HadeethEnc · 1.24.0
කවරෙකු තම පියා ඔහු නොවන බව දැන සිටිය දී තම පියා නොවන කෙනෙකුට පියා යැයි අමතන්නේද සැබැවින්ම ස්වර්ගය ඔහුට තහනම් වනු ඇත.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
සඃද් ඉබ්නු අබී වක්කාස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු තම පියා ඔහු නොවන බව දැන සිටිය දී තම පියා නොවන කෙනෙකුට පියා යැයි අමතන්නේද සැබැවින්ම ස්වර්ගය ඔහුට තහනම් වනු ඇත.“
02
Explanation
අඥාන යුගයේ සිදු කරමින් ආ කටයුත්තක් ගැන වූ අවවාදය පැහැදිලි කරනු වස් මෙම හදීසය පැමිණ ඇත. එනම් පියා නොවන කෙනෙකුට පිය වංශාවලිය ඈදීමයි. මිනිසා තම වංශාවලිය තම පවුලේ පියා, තම සීයා, තම පියාගේ සීයා හා ඒ හා සමාන හිමිකම් ඇති පරම්පරාව අනුව ගෙන යා යුතුය. තම පියා නොවන අය වෙත ඔහු තම පියා නොවන බව මැනවින් දැන දැනම තම වංශාවලිය ඈඳීම අනුමත නොවූ කරුණකි. උදාහරණයක් වශයෙන් තම පියා නිශ්චිත ගෝත්රයකට අයත් කෙනෙකු නම්, එම ගෝත්රය සෙසු ගෝත්රයින්ට වඩා අඩුපාඩු ඇති ගෝත්රයක් වී නම්, එම අඩුපාඩු ඇති ගෝත්රයෙන් ඉවත් වනු පිණිස තමන් උසස් පරම්පරාවක් ඇති දෙවැනි කණ්ඩයමට අයත් බව පවසා සිටීමය. එහෙයින් සැබැවින්ම මෙම කටයුත්ත ස්වර්ගය තහනම් කරන්නක් බව ප්රතිඥා දෙනු ලැබ ඇත්තකි.
Attribution
[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

