සැබැවින්ම යුදෙව්වෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමණ: “අහෝ මුහම්මද්! සැබැවින්ම අල්ලාහ් අහස් ඇඟිල්ලක් මත ද මහපොළොවවල් ඇඟිල්ලක් මත ද කඳු ඇගිල්ලක් මත ද ගස් ඇඟිල්ලක් මත ද මැවීම් ඇඟිල්ලක් මත ද රදවා තබමින් පසුව මමයි රජු යැයි ඔහු පවසයි” යනුවෙන් පැවසීය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම යුදෙව්වෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමණ: “අහෝ මුහම්මද්! සැබැවින්ම අල්ලාහ් අහස් ඇඟිල්ලක් මත ද මහපොළොවවල් ඇඟිල්ලක් මත ද කඳු ඇගිල්ලක් මත ද ගස් ඇඟිල්ලක් මත ද මැවීම් ඇඟිල්ලක් මත ද රදවා තබමින් පසුව මමයි රජු යැයි ඔහු පවසයි” යනුවෙන් පැවසීය. “එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම හකුදත් මතුවන තරමට සිනහසී පසුව “අල්ලාහ්ව, ඔහුගේ නියම ප්රමාණයට ඔවුන් විසින් ප්රමාණ කළ නොහැක’ යන පාඨය කියවීය.
Explanation
මෙය නබිවරුන්ට අල්ලාහ්ගෙන් දිව්ය පණිවිඩ අතරින් දෙනු ලැබූ ඔවුනට උරුම වූ දැනුමෙන් කොටසකි. යුදෙව්වාගේ ප්රකාශය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තහවුරු කළේ එබැවිණි. නමුත් ඒ ගැන ඔහුට පුදුමය දනවමින් ඔහු ගැන සතුටු කෙරෙව්වේය. ඔහුව සහතික කරමින් එතුමාගේ හකු දත් පෙනෙන තරමට සිනහසෙන්නට වූහ. අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් වාර්තා කළ තවත් වාර්තාවක සඳහන් පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් “තවද අල්ලාහ් ව ප්රමාණ කළ යුතු නියම අයුරින් ඔවුහු ඔහු ප්රමාණ කොට නොසැලකූහ. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහපොළොව මුළුමණින්ම ඔහුගේ ග්රහණයේ පවතී. තවද අහස් ඔහුගේ දකුණතෙහි ඔතනු ලැබ තිබේ. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය. සුවිශුද්ධය.” යන පාඨය පාරායනය කරන්නෙකු වූහ. එහි යුදෙව්වා පැවසූ දෑ ස්තීර කරමින් එය තහවුරු කරමින් අල්ලාහ් සතුව අත් දෙකක් ඇති බව සනාථ කර ඇත.
සැබැවින්ම අල්ලාහ් සතුව ඇඟිලි ඇති බවත් ඔහුගේ මැවීමට ඒවා සමානව පිහිටි ඇති බවත් විශ්වාස කරමින් විකෘති අදහස් ගොඩ නගන්නන් හා අල්ලාහ් සතුව ඇඟිලි නැතැයි පවසන්නන්ගේ ප්රකාශ වෙත නොහැරිය යුතුයි. මෙසේ අදහස් විකෘති කරන්නා කිසිවකුට සමාන කළ නොහැකි මෙම ගුණාංගය අල්ලාහ් සතු බව නොදැන සිටියි. එය සැබැවින්ම අල්ලාහ් සතුව ජීවය, බලය, ශක්තිය, ශ්රව්යශක්තිය, දෘෂ්ටිශක්තිය යනාදිය අපි තහවුරු කරන්නාක් මෙනි. නමුත් එවා ඔහුගේ මැවීම්වලට සමාන වන්නේ නැත. එසේ නම් අල්ලාහ් වනාහි “ඔහු මෙන් සමාන කිසිවක් නැත. ඔහු සර්ව ශ්රාවකය. සර්ව නිරීක්ෂකය.”
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

