افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5927[صحيح]
HadeethEnc · 1.24.0

මාගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා නුඹලාට පෙර විසූවන්ගේ පිළිවෙත මග නැග යන්නෙහුය.' යැයි පැවසුහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ වාකිද් අල්-ලයිසී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හුනෙයින් වෙත පිටත්ව ගිය කල්හි, එතුමාණෝ බහුදේව වාදීන් සතු ගසක් අසළින් ගමන් ගත්හ. එයට 'සාතු අන්වාත්' යනුවෙන් කියනු ලැබේ. ඔවුන්ගේ ආයුධ එහි එල්ලා තබති. එවිට ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔවුන් සතු 'සාතු අන්වාත්' මෙන් අපටද සාතු අන්වාතයක් නියම කරන්නයි' පැවසූහ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) 'සුබ්හානල්ලාහ් (අල්ලාහ් සුවිශුද්ධය) මෙය “ඔවුනට දෙවිවරුන් සිටින සේ අපටත් දෙවිවරුන් නියම කරන්න" (අල්-අඃරාෆ්: 138) යැයි මූසාගේ ප්‍රජාව පවසා සිටියාක් මෙනි. මාගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා නුඹලාට පෙර විසූවන්ගේ පිළිවෙත මග නැග යන්නෙහුය.' යැයි පැවසුහ.
02

Explanation

"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හුනෙයින් වෙත පිටත්ව ගියහ. එය තාඉෆ් හා මක්කාව අතර වූ මිටියාවතකි. සමීපයෙන් ඉස්ලාමය වැළදගත් සහාබාවරුන් කිහිප දෙනෙකු ද එතුමාණන් සමග වූහ. ඔවුහු 'සාතු අන්වාත්' නම් ගසක් අසළින් ගමන් ගත්හ. එනම් එල්ලා තබන ලද දෑ යන අර්ථය වේ. බහුදේව වාදීන් එයට ගරුබුහුමන් කළ අතර ඔවුන්ගේ ආයුධ හා වෙනත් දෑ ආශිර්වාද ලබනු පිණිස එහි එල්ලා තබති. ආශිර්වාද පතමින් තම ආයුධ එල්ලා තබන්නට ඒ හා සමාන ගසක් තමන්ටත් නියම කරන මෙන් ඔවුහු අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් ඉල්ලා සිටියහ. එසේ ඔවුන් ඉල්ලා සිටියේ එය අනුමත කරුණක් බව සිතමිනි. මෙම ප්‍රකාශය හෙළා දකිමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් "සුබ්හානල්ලාහ්" යැයි අල්ලාහ්ට ගරුබුහුමන් කොට තස්බීහ් පැවසූහ. එමෙන්ම සැබැවින්ම මෙම ප්‍රකාශය “ඔවුනට දෙවිවරුන් සිටින සේ අපටත් දෙවිවරුන් නියම කරන්න." යැයි මූසාගේ ජනයා කළ ප්‍රකාශයට සමාන බව ද දන්වා සිටියහ. ඔවුන් පිළිම වන්දනා කරන ජනයා දුටු කල්හි, බහුදේවවාදීන්ගේ ක්‍රියා කලාපය අනුගමනය කරමින් ඔවුනට තිබෙනවාක් මෙන් තමන්ටත් පිළිම නියම කරන මෙන් ඔවුහු ඉල්ලා සිටියහ. සැබැවින්ම මෙම සමූහයා යුදෙව්වන්ගේ හා කිතුනුවන්ගේ මාර්ගය අනුගමනය කරනු ඇතැයි ද ඔවුන්ගේ ක්‍රියාවන් අනුව කටයුතු කරනු ඇතැයි ද ඒ ගැන අවවාද අනතුරු අඟවමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ.
03

Benefits

යමක් ඔහුව අල්ලාහ් වෙත සමීප කරවනු ඇතැයි මිනිසෙකු සිතුව ද එය ඔහුව ඉන් දුරස් කරයි.
දහම තුළ පවසනු ලබන අනවශ්‍ය ප්‍රකාශයකට මුස්ලිම්වරයකු සවන් දුන් විට හෝ හාස්‍ය ජනක අවස්ථාවක සුබ්හානල්ලාහ් යනුවෙන් තස්බීහ් පැවසීමත්, අල්ලා අක්බර් යනුවෙන් ඔහු තක්බීර් පැවසීමත් අවශ්‍ය වන්නේය.
ගස්, ගල් හෝ වෙනත් දැයකින් සමෘද්ධිය පැතීම දේවත්වයට ආදේශ තබන කරුණකි. සමෘද්ධිය යනු අල්ලාහ්ගෙන් පමණක් පැතිය යුතු කරුණකි.
පිළිමවලට වන්දනා කිරීමේ හේතු වනුයේ, ඒවාට ගරු බුහුමන් කිරීමට, ඒවා අබියස රැඳී සිටීමට හා ඒවා මගින් සමෘද්ධිය පැතීමටය.
දේව ආදේශය වෙත යොමු කරන මාර්ග හා දොරටු අවහිර කිරීම අනිවාර්යය වේ.
යුදෙව්වන් හා කිතුනුවන් හෑල්ලු කරමින් සඳහන්වන ප්‍රකාශ අපට අනතුරු ඇඟවීමකි.
අඥාන මිථ්‍යා දෘෂ්ටික ජනයා, යුදෙව්වන් හා කිතුනුවන් අනුකරණය කිරීම තහනම් කිරීම. නමුත් අපගේ දහම තුළ පෙන්වා දී ඇති කරුණක හැර.

Attribution

[رواه الترمذي وأحمد]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...