افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5393[صحيح]
HadeethEnc · 1.24.0

“කවරෙකු ජනාබත් හෙවත් (මහා කිල්ලෙන්) අනිවාර්යය වන ස්නානය, ජුමුආ දිනයේ ස්නානය කොට පසුව ආරම්භක වේලාවේ උදෑසනම (ජුමුආ කටයුතු සඳහා) පිය නැගුවේ ද ඔහු ඔටුවකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු ජනාබත් හෙවත් (මහා කිල්ලෙන්) අනිවාර්යය වන ස්නානය, ජුමුආ දිනයේ ස්නානය කොට පසුව ආරම්භක වේලාවේ උදෑසනම (ජුමුආ කටයුතු සඳහා) පිය නැගුවේ ද ඔහු ඔටුවකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු දෙවැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු ගවයෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු තුන්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු බැටළුවෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු සිව්වැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු කුකුලෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු පස්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු බිත්තරයක් පිළිගැන්වූවාක් මෙන් වන්නේය. ඉමාම් (මින්බරය වෙත) පිටත්ව ගිය විට එම දෙසුම සවන් දෙන්නට මලක්වරුන් ද සහභාගී වෙති."
02

Explanation

ජුමුආ සලාතය සඳහා කල්වේලා ඇතිව උදෑසනම පියනැගීමේ මහිමය පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. කල්වේලා ඇතිව පිය නැගීමේ කාලය හිරු උදාවෙන් ආරම්භ වී ඉමාම් පැමිණෙන තෙක් පවතී. එය කාලවේලාවන් පහකි. හිරු උදාව හා ඉමාම් පැමිණ දේශනාව සඳහා මින්බර් වේදිකාව මතට නගින තෙක් එය කොටස් පහකට බෙදෙයි.

පළමුවැන්න: කවරෙකු ජනාබත් හෙවත් (මහා කිල්ලෙන්) අනිවාර්යය වන ස්නානය මෙන් ජුමුආ දිනයේ පරිපූර්ණ ලෙස ස්නානය කොට පසුව ආරම්භක වේලාවේ උදෑසනම (ජුමුආ කටයුතු සඳහා) පිය නැගුවේ ද ඔහු ඔටුවකු දන් දුන් අයකු මෙන් වන්නේය.

දෙවැන්න: කවරෙකු දෙවැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු ගවයෙකු දන් දුන් අයකු මෙන් වන්නේය.

තුන්වැන්න: කවරෙකු තුන්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු අං සහිත බැටළුවෙකු දන් දුන්නාක් මෙන් වන්නේය.

සිව්වැන්න: කවරෙකු සිව්වැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු කුකුලෙකු දන් දුන් අයකු මෙන් වන්නේය.

පස්වැන්න: කවරෙකු පස්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු බිත්තරයක් දන් දුන් අයකු මෙන් වන්නේය.

දොරකඩ වාඩි වී, මුලින්ම මස්ජිදයට පිවිසෙන අයගේ නම්, ඉන් පසුව දොරකඩ වාඩිවී මස්ජිදයට පිවිසෙන අයගේ නම් සටහන් කරමින් සිටි මලක්වරුන්, ඉමාම් දේශනාව සඳහා (මින්බරය වෙත) පිටත්ව ගිය විට, දේශනාවට සවන් දීම සඳහා සහභාගී වෙති.
03

Benefits

ජුමුආ දින ස්නානය කිරීම සඳහා උනන්දු කිරීම. එය සලාතය වෙත යෑමට පෙර විය යුත්තකි.
ජුමුආ සලාතය වෙත කල්වේලා ඇතිව දහවල් ආරම්භ වේලාවේදීම වේලාසනින් පියනැගීමේ මහිමය.
දැහැමි ක්‍රියාවන් සඳහා තරඟ වැඳීමට උනන්දු කර වීම.
ජුමුආ සලාතයට මලක්වරුන් සහභාගී වී දේශනාවට සවන් දෙති.
මලක්වරු මස්ජිදයන්හි දොරකඩවල්වලට වී ජුමුආ සලාතය සඳහා සහභාගී වන්නන්ගෙන් පළමුවැන්නා, පසුව පළමුවැන්නා යනාකාරයෙන් සටහන් කර ගනු ඇත.
ඉබ්නු රජබ් තුමා මෙසේ පවසයි: “කවරෙකු ජුමුආ දිනයේ ස්නානය කර පසුව උදෑසනම පැමිණෙන්නේ ද“ යන පාඨය හඟවන්නේ ජුමුආ සඳහා වූ ස්නානයේ ආරම්භ වේලාව අලුයම උදාවීම සහ එහි අවසාන වේලාව ජුමුආ වෙත පිය නැගීම සමග අවසන් වන බවය.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...