“මුල් කාලීන නබිවරුන්ගේ ප්‍රකාශ අතරින් මිනිසා ලබා ගත් කරුණක් වනුයේ 'ඔබට ලැජ්ජ නොමැති නම්, ඔබ කැමති දෑ කරනු යන්නය
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මස්ඌද් උක්බා ඉබ්නු අම්ර් අල්-අන්සාරී අල්-බද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මුල් කාලීන නබිවරුන්ගේ ප්‍රකාශ අතරින් මිනිසා ලබා ගත් කරුණක් වනුයේ 'ඔබට ලැජ්ජ නොමැති නම්, ඔබ කැමති දෑ කරනු යන්නය."
Explanation
Benefits
ලැජ්ජාව යනු නබිවරුන්ගේ ගුණාංගයකි. එය ඔවුන්ගෙන් උරුම වූවකි.
යහපත් අලංකාර දෑ සිදු කිරීමටත්, කිලිටි අශීලාචාර දෑ අත්හැරීමටත් මුස්ලිම් පුද්ගලයකුව යොමු කරනුයේ ලැජ්ජාව ය.
නවවි තුමා මෙසේ පවසයි: මෙහි දක්නට ඇති නියෝගය, අවසර සහිත නියෝගයකි. එනම්: ඔබ යමක් කරන්නට අපේක්ෂා කළ විට, එය කළේ නම් ඔබ අල්ලාහ් ගැන හෝ මිනිසුන් ගැන හෝ ලැජ්ජා නොවන්නේ නම්, එය ඔබ සිදු කරන්න. එසේ නැතිනම් එය නො කරන්න. ඉස්ලාමයේ පදනම එයයි. එය පෙන්වා දෙනුයේ, නියෝග කරනු ලැබූ අනිවාර්යය දෑ හා නිර්දේශ කරනු ලැබූ දෑ නොසළකා හැරීම ගැන ලැජ්ජාවීම හා වළක්වනු ලැබූ තහනම හා පිළිකුල් සහගත දෑ සිදු කිරීමට ලැජ්ජා වීම ය. අනුමත දෑ වනාහි, එය සිදු කිරීමට අනුමැතිය ඇති සේම අත්හැරීමට ද අවසරය ඇත. මෙම හදීසයේ මෙම නීති පහම ඇතුළත්ව ඇත. එමෙන්ම එය අවවාදාත්මක නියෝගයක් බවද සඳහන් වී ඇත. ඉන් අදහස් කරනුයේ ඔබට ලැජ්ජාවක් නොමැතිනම් ඔබ කැමති දෑ කරන්න. සැබැවින්ම අල්ලාහ් ඔබට අවසර දී ඇත යන්නය තවත් ප්‍රකාශයක් අනුව එය දැනුම් දීමේ අර්ථය සමග වූ නියෝගයකි. එනම්, ලැජ්ජාවක් නැති තැනැත්තා ඔහු කැමතිනම් එය සිදු කරනු ඇත යන්නය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

