HadeethEnc · 1.24.0
මාගේ සමූහයාගේ මනස තුළ හට ගැනෙන දෑ ඔවුන් ඉටු නොකරන තාක්කල් හෝ ඔවුන් කතා නොකරන තාක්කල් නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගෙන් ඒවා පහ කරනු ඇත
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මාගේ සමූහයාගේ මනස තුළ හට ගැනෙන දෑ ඔවුන් ඉටු නොකරන තාක්කල් හෝ ඔවුන් කතා නොකරන තාක්කල් නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගෙන් ඒවා පහ කරනු ඇත."
02
Explanation
මනස තුළ යම් නපුරක් හට ගත් විටෙක, එය සිදු කිරීමට පෙර හෝ ඒ ගැන කතා කිරීමට පෙර හෝ එය වරදක් ලෙස සළකනු නොලබයි. අල්ලාහ් එම වරද ඉවත් කර එයට සමාව දෙනු ඇත. සිත තුළ යමක් හටගෙන ඒ ගැන ස්ථාවර හා අඛණ්ඩභාවයෙන් තොරව මනස තුළ කුතුහලයන් ඇති වූ විටෙක, එවන් දෑ වරදක් ලෙස මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සමූහයා අතර ගණන් ගනු නො ලැබේ. නමුත් අහංකාරකම, උද්දච්ඡකම, කුහකකම හා දුෂ්ඨකම වැනි යමක් සිත තුළ ස්ථාවරව පවතී නම්, ඒ මත ක්‍රියා කළේ නම් එසේ නැතහොත් මුවින් ප්‍රකාශ කළේ නම්, වරදක් ලෙස පිළි ගනු ලබනුයේ එවිටයි. ඒ් සඳහා ඔහු වගකිව යුතුය.
03
Benefits
සිත තුළ නපුරු සිතුවිලි හා අදහස් හටගෙන, මිනිසා සිත තුළින් ඒ ගැන කතා කර මනස තුළ ඒවා ගමන් ගත් විටෙක උත්තරීතර අල්ලාහ් එවන් සිතුවිලි හා අදහස්වලට සමාව දෙනු ඇත.
දික්කසාදය වනාහි, මිනිසා ඒ ගැන සිතා එය මනස තුළ පැමිණි නමුත් ඔහු ඒ ගැන කතා නොකළ විටෙක, ලියා සටහන් නොකළ විටෙක එය දික්කසාදයක් ලෙස සළකනු නොලැබේ.
ස්වයං කතනය එය කෙතරම් බරපතල දෙයක් සම්බන්ධයෙන් වුව ද එය සිතේ පැළපදියම් නොවන තාක්කල් හෝ ක්‍රියා නොකරන තාක්කල් ඒ ගැන කතා නොකරන තාක්කල් එය මිනිසා කළ වරදක් ලෙස සළකනු නොලැබේ.
අපට පෙර විසූ ජන සමූහයන්ට පිරි නොනැමූ, සිත තුළ යමක් හටගත් විටෙක වරදක් ලෙස සළකනු නොලබන විශේෂ ආශිර්වාදය තුළින් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සමූහයා වන අපට පිරිනමා ඇති මහත් ගෞරවය.

Attribution
[متفق عليه]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares