ඔබ ලියන්න මාගේ ප්‍රාණය කවරෙකු අතෙහි ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මින් සත්‍යය මිස වෙනත් කිසිවක් පිට වන්නේ නැත" යැයි පැවසූහ
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මා සවන් දෙන සෑම දෙයක්ම ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් ඒවා සටහන් කර ගන්නෙකු ව සිටිමි. එවිට කුරෙයිෂ්වරු මා වළක්වා මෙසේ පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණන් කෝපයෙහි හා සතුටෙහි සිටින විට කතා කරන මිනිසෙකු ලෙස සිටිය දී අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් සවන් දෙන සෑම කරුණක්ම ඔබ ලියන්නෙහි ද? පසුව මම ලිවීම නතර කළෙමි. ඒ ගැන මම අල්ලාහ්ගේ දූතයාණන් වෙත සැළ කර සිටියෙමි. එවිට එතුමාණෝ තම ඇගිල්ල තම කට දෙස පෙන්වා "ඔබ ලියන්න මාගේ ප්‍රාණය කවරෙකු අතෙහි ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මින් සත්‍යය මිස වෙනත් කිසිවක් පිට වන්නේ නැත" යැයි පැවසූහ.
Explanation
පසුව ඔවුන් පවසා සිටි දෑ ගැන මම අල්ලාහ්ගේ දූතයාණන් වෙත දන්වා සිටියෙමි. එවිට එතුමාණෝ තම ඇගිල්ල තම කට දෙස පෙන්වා "ඔබ ලියන්න මාගේ ප්‍රාණය කවරෙකු අතෙහි ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. කෝපයෙහි හෝ සතුටෙහි ද කවර තත්ත්වයක පසුවුව ද මින් සත්‍යය මිස වෙනත් කිසිවක් පිට වන්නේ නැති" බව පැවසූහ.
උත්තරීතර අල්ලාහ් ඔහුගේ නබිවරයාණන් ගැන මෙසේ පැවසීය: "තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි. එය හෙළි දරව් කරන ලද දිව්ය පණිවිඩ මිස නැත." (අන්-නජ්ම්: 3,4)
Benefits
නබි තුමාගේ සුන්නාව ආරක්ෂා කිරීමටත් එය දන්වා සිටීමටත් සහාබාරුන්ට තුළ තිබූ උනන්දුව.
දිවුරා සිටීම යහපත් දෙයකට නොවුවද, කරුණක් සහතික කිරීම වැනි යම් කරුණක දී පවා දිවුරා සිටීමට ඇති අවසරය.
දැනුම ලියා තැබීම දැනුම ආරක්ෂා කිරීමේ වැදගත්ම සාධකයකි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

