HadeethEnc · 1.24.0
මාගේ සමූහයා අතරින් පිරිසක් ඔවුන් ප්‍රමුඛයෝ (ජයග්‍රාහී) ලෙස සිටියදී අල්ලාහ්ගේ නියෝගය (අවසන් හෝරාව) ඔවුන් වෙත පැමිණෙන තෙක් ප්‍රමුඛයින් (ජයග්‍රාහී) ලෙසම සිටිනු ඇත
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අල්-මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: මාගේ සමූහයා අතරින් පිරිසක් ඔවුන් ප්‍රමුඛයෝ (ජයග්‍රාහී) ලෙස සිටියදී අල්ලාහ්ගේ නියෝගය (අවසන් හෝරාව) ඔවුන් වෙත පැමිණෙන තෙක් ප්‍රමුඛයින් (ජයග්‍රාහී) ලෙසම සිටිනු ඇත.
02
Explanation
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: මාගේ සමූහයා අතරින් පිරිසක් ඔවුනට විරුද්ධව කටයුතු කරන්නන් මත ආක්‍රමණය කරමින් ඔවුන් ප්‍රමුඛයෝ ලෙස සිටියදී අවසන් හෝරාව පැමිණීමට පෙර ලොවේ අවසන් කාලයේ ඔවුන්ගේ ආත්මාව අත්පත් කර ගන්නට අල්ලාහ්ගේ නියෝගය ඔවුන් වෙත පැමිණෙන තෙක් එලෙසම සිටිනු ඇත.
03
Benefits
මෙය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතු වූ පැහැදිලි ප්‍රාතිහාර්යකි. එතුමාණන් විස්තර කළ දෑ එපරිද්දෙන්ම අල්ලාහ්ගේ ප්‍රශංසාව තුළින් එතුමාණන්ගේ කාලයේ සිට අද දක්වාම දක්නට ලැබේ. එලෙසම හදීසයේ සඳහන් පරිදි අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන තෙක්ම එය දිගටම පවතිනු ඇත.
සත්‍යය මත ස්ථාවරව සිටීමේ හා ඒ අනුව කටයුතු කිරීමේ මහිමය හා ඒ සඳහා දිරි ගැන්වීම.
දහමේ නිරූපණය වර්ග දෙකකින් පවතී. එකක් තර්කය, පැහැදිලි කිරීම් හා විස්තර කිරීම් තුළින් නිරූපනය වන දෑය. දෙක බලය හා නීතිය තුළින් නිරූපණය වන දෑය. තර්කයෙන් හා පැහැදිලි කිරීමෙන් අදටත් නිරූපණය වන සාධකයක් ඇත. එය ඉස්ලාමයේ බලවත්ම සාධකය වන අල් කුර්ආනයයි. එය පැහැදිලිව දක්නට ඇත. එය අනෙකුත් සියලු දෑ මත ආධිපත්‍යය දරයි. නමුත් නිරූපණය වන දෙවන වර්ගය වනාහි, බලය හා නීතිය මතු වීමය. එය දේව විශ්වාසය හා මහපොළොව බල ගැන්වීම මත පිහිටයි.

Attribution
[متفق عليه]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares