HadeethEnc · 1.24.0
“යමෙක් මෙලොවදී දඬුවම් ලැබිය යුතු වරදක් කර ඔහුගේ දඬුවම මෙලොවෙහි කල් ඇතිව දෙනු ලැබුවේ නම්, අල්ලාහ් තම ගැත්තාට මතුලොවෙහි එම දඩුවම දෙවන වරට නො දෙන තරමට ඔහු සාධාරණනීය ය
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “යමෙක් මෙලොවදී දඬුවම් ලැබිය යුතු වරදක් කර ඔහුගේ දඬුවම මෙලොවෙහි කල් ඇතිව දෙනු ලැබුවේ නම්, අල්ලාහ් තම ගැත්තාට මතුලොවෙහි එම දඩුවම දෙවන වරට නො දෙන තරමට ඔහු සාධාරණනීය ය. යමෙක් දඬුවම් ලැබිය යුතු වරදක් කර පසුව අල්ලාහ් එය සඟවා ඔහුට සමාව දුන්නේ නම්, ඔහු සමාව දුන් දෙයකට ආපසු යාමට නො හැකි තරම් ත්‍යාගශීලී ය."
02
Explanation
කාම අපචාරයේ යෙදීම, සොරකම වැනි නිත්‍යානුකූල දඬුවමක් ලැබිය යුතු වරදක් කිසියම් හෝ කෙනෙකු සිදු කර, පසුව ඔහුගේ දඬුවම පිළිගෙන මෙලොවෙහි ඔහු කෙරෙහි ඒ සඳහා වන දණ්ඩ නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ නම්, ඔහුගෙන් එම පාපය එම දඬුවම තුළින් පහ කරනු ඇත. මතුලොවෙහි ඒ සඳහා වන දඬුවම ඔහුගෙන් ඉවත් ව යනු ඇත. මක්නිසාදයත් අල්ලාහ් තම ගැත්තාට දෙවතාවක් දඬුවම් දීමට වඩා මහා කාරුණකිය ත්‍යාගශීලීය. අල්ලාහ් එය සඟවා එම පාපයට දඬුවම් දෙනු නොලැබුවේ නම්, ඔහුගෙන් අල්ලාහ් ඉවත් කර ඔහුට සමාව දෙනු ඇත. එසේ අල්ලාහ් නොසලකා හැර, සමාව දුන් පාපයකට නැවතත් දඬුවමක් දීමට වඩා ඔහු ශ්‍රෙෂ්ඨ ය, ත්‍යාගශීලී ය."
03
Benefits
අල්ලාහ්ගේ යුක්තිය, ඔහුගේ ත්‍යාගශීලීභාවය හා ඔහුගේ කරුණාවේ විශාලත්වය.
මෙලොවෙහි ක්‍රියාත්මක කරනු ලබන දඬුවම පාපයට ප්‍රතිකර්මයක් වනු ඇත.
දඬුවම නියම වන පාපයක් සිදු කර, අල්ලාහ් එය සැඟවීම තුළින් තමන් තුළම එය සැඟවී ගිය විට, යහපත් අයුරින් පාපක්ෂමාවේ නිරත වීම සඳහා ඔහු යුහුසුළු විය යුතුය.
මෙලොවෙහි ක්‍රියාත්මක කරනු ලබන දඬුවම පාපයට ප්‍රතිකර්මයක් වනු ඇත.
දඬුවම නියම වන පාපයක් සිදු කර, අල්ලාහ් එය සැඟවීම තුළින් තමන් තුළම එය සැඟවී ගිය විට, යහපත් අයුරින් පාපක්ෂමාවේ නිරත වීම සඳහා ඔහු යුහුසුළු විය යුතුය.
Attribution
[رواه الترمذي وابن ماجه]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

