افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65014[حسن]
HadeethEnc · 1.24.0

ක්‍රියාවන් හයකි. මිනිසුන් සිව් දෙනෙකි. එසේ නම්, අනිවාර්යය කරන කරුණු දෙක, සමානයට සමානය, යහපතට ඒ හා සමාන දස ගුණය හා යහපතට හත්සීය ගුණය වේ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව හුරෙයිම් ඉබ්නු ෆාතික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ක්‍රියාවන් හයකි. මිනිසුන් සිව් දෙනෙකි. එසේ නම්, අනිවාර්යය කරන කරුණු දෙක, සමානයට සමානය, යහපතට ඒ හා සමාන දස ගුණය හා යහපතට හත්සීය ගුණය වේ. අනිවාර්යය කරන කරුණු දෙක වනාහි: කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ නො කරන තත්ත්වයේ මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසීය. කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ කරන තත්ත්වයේ මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිි‌සෙයි. සමානයට සමානය වනාහි: තම සිතට හැඟෙන තරමට හා අල්ලාහ් ද එය ඔහුගෙන් හඳුනා ගන්නා තරමට කවරෙකු යම් යහපතක් සිතුවේ ද ඔහුට කුසලක් ලියනු ලැබේ. කවරෙකු යම් නපුරක් සිදු කළේ ද ඔහුට නපුරක් ලියනු ලැබේ. කවරෙකු යම් යහපතක් සිදු කළේ ද ඒ හා සමාන කුසල් දහයක් හිමි වේ. කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යමක් වියදම් කළේ ද කුසල හත්සීය ගුණයකින් ගුණ වේ. මිනිසුන් වනාහි: මෙලොවෙහි විස්තීරණභාවය ලබා මතුලොවෙහි පීඩනයට ලක් වන්නා ද ඔවුන් අතර සිටී. මෙලොවෙහි පීඩනයට ලක්ව මතුලොවෙහි විස්තීරණභාවය ලබන්නා ද ඔවුන් අතර සිටී.එමෙන්ම මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ද පීඩනයට ලක් වන්නා ද මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි විස්තීරණභාවය ලබන්නා. ද ඔවුන් අතර සිටී."
02

Explanation

සැබැවින්ම ක්‍රියාවන් වර්ග හයක් සහ මිනිසුන් කොටස් හතරක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ක්‍රියාවන් වර්ග හය නම්:

පළමුවැන්න: කවරෙකු අල්ලාහ්ට ආදේශ නොකළ තත්ත්වයේ මිය ගියේ ද ඔහුට ස්වර්ගය අනිවාර්යය විය.

දෙවැන්න: කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ කළ තත්ත්වයේ මිය ගියේ ද ඔහුට අපා ගින්න අනිවාර්යය විය. ඔහු එහි සදාතනිකයෙකු වේ.

ඒ දෙකම අනිවාර්යය කරනු ලබන දෑය.

තුන්වැන්න: දැහැමි චේතනාව. කවරෙකු යහපතක් කිරීමට චේතනා කර ඔහුගේ චේතනාව තුළ හදවතට දැනෙන තරම් ඔහු අවංක වී, අල්ලාහ් ද ඔහුගේ එම චේතනාව හඳුනා ගෙන, පසු ව ඔහුට යම් කරුණක් අවහිර වී එම ක්‍රියාව සිදු කිරීමට නොහැකි වී නම්, ඔහුට පූර්ණ කුසලක් ලියනු ලැබේ.

සිව්වැන්න: නපුරු ක්‍රියාව. කවරෙකු නපුරක් සිදු කළේ ද ඔහුට එක් පාපයක් ලියනු ලැබේ.

මේ දෙකම කිසිදු ගුණ කිරීමකින් තොර ව එකකට එකක් ලෙස සමානයට සමානයක් ලෙස පිරනමනු ලැබේ.

පස්වැන්න: කුසල් දස ගුණයක් බවට පත්වන යහපත. එනම් කවරෙකු යම් යහපතක් චේතනා කොට එය සිදු කළේ ද ඔහුට ඒ හා සමාන කුසල් දහයක් ලියනු ලැබේ.

හයවැන්න: කුසල් හත්සීයකින් ගුණ වන යහපත. එනම් කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යමක් වියදම් කළේ ද, එම යහපතට හත්සීය ගුණයක් කුසල් ඔහු වෙනුවෙන් සටහන් කරනු ලැබේ. මෙය උත්තරීතර ත්‍යාගශීලී අති උත්කෘෂ්ඨ අල්ලාහ් තම ගැත්තන්හට පිරිනමන ඔහුගේ භාග්‍යයයි.

මිනිසුන් කණ්ඩායම් හතර නම්:

පළමුවැන්නා: මෙලොව පෝෂණ සම්පත් හි විස්තීරණත්වය ලැබු, තමන් එහි දකින කැමති දෑ භුක්ති විදින, නමුත් ඔහුගේ මතුලොව ජීවිතය පටු වන, ඔහුගේ අවසන් ගමන නිරය බවට පත්වන තැනැත්තා. ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කරන පොහොසතාය.

දෙවැන්නා: මෙලොවෙහි පෝෂණ සම්පත් පටු වූ නමුත්, මතුලොවෙහි විස්තීරණත්වය පිරිනමනු ලබන, තම අවසන් ගමන ස්වර්ගය වෙත පිහිටන තැනැත්තා. ඔහු දේවත්වය විශ්වාස කළ දිළින්දාය.

තුන්වැන්නා: මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි පීඩනයට පත්වන තැනැත්තා. ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කළ දිළින්දාය.

සිව්වැන්නා: මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි විස්තීරණ තත්වය ලැබූ තැනැත්තා. ඔහු දේවත්වය විශ්වාස කළ පොහොසතාය.
03

Benefits

උත්තරීතර අල්ලාහ් තම ගැත්තන් හට පිරිනමන භාග්‍යයේ මහිමය හා යහපත සඳහා ඔහු කුසල් ගුණ කර දීම.
අල්ලාහ්ගේ යුක්තිය හා ඔහුගේ ත්‍යාගශීලීභාවය. එනම්, යුක්තියට අනුව අපි යම් නපුරක් සිදු කළ විට, එම නපුරට හිමි වන ප්‍රතිවිපාකය එකකි.
අල්ලාහ්ට ආදේශ තැබීමේ බරපතලකම, එහි දී ස්වර්ගය තහනම් වේ.
අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමේ මහිමය පැහැදිලි කිරීම.
අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමේ දී හිමිවන කුසල් ගුණ කරනු ලැබේ. එය හත්සීය ගුණයකින් ආරම්භ වේ. හේතුව එය අල්ලාහ්ගේ වදන උසස් කරවීම සඳහා උදව්වන බැවිනි.
මිනිස් වර්ග හා ඔවුන් අතර පවතින වෙනස්කම් පැහැදිලි කිරීම.
දේවත්වය විශ්වාස කරන්නා හා එය ප්‍රතික්ෂේප කරන්නා යන දෙදෙනාටම මෙලොවෙහි විස්තීරණභාවය ලබා දෙන නමුත් මතුලොවෙහි විස්තීරණභාවය ලබා දෙන්නේ දේවත්වය විශ්වාස කරන්නාට පමණය.

Attribution

[رواه أحمد]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...