HadeethEnc · 1.24.0
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අවශ්‍ය කටයුත්තක දී කළ යුතු දේශනාව පිළිබඳ අපට ඉගැන්වූහ
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අවශ්‍ය කටයුත්තක දී කළ යුතු දේශනාව පිළිබඳ අපට ඉගැන්වූහ. එනම්: “නියත වශයෙන්ම සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය. අපි ඔහුගෙන් උදව් පතමු. ඔහුගෙන් සමාව අයැදිමු. අපගේ ආත්මාවන්හි නපුරුකම්වලින් ආරක්ෂාව ඔහුගෙන් පතමු. අල්ලාහ් කවරෙකුට යහමග පෙන්වන්නේ ද ඔහුව නොමග යවන්නෙකු නැත. අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග පෙන්වන්නෙකු නැත. නැමදුමට සුද්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බව ද මම සාක්ෂි දරමි.” “අහෝ මිනිසුනි! එක ම ආත්මයකින් නුඹලා ව මවා, එයින් එහි කළත්‍රය ද මවා ඔවුන් දෙදෙනාගෙන් අධික පිරිමින් ද කාන්තාවන් ද මැවූ නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. තවද කවර(නාමය)ක් වෙනුවෙන් නුඹලා එකිනෙකා අයිතීන් ඉල්ලා සිටින්නේ ද ඔහුට ද (එවැනි) ලේ ඥාතීත්වය (බිඳ දැමීම)ට ද බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය.” (සූරා අන්-නිසා: 1) “අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ්ට බිය විය යුතු සැබෑ අයුරින් නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මුස්ලිම්වරුන් ව සිටිය දී ම මිස මරණයට පත් නොවනු.” (ආලු ඉම්රාන්: 102) "අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නිවැරදි ප්‍රකාශයෙන් ප්‍රකාශ කරනු. නුඹලාගේ ක්‍රියාවන් ඔහු නුඹලාට විධිමත් කරයි. තවද නුඹලාගේ පාපකම් වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු ඉමහත් ජයග්‍රහණයකින් ජය ලැබුවේය. (අල්-අහ්සාබ් 70-71)
02
Explanation
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අවශ්‍ය කටයුත්තක දී කළ යුතු දේශනාව පිළිබඳ තමන්ට ඉගැන්වූ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටීය. එනම්: විවාහ දේශනය, ජුමුආ දේශනය හා එවැනි වෙනත් දේශන හා අවශ්‍යතා හමුවේ ප්‍රකාශය ආරම්භ කරන අවස්ථාවේ කියනු ලබන දෑය. සියලුම ප්‍රශංසා ලබන්නට සුදුස්සා අල්ලාහ් බව පැහැදිලි කිරීම, කිසිදු හවුල්කරුවකු නොමැති ඔහුගෙන් උදව් පැතීම, පාපකම් වසන් කරන මෙන් හා ඒවාට සමාව පැතීම, සිතෙහි හා වෙනත් දෑහි ඇතිවන සියලුම හානිදායක දැයින් ආරක්ෂාව ලබා ඔහු වෙත යොමු වීම යනාදී වැදගත් අර්ථ මත මෙම දේශනාව අන්තර්ගත වී ඇත.
සැබැවින්ම මඟ පෙන්වීම අල්ලාහ් සතුය. එහෙයින් ඔහු කවරෙකුට යහමග පෙන්වූයේ ද ඔහුව නොමග යවන්නෙකු නැත. ඔහු කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග පෙන්වන්නෙකු නැත.
පසුව නැමදුමට සුදුස් අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැති බවටත් මුහම්මද් අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවටත් කෙරෙන සාක්ෂියේ ප්‍රකාශ මෙනෙහි කළහ.
සර්වබලධාරී අල්ලාහ් පිළිබඳ භක්තියෙන් කටයුතු කිරීම, අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා ඔහුගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම, කවරෙකු එලෙස කටයුතු කරන්නේ ද ඔහුගේ ප්‍රතිඵලය වශයෙන් ක්‍රියා හා ප්‍රකාශ විධිමත් වීම, එය නපුරුකම්වලට ප්‍රතිකර්මයක් වීම, පාපකම්වලට සමාව ලැබීම, මෙලොව යහපත් ජීවිතයක් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගය ලබා, ජය අත්පත් කර ගැනීම යනාදී කරුණු අන්තර්ගත වූ පාඨ තුනකින් මෙම දේශනය අවසන් කෙරෙයි.

03
Benefits
නිකාහ් දේශනය, ජුමුආ දේශනය හා අනෙකුත් දේශන මෙම දෙසුම සමග ආරම්භ කිරීම සතුටු දායකය.
දේශනයක දෙවියන්ට ප්‍රශංසා කිරීම, සාක්ෂියේ ප්‍රකාශ දෙක හා ඇතැම් කුර්ආනීය පාඨ යනාදිය ඇතුළත් විය යුතුය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, තම සහගාමීන්හට ඔවුන්ගේ ආගමික අවශ්‍යතා කුමක් දැයි ඉගැන්වීය.
දේශනයක දෙවියන්ට ප්‍රශංසා කිරීම, සාක්ෂියේ ප්‍රකාශ දෙක හා ඇතැම් කුර්ආනීය පාඨ යනාදිය ඇතුළත් විය යුතුය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, තම සහගාමීන්හට ඔවුන්ගේ ආගමික අවශ්‍යතා කුමක් දැයි ඉගැන්වීය.
Attribution
[رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمد]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares