පසුව සැබැවින්ම එදින (භුක්ති විඳි) සැප පහසුකම් පිළිබඳ ව විමසනු ලබන්නේමය
Choose an available translation of this Hadeeth
Hadeeth text
සුබෙයිර් ඉබ්නුල් අවාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "පසුව සැබැවින්ම එදින (භුක්ති විඳි) සැප පහසුකම් පිළිබඳ ව විමසනු ලබන්නේමය" යන (අත්-තකාසුර්: 8) පාඨය පහළ වූ කල්හි, සුබෙයිර්: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපි කවර සැප පහසුකමක් ගැන විමසනු ලබන්නෙමු ද? ඉඳි සහ ජලය යන අල්ප කරුණු දෙක පිළිබඳවත් දැ?"යි විමසීය. එතුමාණෝ සැබැවින්ම "එය එසේම වනු ඇත." යැයි පැවසූහ.
Explanation
එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "ඔබ කවර තත්ත්වයක සිටින්නේ ද ඒ සමග වන ආශිර්වාදයක් පිළිබඳ ඔබෙන් විමසනු ලබනු ඇත. සැබැවින්ම ඒ දෙක උත්තරීතර අල්ලාහ්ගේ ආශිර්වාද අතරින් අති මහත් ආශිර්වාද දෙකකි." යැයි පැවසූහ.
Benefits
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ගැත්තා තමන් අත් විඳි අල්ප හෝ අධික කවර අශිර් වාදයක් වුව ද ඒ ගැන විමසනු ලබනු ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

