افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65787[صحيح]
HadeethEnc · 1.24.0

මෙලොව සියලු දෑට වඩා මා වෙත ප්‍රිය මනාප වදනක් මට පහළ කරන ලද්දේය" යැයි පැවසූහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අනස් බින් මාලිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය: ඔවුන් හුදෙයිබියා හි නියමිත සත්ව කැපය පිරිනමා, දුක හා මානසික අවපීඩනය මුසු වූ තත්ත්වක හුදෙයිබියාවේ සිට නැවත හැරී එන අවස්ථාවේ "ඉන්නා ෆතහ්නා ලක ෆත්හන් මුබීනන් ලියග්ෆිර ලකල්ලාහු" යන ප්‍රකාශයේ සිට "ෆව්සන් අලීමා" දක්වා වූ (සූරා අල්-ෆත්හ් 1-5) පාඨ පහළ වූ කල්හි එතුමාණෝ: "මෙලොව සියලු දෑට වඩා මා වෙත ප්‍රිය මනාප වදනක් මට පහළ කරන ලද්දේය" යැයි පැවසූහ.
02

Explanation

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ දන්වා ඇත. ඇත්තෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත උත්තරීතර අල්ලාහ්ගේ පහත සඳහන් ප්‍රකාශය පහළ වූ කල්හි: {إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُبِينًا (١) لِيَغْفِرَ لَكَ اللَّهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَاطًا مُسْتَقِيمًا (٢) وَيَنْصُرَكَ اللَّهُ نَصْرًا عَزِيزًا (٣) هُوَ الَّذِي أَنْزَلَ السَّكِينَةَ فِي قُلُوبِ الْمُؤْمِنِينَ لِيَزْدَادُوا إِيمَانًا مَعَ إِيمَانِهِمْ وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا (٤) لِيُدْخِلَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَكَانَ ذَلِكَ عِنْدَ اللَّهِ فَوْزًا عَظِيمًا} [الفتح: ١-٥]
"1. (අහෝ නබිවරය!) නියත වශයෙන්ම අපි නුඹට ප්‍රකට ජයක් ලබා දුනිමු. 2. නුඹේ පෙර සිදු වූ හා පසු සිදු වූ පාපයන් සඳහා අල්ලාහ් නුඹට සමාව දෙනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය නුඹ වෙත සම්පූර්ණ කරනු පිණිසත් ඍජු මාර්ගය වෙත නුඹට ඔහු මග පෙන්වනු පිණිසත්ය. 3. තවද අති මහත් උපකාරයකින් අල්ලාහ් නුඹට උදව් කරනු පිණිසත් ය. 4. දේවත්වය විශ්වාස කරන්නන්ගේ සිත් තුළට ඔවුන්ගේ විශ්වාසය සමගම විශ්වාසය වැඩි කර ගනු පිණිස ශාන්තභාවය පහළ කළේ ඔහුය. අහස්හි හා මහපොළොවේ සේනාවන් අල්ලාහ් සතුය. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය. 5. තවද ඔහු දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන්, ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරනු පිණිසත්ය. ඔවුන් එහි සදාතනිකයින්ය. තවද ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු කමා කරනු පිණිසත්ය. එය අල්ලාහ් අබියස අතිමහත් ජයග්‍රහණයයි."
එය හුදෙයිබිය්යා සිට නැවත හැරී පැමිණෙන මෙහොතේය. ඒ වන විට දුක ශෝකය හා මානසික බිඳ වැටීම් සහාබාවරුන් සමග මුසු ව තිබුණි. එය ඔවුන් අතර හා උම්රා ඉටු කිරීම අතර බාධකයක් හට ගැනුනු බැවිනි. ඊට හේතුව එහි දී සාම ගිවිසුමක් ඇති වුව ද එය මුස්ලිම්වරුන්ගේ යහපත උදෙසා පිහිටියේ නැතැයි ඔවුන් සිතූ බැවිනි. තවද ගෙන ගිහ සත්ව කැපයන් හුදෙයිබියාහි ම කපා දැමූවෝය. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසුහ. මෙලොව ඇති සියලු දෑට වඩා මා වෙත ප්‍රිය මනාප වදනක් මට පහළ කරන ලද්දේය" යැයි පවසා එය පාරායනය කළහ.
03

Benefits

සර්වබලධාරී උත්තරීතර අල්ලාහ් තම නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට හුදෙයිබිය්යා සාම ගිවිසුමේ දී ජය ලබා දෙමින් එතුමාණන්ට පිරිනැමූ ඉමහත් ආශිර්වාදයන් පිළිබඳ පැහැදිලි කිරීම. එය "(අහෝ නබිවරය!) නියත වශයෙන්ම අපි නුඹට ප්‍රකට ජයක් ලබා දුනිමු." යන පාඨය ප්‍රකාශ කිරීම තුළිනි.
සහාබාවරුන් හට උත්තරීතර අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයන් ගැන පැහැදිලි කිරීම. එය ඔවුන් එතුමාණන්ගේ නියෝගයට යටහත් වී අවනත වූ කල්හි, "තවද ඔහු දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරනු පිණිසත්ය." යන උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය පහළ කිරීම තුළිනි.
ජයග්‍රහණය හා උපකාරය පිරිනමන බවට ප්‍රතිඥා දෙමින් තම නබිවරයාට හා දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ට දැක්වූ අල්ලාහ්ගේ භාග්‍යය පැහැදිලි කිරීම.
අස්-සඃදී තුමා තම අල්කුර්ආන් විග්‍රහයෙහි මෙම පාඨයට මෙසේ අදහස් දක්වා ඇත: (අහෝ නබිවරය!) නියත වශයෙන්ම අපි නුඹට ප්‍රකට ජයක් ලබා දුනිමු." යන පාඨයේ "ජය" යනු සඳහන් කරන ලද ජයග්‍රහණය එය හුදෙයිබිය්යා ගිවිසුමයි. දිගු කථාවක සඳහන් පරිදි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උම්රා ඉටු කිරීම සඳහා පැමිණි කල්හි, මිථ්‍යා දෘෂ්ටික බහුදේව වාදීන් එතුමාණන්ව ඉන් වැළැක්වූවෝය. අවසානයේ එතුමාණන් අතර හා ඔවුන් අතර වසර දහයක යුද විරාමයක සාම ගිවිසුමකින් අවසන් විය. එමෙන්ම එළැඹෙන වසරේ උම්රා ඉටු කිරීමටත්, කුරෙයිෂ් ගිවිසුම ප්‍රකාශයෙහි පිවිසෙන්නට කැමති උදවිය එහි පිවිසීමටත් අල්ලාහ්ගේ දූතයාණන්ගේ ගිවිසුම් ප්‍රකාශයෙහි පිවිසීමට ප්‍රිය කරන උදවිය එහි පිවිස එම ගිවිසුමට බැඳී කටයුතු කිරීමටත් ප්‍රතිඥා දෙමින් එම සාම ගිවිසුම නිමා විය. ඒ හේතුවෙන් ජනතාව එකිනෙකාගෙන් ආරක්ෂාව ලැබුවෝය. සර්වබලධාරී අල්ලාහ්ගේ දහමට ඇරයුම් කිරීමේ කවය පුළුල් විය. ඒ හේතුව නිසා දේවත්වය විශ්වාස කළ ඕනෑම මුඃමින්වරයකු එම ප්‍රාන්තයේ ඕනෑම තැනක ජීවත් වීමට හැකි විය. ඉස්ලාමයේ යථාර්ථය මත නතර වීමේ උනන්දුව ඇති විය. එම කාලය තුළ ජනයා කණ්ඩායම් වශයෙන් ඉස්ලාමය තුළට පිවිසුණහ. අල්ලාහ් එයට "ෆත්හන්" ජයග්‍රණය යැයි නම් තැබුවේ එබැවිනි. සැබැවින්ම එය ප්‍රකට ජයග්‍රහණයක් යැයි ද විස්තර කළේය. එනම් පැහැදිලි සාර්ථකත්වයක් යන්නයි. බහුදේව වාදීන් සිටින ප්‍රදේශවල ජයග්‍රණය කිරීමේ අරමුණ වූයේ අල්ලාහ්ගේ දහම ශක්තිමත් කිරීම හා මුස්ලිම්වරු ජය අත්පත්කර දීමය. එය මෙම ජයග්‍රහණය තුළින් හිමි විය.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...