැමීමේ බරපතලකම මෙය පෙන්වා දෙයි. බිඳ දැමීම යනු සම්බන්ධකම් බිඳ දැමීමය. සම්බන්ධකම් පැවැත්වීම යනු ඥාතීන් හට උපකාරශීලීව කටයුතු කිරීම, ඔවුනට සෙනෙහස පෑම, ඔවුනට සමීප වීම, ඔවුනට උදව් කිරීම, ඔවුනට අත්වන දුෂ්කරතා ඉවත් කිරීම, මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ඔවුනට ප්රයෝජනවත් වන දෑ හිමිවීම ගැන කැමැත්ත දැක්වීම යනාදියයි.
“නුඹ සමග සම්බන්ධකම් පවත්වන්නන් සමග මා සම්බන්ධකම් පැවැත්වීමත් නුඹ සමග සම්බන්ධකම් බිඳ දමන්නන් සමග මා ද සම්බන්ධකම් බිඳ දැමීමත් ගැන නුඹ තෘප්තියට පත් නොවන්නෙහු ද?” එනම් කවරෙකු තම ඥාතීන් සමග සම්බන්ධකම් පවත්වන්නේ ද අල්ලාහ් ඔහු සමග සම්බන්ධකම් පවත් වනු ඇත. අල්ලාහ් කවරෙකු සමග සම්බන්ධකම් පැවැත්වූයේ ද මෙලොව හා මතුලොව සියලු ආකාරයේ සතුට හා යහපත වෙත සේන්දු කරවනු ඇත. එහි අවසානය ඔහුගේ පරමාධිපති සමග ෆිර්දවුස් නම් ස්වර්ගයේ අසළින් සිටීමය. සැබැවින්ම සම්බන්ධකම් පැවැත්වීම එයින් මිස අවසන් වන්නේ නැත. එවිට ඔහු ඔහුගේ පරමාධිපතිගේ ගෞරවනීය මුහුණ දෙස බලයි. නමුත් කවරෙකු ඔහුගේ සම්බන්ධකම් කපා හැරියේ ද අල්ලාහ් ඔහු සමග වූ සම්බන්ධකම් කපා හරිනු ඇත. අල්ලාහ් කවරෙකුගේ සම්බන්ධකම් කපා හැරියේ ද ඔහු අල්ලාහ්ගේ සතුරා වන නෙරපා හරින ලද ෂෙයිතාන් සමගම කපාහරිනු ලැබූවකු වන්නේය.

Attribution

[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...