HadeethEnc · 1.24.0
අහෝ අල්ලාහ්, මම ද මනුෂ්‍යයෙකි. මුස්ලිම්වරුන් අතරින් කිසියම් තැනැත්තෙකුට මම බැණ වැදුණේ නම් හෝ ශාප කළේ නම් හෝ කසපහර දුන්නේ නම් හෝ ඔහුට එය දානයක් සහ දයාවක් බවට පත් කරනු මැනව!
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී. "අහෝ අල්ලාහ්, මම ද මනුෂ්‍යයෙකි. මුස්ලිම්වරුන් අතරින් කිසියම් තැනැත්තෙකුට මම බැණ වැදුණේ නම් හෝ ශාප කළේ නම් හෝ කසපහර දුන්නේ නම් හෝ ඔහුට එය දානයක් සහ දයාවක් බවට පත් කරනු මැනව!"
02
Explanation
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රාර් ථනා කර සිටියහ: "අහෝ අල්ලාහ්, මම ද මනුෂ්‍යයෙක් වෙමි. මිනිසුන් කෝප වනවාක් මෙන් මම ද කෝපයට පත්වෙමි. කිසියම් මුඃමින්වරයකුට මම හිංසාවක් කළේ නම් හෝ දොස් නැගුවේ නම් හෝ බැණ වැදුණේ නම් හෝ ශාප කළේ නම් හෝ ඔබේ දයාවෙන් නෙරපාලන්නට ප්‍රාර් ථනා කළේ නම් හෝ කසපහර පිරිනැමුවේ නම් හෝ පහර දුන්නේ නම් හෝ එය ඔහුට දානයක් දයාවක් පිවිතුරු කිරීමක් ප්‍රතිකර්මයක් හා එමගින් කරුණාව ලබන ආශිර්වාදයක් බවත් පත් කරනු මැනව!
03
Benefits
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණණ්ගේ උදාර චරිතය.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: "මෙම හදීසයේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම ප්‍රජාව වෙත තබා ඇති කරුණාවේ පරිපූර් ණත්වය, එතුමාණන්ගේ සුන්දර ගතිගුණ සහ සිදු වූ දෙයට වන්දි සහ ගෞරවයෙන් ප්‍රතිචාර දැක්වීමට අදහස් කිරීමෙන් එතුමාණන්ගේ පැවැත්මේ උදාරත්වය පිළිඹිබු කරයි."
අන්-නවවි තුමා මෙසේ පැවසීය: "ප්‍රාර් ථනා කිරීමට සුදුසු නැති, අපහාස කිරීමට හෝ ශාප කිරීමට හෝ ඒ හා සමාන යමක් කිරීමට සුදුසු නැති කෙනෙකුට ප්‍රාර් ථනා කරන්නේ කෙසේද?" ඒ සම්බන්ධ පිළිතුර විද්වතුන් විසින් ලබා දී ඇත. එහි සාරාංශය අංශ දෙකකින් පිහිටයි. පළමුවැන්න: ඉන් අදහස් කරන්නේ සර් ව බලධාරී අල්ලාහ් ඉදිරියෙහි සහ අභ්‍යන්තර විෂයයෙහි ඔහු එයට සුදුසු නොවන බවයි. නමුත් බාහිරව ඔහු එයට සුදුසුකම් ලබයි. එබැවින් එතුමාණන්ට එය පෙනී ගියේ ආගමානුකූල අධිකාරියක් මගින් ඔහු එයට සුදුසුකම් ලබන අතර අභ්‍යන්තර විෂයයෙහි ඔහු එයට සුදුස්සකු නොවන බවය. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අණ කරනු ලැබුවේ බාහිරින් විනිශ්චය කිරීමට පමණි. එහි අභ්‍යන්තර අල්ලාහ් භාර ගනු ඇත. දෙවැන්න: ශාප කිරීම සහ යාඥා කිරීම වැනි දේ අරමුණක් නොමැතිව සිදු කිරීම. එය අරාබිවරුන් අරමුණක් නොමැතිව සිරිතක් ලෙස කරන කතාව හා සමානය. උදාහරණයක් ලෙස: “තරිබත් යමීනුක" (ඔබේ දකුණු අත දූවිල්ලෙන් වැනසී ගියා වේ), "අක්රා හඃල්කා" (වඳ වී උගුර කැපී ගියා වේ), මෙම හදීසයේ සඳහන් "ලා කබුරත් සින්නුක" (ඔබේ වයස වැඩි නොවේවා) සහ මුආවියා තුමාගේ වාර් තාවේ සඳහන් "ලා අෂ්බඅල්ලාහු බත්නක" (අල්ලාහ් කිසිදා ඔබේ කුස නොපිරේවා) යනාදිය පෙන්වා දිය හැක. සැබෑ ප්‍රාර් ථනාවක් ඔවුන් මින් අරමුණු කර ගත්තේ නැත. නමුත් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඉන් යමකට පිළිතුරු දෙනු ලබන්නට හැකි යැයි බිය වූ බැවින් එතුමාණෝ තම පරමාධිපතිගෙන් ඉල්ලා සිටියේ එය දයාවක්, සමාවක්, සමීපවීමක්, පිවිතුරු කිරීමේ මාධ්‍යයක් සහ විපාකයක් බවට පත් කරන ලෙස ය. මෙවැන්නක් එතුමාණන්ගෙන් සිදු වූයේ දුර් ලභ හා අසාමාන්‍ය ලෙසය. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අශීලාචාර අසභ්‍ය ශාප කරන්නෙකු හෝ පළිගන්නෙකු හෝ නොවූහ.

Attribution
[متفق عليه]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares