افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65783[صحيح]
HadeethEnc · 1.24.0

එය අත්හැර දමන්න. සැබැවින්ම එය දුර් ගන්ධයකි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

ජාබිර් ඉබ්නු අබ්දිල්ලා (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: අපි යුද්දයකට සහභාගී වී සිටියෙමු. මුහාජිරීන් අතරින් පුද්ගලයෙක් අන්සාර් වරුන් අතරින් පුද්ගලයකුට පහරක් දුන්නේය. එවිට අන්සාරිවරයා: අහෝ අන්සාරිවරුනි, යැයි ඇමතූ අතර මුහාජිර් වරයා: අහෝ මුහාජිර් වරුනි, යැයි ඇමතුවේය. අල්ලාහ් එය තම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට ඇහෙන්නට සැළැස්වීය. එතුමණෝ: "මේ කුමක් ද?" යැයි විමසූහ. එවිට ඔවුහු මුහාජිරින් වරුන් අතරින් පුද්ගලයෙක් අන්සාර් වරුන් අතරින් පුද්ගලයකුගේ පසුපසට පහර දුන් බවත් අන්සාර් වරයා: අහෝ අන්සාර් වරුනි, යැයි ද මුහාජිර් වරයා: අහෝ මුහාජිර් වරුනි, යැයි ද ඇමතූ බවත් පවසා සිටියෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "එය අත්හැර දමන්න. සැබැවින්ම එය දුර් ගන්ධයකි" යැයි පැවසූහ. ජාබිර් තුමා මෙසේ පැවසීය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි විට අන්සාරිවරුන් බහුලව සිටි අතර ඉන් පසුව මුහාජිර් වරුන්ගේ සංඛ්‍යාව වැඩි වැඩිවන්නට විය. එවිට අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි: "ගිනි ඇවිලී ඇත. ඔවුන් මෙසේ සිදු කළේ ද? අල්ලාහ් මත දිවුරා පවසමි. අපි මදීනාවට හැරී ගියේ නම්, ප්‍රභූවරුන් පහත් අයව ඉන් පිටුවහල් කළ යුතු වේ" යැයි පැවසීය. එවිට උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, එම කුහකයාගේ ගෙල සිදලන්නට මා අත්හරින්න" යැයි පැවසීය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා. "ඔහුව අත්හරින්න. මුහම්මද් තම සගයින් මරා දමන බවට මිනිසුන් කතා නොකළ යුතුය" යැයි පැවසූහ.
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එක්තරා යුද්ධයක් සඳහා පිටත්ව යමින් සිටියහ. එතුමාණන් සමග මුහාජිර් මෙන්ම අන්සාරි සහාබාවරුන් (රළියල්ලාහු අන්හුම්) ද වූහ. මුහාජිර් වරුන්ගෙන් පුද්ගලයෙක් අන්සාර් වරුන් ගෙන් පුද්ගලයකුට තම අතින් පසුපසට පහර දුන්නේය. එවිට අන්සාරිවරයා අහෝ අන්සාරිවරුනි, මට උපකාර කරන්න යැයි පවසා සිටි අතර මුහාජිර් වරයා ද අහෝ මුහාජිර් වරුනි, මට උපකාර කරන්න යැයි පවසා සිටියේය. එය අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කණට වැකී එතුමාණෝ: මේ මොකක්ද? යැයි විමසූහ. එවිට ඔවුහු මුහාජිර් වරුන්ගෙන් කෙනෙක් අන්සාර් වරුන්ගෙන් කෙනෙකුගේ පසුපසට අතින් පහරක් දී ඇත. එහෙයින් අන්සාරිවරයා අහෝ අන්සාරිවරුනි, මට උදව් කරනු යැයි ද මුහාජිර් වරයා ද අහෝ මුහාජිර් වරුනි, මට උදව් කරනු යැයි පවසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: මෙම පූර් ව ඉස්ලාමීය මෝඩ පුරුද්ද අත්හරින්න. මක්නිසාදයත් එය අශික්ෂිතය පීඩාකාරීය පිළිකුල් සහගතය. එනම් මිනිසෙකු තම විරුද්ධවාදියා විසින් පරාජය කරන විට, ඔහු තම ජනතාව අමතයි. ඔවුන් නොදැනුවත්කම සහ උමතුවෙන් - පීඩකයා හෝ පීඩිතයා වේවා ඔහුගේ සහයට යුහුසුළුව පැමිණෙති. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි අවස්ථාවේ අන්සාර් වරුන් මුහාජිර් වරුන්ට වඩා අධිකව සිටි අතර ඉන් පසුව මුහාජිර් වරුන්ගේ සංඛ්‍යාව වැඩි විය. කුහකයින්ගේ ප්‍රධානියෙකු වූ අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි ඉබ්නු සලූල් මෙසේ පැවසීය: "ගිනි ඇවිළී ඇත. කාරණය මේ සීමාව දක්වා පැමිණියේ ද? අල්ලාහ් මත දිවුරා පවසමි. අපි මදීනාවට හැරී ගියේ නම් ප්‍රභූවරුන් -තමන් හා තමන් සමග වූවන් ගැන කියමින්- මදීනාවේ සිටින පහත් අය -නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හා ඔහු සමග සිටින්නන්- ඵලවා හැරිය යුතුය." එවිට උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මට ඉඩ දෙන්න මම ඒ කුහකයාගේ ගෙල සිදලන්නම් යැයි පැවසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. "ඔහුව අත්හරින්න. සැබැවින්ම මුහම්මද් ඔහුගේ අනුගාමිකයින් මරා දමන බවට මතුපිටින් හෝ මිනිසුන් කතා නොකළ යුතුය."
03

Benefits

ඉස්ලාමයට පෙර පැවති අඥාන මෝඩ පිළිකුල් සහගත සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් වචනයෙන් හෝ ක්‍රියාවෙන් තහනම් කිරීමට හේතුව, ඉස්ලාම් දහම පැමිණියේ මිනිසුන්ව එයින් ඈත් කර ඔවුන්ට නිවැරදි හා සත්‍ය දේ වෙත මඟ පෙන්වීමටය.
ව්‍යාජ පක්ෂග්‍රාහීත්වයට එරෙහිව අනතුරු ඇඟවීම සහ ඒ ගැන ප්‍රවේශම් වීම කිලිටි හා අපිරිසිදු දෙයකින් ප්‍රවේශම් වීම හා සමානය.
සතුරුකම සහ වෛරය අවුස්සන සෑම දෙයක්ම තහනම් කිරීම.
අන්-නවවි තුමා මෙසේ පැවසීය: "නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් එය ජාහිලිය්යා ප්‍රකාශය ලෙස හැඳින්වූයේ එතුමාණන් එයට අකමැති වූ බැවිනි. මන්ද එය පූර් ව-ඉස්ලාමීය යුගයේ භාවිතා කළ කරුණු අතරින් එකක් විය. එනම් ලෞකික කටයුතු සහ ඒවාට අදාළ දේවල් සඳහා ගෝත්‍රවලට සහාය දැක්වීමයි. පූර් ව-ඉස්ලාමීය යුගය පවුල් සහ ගෝත්‍ර හරහා එහි අයිතිවාසිකම් ලබා ගැනීමට භාවිතා කළ බැවින් ඉස්ලාමය එය අහෝසි කළ අතර ෂරියා තීන්දු අනුව නඩු විසඳා ගැනීමට නියම කළේය. එබැවින් පුද්ගලයෙක් තවත් කෙනෙකුට එරෙහිව වරදක් කළහොත්, විනිසුරුවරයා ඔවුන් අතර තීන්දු දෙනු ඇත. ඉස්ලාමයේ නීතිරීතිවලින් ස්ථාපිත කර ඇති පරිදි ඔහුගේ වරදෙහි ප්‍රතිවිපාකවලට ඔහු බැඳී සිටී.
අස්-සින්දී තුමා මෙසේ පවසයි: පූර් ව ඉස්ලාමීය යුගයේ ජනයාගේ සිරිත වූයේ යමෙක් තම ගෝත්‍රයෙන් පැවත එන්නේ නම් ඔහුට සහාය දීමය. එය අවලංගු බව එතුමාණන් පැහැදිලි කළේය. එබැවින්, කිසිවෙකුට තම ගෝත්‍රයෙන් ඉල්ලා සිටීමට හේතුවක් නැත. සත්‍යයට සහාය දැක්වීම සම්බන්ධයෙන් ඉල්ලා සිටිනුයේ සෑම විශ්වාස කරන්නෙකුටම ඔහු තම ගෝත්‍රයෙන් පැමිණියත් නැතත් ඔහුට සහාය වීමය.
කුහකයින් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සහ එතුමාගේ සහගාමීන්ට එරෙහිව අසභ්‍ය වචන කියමින් නිර් භීතව කතා කළහ.
කුහකයින් විසින් තමන්ට සිදු කරන ලද හිංහසනයන් සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අතිශයින් ඉවසිලිවන්තව විඳ දරා ගනිමින් කටයුතු කළහ.
ඉස්ලාමයට පිවිසීම වළක්වාලන ඕනෑම ක්‍රියාවක් සම්බන්ධයෙන් ප්‍රවේසම් වීම. ඊට හේතුව මුහම්මද් තම සගයන් මරා දමන බව මිනිසුන් නොකියනු වස් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කුහකයින් ඝාතනය කිරීමෙන් වැළකී සිටියහ.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...