HadeethEnc · 1.24.0
එළුවන් ඇතිදැඩි කරන්නකු ලෙසින් මිස අල්ලාහ් කිසිදු නබිවරයකු එව්වේ නැත.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.((එළුවන් ඇතිදැඩි කරන්නකු ලෙසින් මිස අල්ලාහ් කිසිදු නබිවරයකු එව්වේ නැත.)) එවිට එතුමාගේ මිතුරන්: එසේනම් ඔබ? යැයි විමසුවෝය. එතුමා ((එසේය, මක්කා වාසීන් වෙනුවෙන් මුදලට උන් ඇතිදඩි කරන්නෙකු ලෙස මම සිටියෙමි.))
02
Explanation
සියලුම නබිවරුන් තම ජීවිතයේ එළුවන් ඇතිකර ඇත. හදීසයේ මතු පිටින් පෙනෙන්නේ එය නබිත්වයට පෙර සිදුවූවක් බවය. එහෙයින් විද්වත්හු පවසා සිටිනුයේ: සැබැවින්ම මිනිසාට මැවීම් පාලනය කිරීමටත් ඔවුනට යහපත ඇති දෑ වෙත ඔවුනට මඟ පෙන්වීමටත් එමගින් පුහුණුව ලබා දෙනු ඇත. හේතුව එළුවන් ඇති කරන්නා විටෙක උන් තණබුදින තැනට රැගෙන යයි. තවත් විටෙක උන් නතර කරවා තබයි. තවත් විටෙක උන් ගාල් කරයි. ඒ අනුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම සමූහයා පාලනය කළහ. දැනුමෙන් මඟපෙන්වීමෙන් හා සාධක තුළින් යහපත වෙත ඔවුනට මඟ පෙන්වූහ. එය යහපත් ලෙස එළුවන් ඇති කිරීමේ දැනුම හා උන්ගේ යහපත හා උන්ගේ ආහාර පාන පිළිබඳව වූ උපදෙස් හා මග පෙන්වීම් සතු එඩේරුවෙකු මෙනි.
එසේ එළුවන් තෝරාගෙන ඇත්තේ, එළුවන් ඇති කරන පුද්ගලයා ඔටුවන් ඇති කරන පුද්ගලයාට වෙනස් වූ ස්වරූපයක් ගන්නා බැවිනි. එළුවන් ඇති කරන්නා තැන්පත් බව ශාන්ත බව පිළිපදී. බොහෝ විට ඔටුවන් ඇති කරන්නා සතුව ඇත්තේ දැඩි භාවය හා දරුණු භාවයයි. හේතුව ඔටුවා ද දරුණු හා දැඩි භාවයක් ගන්නා බැවිනි. එබැවින් අල්ලාහ් තම දහම් දූතයින් වෙත, මැවීම් පාලනය කිරීමේදී පුහුණුව ලබන්නටත් ඔවුන් භාවිත කරන්නටත් එළුවන් ඇති දැඩි කිරීම තෝරා දුන්නේය.

Attribution
[ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares