සැබැවින්ම අල්ලාහ් ගැත්තෙකුට ආදරය කරන්නේ නම්, ඔහු ජිබ්රීල් අමතා මෙසේ පවසයි: 'සැබැවින්ම, මම පුද්ගලයකුට ආදරය කරමි. එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න.' එවිට, ජිබ්රීල් ඔහුට ආදරය කරයි
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබැවින්ම අල්ලාහ් ගැත්තෙකුට ආදරය කරන්නේ නම්, ඔහු ජිබ්රීල් අමතා මෙසේ පවසයි: 'සැබැවින්ම, මම පුද්ගලයකුට ආදරය කරමි. එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න.' එවිට, ජිබ්රීල් ඔහුට ආදරය කරයි. පසුව අහස් වැසියන්ට ද මෙසේ නිවේදනය කර සිටියි: 'සැබවින්ම, අල්ලාහ් පුද්ගලයකුට ආදරය කර ඇත; එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න;' එවිට අහස් වාසීහු (දේවදූතයන්) ආදරය කරති. පසුව පොළොවේ පිළිගැනීම ඔහුට නියම කරනු ඇත. අල්ලාහ් ගැත්තෙකුට වෛර කරන්නේ නම්, ඔහු ජිබ්රීල් අමතා මෙසේ කියයි: 'මම පුද්ගලයකුට වෛර කරමි, ඔබ ද ඔහුට වෛර කරන්න.' ඒ අනුව ජිබ්රීල් ද ඔහුට වෛර කරනු ඇත. පසුව ජිබ්රීල් අහස් වාසීන් අමතා මෙසේ නිවේදනය කරයි: 'සැබැවින්ම අල්ලාහ් පුද්ගලයකුට වෛර කර ඇත. ඒ නිසා ඔබ ද ඔහුට වෛර කරන්න.' එවිට ඔවුහු ද ඔහුට වෛර කරති. එවිට පොළොවෙහි වෛරය ඔහුට නියම වනු ඇත."
Explanation
Benefits
කවරෙකුට අල්ලාහ් ප්‍රිය කළේ ද අහස් හා පොළෝ වාසීන් ද ඔහුට ප්‍රිය කරනු ඇත. කවරෙකුට අල්ලාහ් වෛර කළේ ද අහස් හා පොළෝ වාසීන් ද ඔහුට වෛර කරනු ඇත.
"මහපොළොවේ පිළිගැනීම ඔහුට නියම කරනු ලබයි" යන ප්‍රකාශය සම්බන්ධයෙන් අස්-සින්දී තුමා මෙසේ පවසයි: 'එය පොදුවේ සිදුවන්නක් නොවේ. නමුත් අල්ලාහ් අභිමත කරන ප්‍රමාණයට එම පිළිගැනීම මහපොළොවේ සිදුවනු ඇත. දුෂ්ට ජනයා යහපත් අය කෙරෙහි දක්වන සතුරුකම මැනවින් දන්නා කරුණකි.'
අනිවාර්ය හෝ නිර්දේශිත සියලු වර්ගයේ දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමට උනන්දු කිරීම සහ පාපකම් හා නවෝත්පාදන කටයුතුවලින් දුරස් වන්නට අනතුරු ඇඟවීම. මන්ද එය කෝපයට හේතුවක් වන බැවිනි.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: "මිනිසුන්ගේ හදවත් තුළ පවතින ආදරය අල්ලාහ්ගේ ආදරය ලෙස මෙමගින් ගනු ලැබේ. එමෙන්ම 'ඔබලා මහපොළොවේ අල්ලාහ්ගේ සාක්ෂිකරුවන් වෙති' යනුවෙන් ජනාසා සම්බන්ධයෙන් පවතින කරුණ ද එය තහවුරු කර සිටියි."
ඉබ්නුල් අරබී අල්-මාලිකී තුමා මෙසේ පවසයි: 'සැබැවින්ම පොළෝ වාසීන් යනුවෙන් අදහස් කරනුයේ ඔහු ගැන හඳුනන්නේ නැති හෝ ඔහු ගැන සවන් දී නැති උදවිය නොව, ඔවුන් අතර ඔහු හඳුනන අය වෙයි.'
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

