මෙය අල්ලාහ්ගේ දයාවකි. තම ගැත්තන්ගේ හදවත් තුළ අල්ලාහ් එය ඇති කළේය. නියත වශයෙන්ම අල්ලාහ් දයාව පෙන්වනුයේ ඔහුගේ ගැත්තන් අතුරින් වූ දයාලු වන්තයන් හටය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
උසාමා ඉබ්නු සෙය්ද් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. තම දියණියගේ පුතණුවන් මරණාසන්නයේ සිටිය දී අල්ලාහ්ගේ දූතයාණන් - නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා- වෙත ගෙන එන ලදී. එතුමාගේ ඇස් දෙකින් කඳුළු ගලන්නට විය. එවිට සඃද් තුමා: අල්ලාහ්ගේ දූතයාණනි, මේ කුමක් දැයි විමසා සිටියේය. එතුමා: ((මෙය අල්ලාහ්ගේ දයාවකි. තම ගැත්තන්ගේ හදවත් තුළ අල්ලාහ් එය ඇති කළේය. නියත වශයෙන්ම අල්ලාහ් දයාව පෙන්වනුයේ ඔහුගේ ගැත්තන් අතුරින් වූ දයාලුවන් හට පමණය))
Explanation
“ෆ ඉන්න ලිල්ලාහි මා අකද වලහූ මා අඃතා“-අල්ලාහ් ගත් දෑ නියත වශයෙන්ම ඔහු සතුය.ඔහු පිරිනැමූ දෑ ද ඔහු සතුය යන ප්රකාශය අතිමහත් වදනකි.සියල්ල අල්ලාහ් සතු වී නම් ඔබෙන් ඔහු යමක් ගත්ත ද එය ඔහු සතු වූවකි.ඔබට ඔහු යමක් පිරිනැමුව ද එය ද ඔහු සතු වූවකි.එසේ නම් ඔහුට හිමි දෙයක් ඔහු ගත් විට ඔබ කෝප වනුයේ කෙසේද?
එහෙයින් මිනිසාට යම් අභාග්යයක් ඇති වූ විටෙක “ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලය්හි රාජිඌන්“ -සියල්ල අල්ලාහ් සතුය. තවද අපි ඔහු වෙත නැවත හැරී යන්නන් වෙමු- යැයි පැවසීම නබි චර්යාවක් පිළිපැදීමකි. එනම් අපි අල්ලාහ් සතු වන්නෙමු.ඔහුගේ කැමැත්ත පරිදි අපව ක්රියා කරවයි.එමෙන්ම අප ප්රිය කරන යමක් අප අතරින් ඔහු ගත් විට එය ඔහු සතු වූවකි.ඔහු ගත් දෑ ද ඔහු පිරිනැමූ දෑ ද ඔහු සතුය.ඔහු ඔබට පිරිනැමූ කිසිවකට ඔබ හිමිකරු නොවේ.එය අල්ලාහ් සතු වූවකි.එනිසා අල්ලාහ් ඔබට පිරිනැමූ දෑහි ඔහු ඔබට අනුමැතිය දී ඇති පරිදි මිස කටයුතු කිරීම සුදුසු නොවන්නේය. අල්ලාහ් අපට පිරිනැමූ, අප සතුව ඇති දෑහි සැබෑ හිමිකරු ඔහුම බව මෙය පෙන්වා දෙයි.නියමිත කාලයක් ඇත යන ප්රකාශය වනාහි, සෑහීමට පත් වීමයි.මෙම අවසාන පදයෙන් අදහස් කරනුයේ, සැබැවින්ම මිනිසාට නියම කරන ලද දෙයක් මදක් වේලාසනින් හෝ ප්රමාද කිරීමෙන් හෝ වෙනස් කිරීමට හැකියාවක් නොමැති බවයි.උත්තරීතර අල්ලාහ් සූරා යූනුස්:49 වැනි පාඨයේ මෙසේ දන්වා සිටියි. “සෑම සමූහයකටම ඔවුන්ගේ අවසන් කාලය පැමිණි විට ඔවුනට ප්රමාදවීමට හෝ ඉක්මන්වීමට හෝ හැකියාවක් නැත.“ එසේ නම් කෝප වීමෙන් හෝ තැති ගැනීමෙන් හෝ කිසිදු ඵලක් නොවන්නේය.ඔබ කෝප වූවත්, තැති ගත්තත් නියම කරන ලද දැයක් ඔබට වෙනස් කළ නොහැකිය.
පසුව අල්ලාහ්ගේ දූතයාණන් එතුමාගේ දියණියට අණ කළ යුතු දෑ අණ කොට පණිවිඩය එවූහ. නමුත් ඇය එතුමාට පැමිණෙන මෙන් පණිවිඩය එව්වාය. ඒ අනුව සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා හා සහාබාවරුන් අතුරින් පිරිසක් ඇය වෙත ගියහ. එවිට එතුමා තමන් වෙත එම දරුවා ඔසවා ගත්හ.ඔහුගේ ආත්මය පණ අදිමින් විය.හුස්ම ඉහළ පහළ යමින් තිබිණ.අල්ලාහ්ගේ දූතයාණන් අඬන්නට විය.එතුමාගේ ඇස් දෙකින් කඳුළු ගලන්නට විය.කස්රජ් ගෝත්රයේ ප්රධානියා වූ සඃද් ඉබ්නු උබාදා මේ කුමක්දැයි විමසා සිටියේය. දූතයාණන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තැති ගනිමින් අඬන්නේ යැයි සිතුවේය.එවිට නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “මෙය දයාවයි“ එනම් නියම කරන ලද දෑ පිළිබඳ බිය නොව, එම දරුවා පිළිබඳ ඇති සෙනෙහස තමන් අඬන්නට සැළැස්වීය යන්නයි.පසුව-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “නියත වශයෙන්ම අල්ලාහ් දයාව පෙන්වනුයේ ඔහුගේ ගැත්තන් අතුරින් වූ දයාලුවන් හට පමණය“ යැයි පවසා සිටියහ.යම් විපතකදී කරුණාව හේතුවෙන් ඇඬීම අනුමතය යන්නට මෙහි පෙන්වා දී ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

