افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65772[صحيح]
HadeethEnc · 1.24.0

කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහුට යම් විපතක් ඇති වී ඔහු අල්ලාහ් නියෝග කළ දෑ පවසා සිටියේ නම්: "ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්" (සැබැවින්ම අප අල්ලාහ් සතුය. සැබැවින්ම ඔහු වෙතම අපි නැවත හැරී යන්නෝ වෙමු.) (අල්-බකරා: 156) අල්ලාහුම්ම අඃජුර්නී ෆී මුසීබතී, වඅඃක්ලිෆ් ලී කඃයිරන් මින්හා (අහෝ දෙවිඳුනි, මා හට අත්ව ඇති විපතෙහි මට ප්‍රතිඵල පිරිනමනු මැනව. ඊට වඩා යහපතක් මා වෙනුවෙන් පසුවට නියම කරනු මැනව

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් දේවත්වය විශ්වාස කළවුන්ගේ මාතාවක වන උම්මු සල්මා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙ‌සේ වාර්තා කරන ලදී: කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහුට යම් විපතක් ඇති වී ඔහු අල්ලාහ් නියෝග කළ දෑ පවසා සිටියේ නම්: "ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්" (සැබැවින්ම අප අල්ලාහ් සතුය. සැබැවින්ම ඔහු වෙතම අපි නැවත හැරී යන්නෝ වෙමු.) (අල්-බකරා: 156) අල්ලාහුම්ම අඃජුර්නී ෆී මුසීබතී, වඅඃක්ලිෆ් ලී කඃයිරන් මින්හා (අහෝ දෙවිඳුනි, මා හට අත්ව ඇති විපතෙහි මට ප්‍රතිඵල පිරිනමනු මැනව. ඊට වඩා යහපතක් මා වෙනුවෙන් පසුවට නියම කරනු මැනව" (යැයි පවසා සිටියේ නම්) එවිට අල්ලාහ් ඔහුට ඊට වඩා යහපත් දෙයක් පසුවට පිරිනමනු ඇත. ඇය මෙසේ පවසා සිටියාය: "අබූ සල්මා තුමා මිය ගිය කල්හි මම මෙසේ විමසා සිටියෙමි. මුස්ලිම්වරුන් අතරින් අබූ සල්මාට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවරෙකු ද? අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත හිජ්රත් ගිය පළමු නිවැසියා ඔහු ය. පසු ව ඇත්තෙන්ම මම එය පවසා සිටියෙමි. අල්ලාහ්, ඔහුගේ දූතයාණන්ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට පසුවට පිරිනැමුවේය."
02

Explanation

වරක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් දේවත්වය විශ්වාස කළවුන්ගේ මාතාව වන උම්මු සල්මා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ මෙනෙහි කරන ලදී: කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහුට යම් විපතක් ඇති වී අල්ලාහ් ඔහුට ප්‍රිය කරන දෑ ඔහු පවසා සිටියේ නම්: "ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්" (සැබැවින්ම අප අල්ලාහ් සතුය. සැබැවින්ම ඔහු වෙතම අපි නැවත හැරී යන්නෝ වෙමු.) (අල්-බකරා: 156) "අල්ලාහුම්ම අඃජුර්නී" මාගේ ඉවසීමට මට ප්‍රතිඵල පිරිනමනු මැනව. "ෆී මුසීබතී" මට අත්ව ඇති විපතට ප්‍රතිකර්මයක් කරනු මැනව "වඅඃක්ලිෆ් ලී" ඒ වෙනුවට මට පසුවට පිරිනමනු මැනව "කයිරන් මින්හා" ඊට වඩා යහපත් දෑ (යැයි පවසා සිටියේ නම්) එවිට අල්ලාහ් ඔහුට ඊට වඩා යහපත් දෙයක් පසුවට පිරිනමනු ඇත. ඇය මෙසේ පවසා සිටියාය: "අබූ සල්මා තුමා මිය ගිය කල්හි මම, 'මුස්ලිම්වරුන් අතරින් අබූ සල්මාට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවරෙකු දැ?'යි විමසා සිටියෙමි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත විතැන්ව ගිය පළමුවැන්නා ඔහු ය. පසුව සැබැවින්ම අල්ලාහ් මට උපකාර කළේය. පසුව මම එය පවසා සිටියෙමි. අල්ලාහ් අබූ සල්මාට වඩා ශ්‍රේෂ්ඨ ඔහුගේ දූතයාණන් ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට පසුවට පිරිනැමුවේය."
03

Benefits

විපතක් ඇති වූ විටෙක කලබල නොවී එහි දී ඉවසීමෙන් කටයුතු කිරීම සඳහා වන නියෝගය.
විපත්ති කාලවලදී අල්ලාහ් වෙත හැරී ප්‍රාර්ථනා කිරීම. මක්නිසාදයත් ඒ සඳහා වන ප්‍රතිකර්මය ඇත්තේ ඔහු අබියස පමණක් වන බැවිනි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නියෝග කළ දෑහි ප්‍රඥාව හෙළි නොවුව ද එතුමාණන්ගේ නියෝගය මුස්ලිම්වරුන් පිළිපැදීමේ අවශ්‍යතාව.
සියලුම යහපත පවතින්නේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නියෝගය (දේවත්වය විශ්වාස කරන) මුඃමින්වරුන් විසින් පිළිපැදීමෙහිය.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...