මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසන ලදී. එවිට එතුමාණෝ: “අල්ලාහ් පිළිබඳ බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීම හා යහපත් ගතිගුණ වේ” යැයි පැවසූහ
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසන ලදී. එවිට එතුමාණෝ: “අල්ලාහ් පිළිබඳ බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීම හා යහපත් ගතිගුණ වේ” යැයි පැවසූහ. තවදුරටත්, මිනිසුන් අධික ලෙස නිරයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි එතුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ: “කට හා ලිංගේන්ද්‍රි ය” යැයි පැවසූහ.
Explanation
අල්ලාහ් පිළිබඳ භක්තිය හා යහපක් සදාචාරය.
අල්ලාහ් කෙරෙහි භක්තිය: එනම් ඔබ අතර හා අල්ලාහ්ගේ දඬුවම අතර ඔබ සලසා ගන්නා ආරක්ෂාවයි. එය ඔහුගේ නියෝග පිළිපැදීමෙන් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමෙන් සිදු වන්නේය.
යහපත් සදාචාරය: එය සිනහමුසු මුහුණින්, යහපත සිදු කිරීමෙන් හා හානිය වැළැක්වීමෙන් සිදු වන්නේය.
අපා ගින්නට පිවිසීමට හේතුවන බරපතල සාධක දෙක වනුයේ:
දිව හා ලිංගේන්ද්‍රියයි.
දිවෙන් සිදුවන පාපකම් වනුයේ: බොරුකීම, කෙළ්ම කීම, දොස් නැගීම වැනි දෑය.
ලිංගෙන්ද්‍රියෙන් සිදුවන පාපකම් වනුයේ: කාම අපචාරය, සම ලිංගික සේවනය හා එවැනි වෙනත් දෑ.
Benefits
දිව, එහි හිමිකරුට එමගින් බලපාන අනතුර. සැබැවින්ම එය අපා ගින්නට පිවිසීමේ හේතු සාධකයක් වනු ඇත.
ආශාවන් හා අශීලාචාර දැයින් මිනිසාට ඇති අනතුර. සැබැවින්ම ඒවා අපා ගින්නට පිවිසීමට අධික ලෙස බලපාන සාධක වෙති.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

