HadeethEnc · 1.24.0
“කවරෙකු ගිවිසගත් අයකු මරා දැමුවේ ද ඔහු ස්වර්ගයේ ගන්ධය ආග්‍රාණය නොකරන්නේමය. සැබැවින්ම එහි ගන්ධය වසර හතළිහක දුරකින් සොයා ගනු ඇත.”
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. “කවරෙකු ගිවිසගත් අයකු මරා දැමුවේ ද ඔහු ස්වර්ගයේ ගන්ධය ආග්‍රාණය නොකරන්නේමය. සැබැවින්ම එහි ගන්ධය වසර හතළිහක දුරකින් සොයා ගනු ඇත.”
02
Explanation
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් ඉවත්ව ගිවිසුමක් හා ආරක්ෂාවක් ඇතිව ඉස්ලාමයේ නිවහනට පිවිසුණු අයකු කවරෙකු විසින් මරා දමනු ලැබුවෙ ද ඔහු කිසිවිටෙක ස්වර්ගයේ ගන්ධය ආග්‍රාණය නොකරන බවත් එම ගන්ධය වසර හතළිහක් ගමන් කරන දුරින් පිහිටන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැඩිසේ අවවාද කරමින් පැහැදිලි කර සිටියි.
03
Benefits
ගිවිසගත් අයකු, ඉස්ලාමීය රාජ්‍යය තුළ වෙසෙන මුස්ලිම් නොවන අයකු, දෙවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් ආරක්ෂාව පතමින් පැමිණි අයකු යන අය ඝාතනය කිරීමේ තහනම. සැබැවින්ම එය මහා පාපයකි.
ගිවිසගත් අය යනු: තම ප්‍රදේශයේ පදිංචි වීමටත් මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් නොකරන බවටත් ඔවුන් ද ඔහුට එරෙහිව සටන් නොකරන බවටත් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් ගිවිසුමක් ලබා ගත් තැනැත්තාය. දිම්මී යනු: මුස්ලිම්වරුන්ගේ නිවහන තුළ වාසය කර බදු ගෙවන තැනැත්තාය. මුස්තඃමින් යනු නියමිත කාලයකට ආරක්ෂාවක් හා ගිවිසුමක් ඇතිව මුස්ලිම්වරුන්ගේ නිවහනට පිවිසුනු තැනැත්තාය.
මුස්ලිම් නොවන අය සමග ඇති කර ගත් ගිවිසුම් කඩ කිරීම ගැන අවවාදය.

Attribution
[رواه البخاري]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares