HadeethEnc · 1.24.0
කවරෙකු මියගිය ඇත්තෙකු නාවා, එහි ඇති අඩුවක් සඟවන්නේ ද අල්ලාහ් ඔහුට හතළිස් වාරයක් සමාව දෙනු ඇත.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අබූ රාෆිඃ -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "කවරෙකු මියගිය ඇත්තෙකු නාවා, එහි ඇති අඩුවක් සඟවන්නේ ද අල්ලාහ් ඔහුට හතළිස් වාරයක් සමාව දෙනු ඇත."
02
Explanation
මියගිය ඇත්තෙකු නාවා එහි යම් අඩුවක් දැක එය සඟවන්නාගේ මහිමය මෙම හදීසයේ විස්තර කර ඇත. මියගිය ඇත්තෙකුගෙන් දකින පිළිකුල් සහගත දෑ වර්ග දෙකකි. පළමුවැන්න එහි තත්ත්වය හා බැඳුනු දෑය. දෙවැන්න එහි ශරීරය හා බැඳුනු දෑය. පළමුවැන්න අනුව උදාහරණ වශයෙන් යම් මරණයක මුහුණ වෙනස්ව ඇත්නම්, කළු වී ඇත්නම් විකෘති වී ඇත්නම් ඒවා ඔහුගේ අවසානය නපුරක් යන්නට පෙන්වා දෙන සාධක වෙති. ඔහුට සුවය ලබා දෙන මෙන් අල්ලාහ්ගෙන් පැතිය යුතු වේ. මම මේ පුද්ගලයාව මේ තත්ත්වයේ දුටුවෙමි යැයි ජනයාට පැවසීම අනුමත නොවන්නකි. හේතුව එය ඔහුගේ අඩුවක් නිරාවරණය කරන බැවිනි. එම පුද්ගලයා තම පරමාධිපති වෙත පැමිණ ඇත. ඔහුට සුදුසු මහිමය හා සාධාරණත්වය ඔහු ප්රතිඵල වශයෙන් දෙනු ඇත. දෙවැන්න ඔහුගේ පිටෙහි යම් අඩුවක් දකින්නෙකු මෙනි. ඔහු තම ජීවිතයේ එය ජනයාගෙන් සගවමින් සිටියේය. ඒ අනුව එම අඩුව ජනයාගෙන් සඟවන්නාට අතිමහත් කුසල් ඇත. එය හතළිස්වාරයක් ඔහුට ලැබෙන සමාවය.
Attribution
[ඉමාම් බයිහකී එය වාර්තා කර ඇත - ඉමාම් හාකිම් එය වාර්තා කර ඇත - ඉමාම් තබරානී එය වාර්තා කර ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

