HadeethEnc · 1.24.0
මම ගමන් කරමින් සිටිය දී අහසින් නිකුත් වූ හඬකට සවන් දුනිමි. මාගේ බැල්ම ඉහළට එසවිනි. එවිට හිරා ගුහාවේ මා වෙත පැමිණි මලක් (සුරදූතයා) අහස හා මහපොළොව අතර ඇති ආසනයක වාඩි වී සිටියේය
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අබූ සලමා බින් අබ්දිර් රහ්මාන් තුමා විසින් වාර් තා කරන ලදී. සැබැවින්ම ජාබිර් බින් අබ්දිල්ලාහ් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හුමා) තුමා දිව්‍ය පණිවිඩ පහළ වූ කාලය ගැන කතා කරමින් ඔහුගේ කතාවේ මෙසේ පැවසීය: මම ගමන් කරමින් සිටිය දී අහසින් නිකුත් වූ හඬකට සවන් දුනිමි. මාගේ බැල්ම ඉහළට එසවිනි. එවිට හිරා ගුහාවේ මා වෙත පැමිණි මලක් (සුරදූතයා) අහස හා මහපොළොව අතර ඇති ආසනයක වාඩි වී සිටියේය. ඔහු ගැන මා බියට පත් ව, හැරී ගොස් 'මා පොරවා දමන්න' යැයි පැවසුවෙමි. එවිට උත්තරීතර අල්ලාහ් "යා අය්යුහල් මුද්දස්සිර් යන (සූරා අල්-මුද්දස්සිර්හි 1 වැනි වැකියේ සිට) "වර්-රුජ්ස ෆහ්ජුර්" (සූරා අල්-මුද්දස්සිර්හි 5 වැනි වැකිය දක්වා) පහළ කළේය. ඉන්පසු දිව්‍ය හෙළිදරව්ව තීව්‍ර වී දිගටම පැවතුනි.
02
Explanation
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිව්‍ය පණිවිඩ තමන් වෙත පහළ වූ ආරම්භ කාලයේ එය යම් කාලයක් විසන්ධි වී තිබීම හා නතර වී තිබීම ගැන කතා කරමින් මෙසේ පැවසූහ: "මම මක්කාවේ මංතීරුවක ගමන් කරමින් සිටිය දී අහසින් නිකුත් වූ හඬකට සවන් දුනිමි. මාගේ බැල්ම ඉහළට ඔසවා බැලුවෙමි. එවිට හිරා ගුහාවේ මා වෙත පැමිණි මලක් (සුරදූතයා) අහස හා මහපොළොව අතර ඇති ආසනයක වාඩි වී සිටියේය. ඔහු ගැන මා බියට පත් ව, ත්‍රාසයට පත්වූයෙමි. පසුව මම මාගේ පවුල වෙත හැරී ගොස් 'රෙදිකඩකින් මා පොරවන්නැ'යි පැවසුවෙමි." එවිට උත්තරීතර අල්ලාහ් "යා අය්යුහල් මුද්දස්සිර්" රෙදිකඩින් පොරවාගෙන සිටින්නානනි, "කුම්" ප්‍රචාරක කටයුතු සඳහා ඔබ නැගී සිටින්න. "ෆඅන්දිර්" ඔබේ දූත පණිවිඩය විශ්වාස නොකරන අයට ඔබ අවවාද කරන්න." යන වැකි පහළ කළේය. "වරබ්බුක" තවද නැමදුමට සුදුසු ඔබේ දෙවිඳාට "ෆකබ්බිර්" ප්‍රශංසා කර ගරු බුහුමන් කරන්න. "වසියාබක" තවද ඔබේ වස්ත්‍රය "ෆතහ්හිර්" කිලිටි දැයින් පිරිසිදු කර ගන්න. "වර්-රුජ්ස" පිළිම හා පිළරූ නැමදීමෙන් දුරස් ව සිටින්න. "ෆහ්ජුර්" ඒවා අත්හැර දමන්න. ඉන් පසු වහී බලවත් විය. අධිකව පහළ වන්නට ගත්තේය.
03
Benefits
"ඉක්රඃ" ඔබ කියවන්න යන පාඨ කිහිපය පහළ වූවායින් පසු මද කලක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත දිව්‍ය පණිවිඩ පහළ වීම නතර විය.
සර් වබලධාරී අල්ලාහ්ට කෘතඥතාව පළ කිරීමක් ලෙස, පුද්ගලයෙකුට තමන් අත්විඳින ලද දුෂ්කරතා ගැන කතා කිරීමට අවසර ඇත.
"ඉක්රඃ බිස්මි රබ්බිකල්ලදී කඃලක්" යන පාඨ පහළ වීමෙන් පසු පළමුව පහළ වූ අල්ලාහ්ගේ පාඨය වනුයේ "යා අය්යුහල් මුද්දස්සිර්" වේ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙලොවින් සමුගන්නා තෙක්ම දිව්‍ය පණිවිඩ නතර නොකර අඛණ්ඩව පහළ කරවීම තුළින් උත්තරීතර අල්ලාහ් එතුමාන් කෙරෙහි දැක්වූ භාග්‍යය.
උත්තරීතර අල්ලාහ් වෙත ඇරයුම් කිරීම, එය ප්‍රතික්ෂේප කරන්නන් හට කෙරී ඇති අවවාදය හා එයට අවනත වී ක්‍රියා කරන්නන් හට කෙරී ඇති ශුභාරංචිය.
සලාතය සඳහා අඳින ඇඳුම පිරිසිදුව තබා ගත යුතුය. ඒ සඳහා පෙන්වා දෙන සාධකය වනුයේ "ඔබේ වස්ත්‍රය පිරිසිදු කර ගන්න"
මලක්වරුන් විශ්වාස කළ යුතු අතර අල්ලාහ් ඔවුන්ට ඉටු කිරීමට හැකියාව ලබා දී ඇති කාර් යයන් සහ අනෙකුත් දේවල් කෙරෙහිත් විශ්වාස කළ යුතුය.

Attribution
[متفق عليه]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares