افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#6337[صحيح]
HadeethEnc · 1.24.0

යමෙක් මාගේ වලි (මිතුරා) ට සතුරුකම් කළේ නම්, මම ඔහුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමි. මාගේ ගැත්තා, ඔහුට නියම කරනු ලැබූ දැයින් මට වඩාත් ප්‍රියමනාප කටයුත්තකින් ඔහු මා වෙතට සමීප වෙයි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළේය. “නියත වශයෙන්ම අල්ලාහ් මෙසේ පවසා ඇත: "යමෙක් මාගේ වලි (මිතුරා) ට සතුරුකම් කළේ නම්, මම ඔහුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමි. මාගේ ගැත්තා, ඔහුට නියම කරනු ලැබූ දැයින් මට වඩාත් ප්‍රියමනාප කටයුත්තකින් ඔහු මා වෙතට සමීප වෙයි. මා ඔහුට ප්‍රිය කරන තුරු මාගේ ගැත්තා (අනිවාර්ය නොවන) අමතර ක්‍රියාවන් තුළින් මා වෙත සමීප වෙමින්ම සිටියි. එසේ මම ඔහුව ප්‍රිය කළ විට, ඔහු අසන ඔහුගේ ශ්‍රවණයත්, ඔහු දකින ඔහුගේ බැල්මත්, ඔහු දිගු හරින ඔහුගේ අතත් ඔහු ගමන් කරන ඔහුගේ පාදයත් මම වෙමි. ඔහු මගෙන් යමක් ඉල්ලා සිටියේ නම්, සැබැවින්ම මම එය ඔහුට දෙමි. ඔහු මාගෙන් රැකවරණය පතන්නේ නම්, සැබැවින්ම මම ඔහුට රැකවරණය දෙමි. මම ඔහුට සිදු කරන දෑ පිළිබඳ මම පසුබට නොවෙමි. නමුත් මම දේව විශ්වාසියාගේ ආත්මය ගැන පසුබට වෙමි. හේතුව ඔහු මරණය පිළිකුල් කරන බැවින් හා ඔහුට හානි ඇති වීම ගැන මම පිළිකුල් කරන බැවිණි.”
02

Explanation

නියත වශයෙන්ම සර්ව බලධාරී අල්ලාහ් පවසා ඇති බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ 'හදීසුල් කුද්සි' හෙවත් දිව්‍ය ප්‍රකාශ ඇතුළත් හදීසයක මෙසේ දන්වා සිටියහ. යමෙක් මාගේ වලි (මිතුරා) ට සතුරුකම් කළේ නම්, ඔහු සමග කෝප වූයේ නම්, ඔහු සමග ක්‍රෝධය ඇති කර ගත්තේ නම්, මම ඔහුට විරුද්ධ වන බව ප්‍රසිද්ධියේ මා දන්වා සිටිමි.

වලී යනු: ශ්‍රද්ධාවන්ත දේව විශ්වාසියාය. ගැත්තා සතු දේව විශ්වාසයේ හා ශ්‍රද්ධාවේ තරමට අල්ලාහ්ගේ මිතුරුකමේ තම පංගුව පිහිටනු ඇත. මුස්ලිම්වරයා තම පරමාධිපති ඔහුට නියම කළ හා ඔහුට අනිවාර් යය කළ අවනතවීම් සිදු කරමින් හා තහනම් දැයින් වැළකෙමින් ඔහුට වඩාත් ප්‍රියමනාප කටයුතු තුළින් ඔහුට සමීප වෙයි. අල්ලාහ්ගේ ආදරය ලබන තුරු ඔහු අනිවාර්යය කටයුතු සමග අතිරේක ක්‍රියාවන් තුළින්ද ඔහු වෙත සමීප වෙමින්ම සිටියි. එසේ අල්ලාහ් ඔහුව ප්‍රිය කළ විට, පහත සඳහන් අවයව තුළිින් මෙහෙයවන්නෙකු ලෙස ඔහු පෙනී සිටියි.

ඔහුගේ ශ්‍රවණය තුළින් ඔහුට උපකාර කරයි. එබැවින් අල්ලාහ් ප්‍රිය කරන දෑ හැර වෙනත් කිසිවකට ඔහු සවන් නොදෙයි.

ඔහු දකින ඔහුගේ බැල්ම තුළින් උපකාර කරයි. එබැවින් අල්ලාහ් බලන්නට ප්‍රිය කරන, තෘප්තියට පත්වන දෑ වෙත හැර වෙනත් කිසිවක් දෙස ඔහු බලන්නේ නැත.

ඔහුගේ අතෙහි ඔහුට උපකාර කරයි. එහෙයින් අල්ලාහ් සතුටු වන දෑ මිස වෙනත් කිසිවක් ඔහුගේ අතින් සිදු නොකරයි.

තවද ඔහු ගමන් කරන ඔහුගේ පාදය තුළින් ද උපකාර කරයි. එහෙයින්, අල්ලාහ් සතුටු වන දෑ වෙත මිස වෙනත් දෙයක් දෙසට ගමන් කරන්නේ නැත. යහපත ඇති දෑ වෙත මිස වෙනත් කිසිවක් තුළිින් කැප වන්නේ නැත.

ඒ සමගම ඔහු අල්ලහ්ගෙන් යමක් ඉල්ලා සිටියේ නම්, සැබැවින්ම අල්ලාහ් එය ඔහුට පිරිනමනු ඇත. ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරක් බවට පත්වනු ඇත. අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඔහු වෙත යොමු වූයේ නම් සැබැවින්ම ශුද්ධ වූ අල්ලාහ් ඔහුට රැකවරණය දෙනු ඇත. ඔහු බියවන දැයින් ඔහුව මුදවාලනු ඇත.

පසුව උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: මම ඔහුට සිදු කරන දෑ පිළිබඳ මම පසුබට නොවෙමි. නමුත් කරුණාවක් ලෙස දේව විශ්වාසියාගේ ආත්මය මා අත්පත් කර ගැනීම ගැන මම පසුබට වෙමි. හේතුව ඔහු මරණයේ දී පීඩා විඳීම ඔහු පිළිකුල් කරන බැවින් හා දේව විශ්වාසියාට අත්වන වේදනාව ගැන අල්ලාහ් පිළිකුල් කරන බැවිනි.
03

Benefits

මෙම හදීසය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන දන්වා සිටි හදීසයකි. මෙයට "අල් හදීසුල් කුද්සී" හෝ "..අල් ඉලාහී" (දිව්‍ය ප්‍රකාශය) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හා අදහස් අල්ලාහ්ගෙන් වූවකි. නමුත් අල් කුර්ආනයේ ලක්ෂණ මෙන් එය කියවීම නැමදුමක් බවට පත් කර ගැනීම, ඒ සඳහා පිරිසිදුභාවයේ අවශ්‍යතාව, අභියෝග කිරීම, ප්‍රාතිහාර්යය වැනි විශේෂත්වයක් එහි නැත.
අල්ලාහ්ගේ හිත මිතුරන්ට හිංසා කිරීමෙන් වැළැක්වීම, ඔවුනට ආදරය කිරීමට උනන්දු කරවීම හා ඔහුගේ මහිමය පිළිගැනිම.
අල්ලාහ්ගේ සතුරන් සමග සතුරු වීමට නියෝග කිරීම හා ඔවුන් හිතමිතුරන් ලෙස ගැනීම තහනම් කිරීම.
ෂරීආ පිළිවෙත අනුගමනය කිරීමෙන් තොරව තමන් අල්ලාහ්ගේ හිතවතුන් බව වාද කරන්නා මුසාවාදියෙකි.
නියම කරන ලද ක්‍රියාවන් ඉටු කිරීමෙන් හා තහනම් කරන ලද ක්‍රියාවන් අත්හැරීමෙන් අල්ලාහ්ගේ හිතවත්භාවය හිමි කර ගනු ඇත.
නියම කරන ලද දෑ ඉටු කිරීමෙන් හා තහනම් කරන ලද දෑ අත්හැර දැමීමෙන් පසුව ගැත්තාට අල්ලාහ් ආදරය කරන ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙන හේතු සාධක අතරින් අතිරේක ක්‍රියාවන්හි නිරත වීමද එකකි.
'අව්ලියා' හෙවත් දේව හිතමිතුරන්ගේ මහිමය හා ඔවුන්ගේ නිලයේ උසස්භාවය පෙන්වා දෙයි.

Attribution

[رواه البخاري]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...