යුදෙව්වන්ට හා කිතුනුවන්ට අල්ලාහ් ශාප කළේය. ඔවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ සොහොන් ගැබ් මස්ජිද් බවට සකසා ගත්තෝය
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව දේවත්වය විශ්වාස කරන්නන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "යුදෙව්වන්ට හා කිතුනුවන්ට අල්ලාහ් ශාප කළේය. ඔවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ සොහොන් ගැබ් මස්ජිද් බවට සකසා ගත්තෝය. ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: "එසේ නොවීනම්, එතුමාණන්ගේ මිනීවල හෙළි කරනු ලබන්නට තිබුණි. නමුත් එතුමා එය නැමදුම් ස්ථානයක් ලෙස ගනු ලැබීම ගැන බිය වූහ."
Explanation
Benefits
මිනීවලවල් දේවස්ථාන ලෙස ගැනීම, ජනාසා සලාතය නොවන වෙනත් සලාත් එය ඉදිරියේ ඉටු කිරීම යන දේ දැඩි සේ හෙළා දකිනු ලබන අතර එය බලවත් තහනමකි. මෙය මළවුන් මහිමයට පත් කිරීම සඳහා නියම වූ නිදහසට කරුණකි. එම මිනීවල වටා යෑම, එහි කොන් ස්පර්ශ කිරීම, එහි නාමය පවසා ඇරයුම් කිරීම යනාදී සියලු දෑ අල්ලාහ්ට ආදේශ කිරීම් වන අතර ඒ සඳහා වන මාධ්‍යයන් වේ.
අල්ලාහ්ගේ දූතයාණන්ගේ දැඩි උනන්දුව, ඒකදේවවාදය කෙරෙහි එතුමාණන් දැක්වූ සැලකිල්ල සහ සොහොන් වන්දනාව කෙරෙහි ඇති බිය; මක්නිසාද යත් එය බහුදේවවාදයට මග පාදන කරුණක් වන බැවිනි.
තම නබිවරයාණන්ගේ මිනීවල අබියස ෂිර්ක් කටයුතු කිරීමෙන්, අල්ලාහ් එතුමාණන්ව ආරක්ෂා කළේය. එතුමාණන්ගේ මිනීවල හෙළි නොවන පරිදි ආරක්ෂා කිරීමට එතුමාණන්ගේ මිතුරන් මෙන්ම ඔවුන්ගෙන් පසු පැමිණියවුන් ද වග බලා ගත්හ.
සහාබාවරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම. දේවත්වය ඒකීයකරණයේ දී ඔවුන් තුළ තිබූ උනන්දුව.
යුදෙව්වන්ට හා කිතුනුවන්ට සමානව කටයුතු කිරීමේ තහනම. මිනීවලවල් මත සොහොන් ඉදි කිරීම ඔවුන්ගේ පිළිවෙතකි.
මිනී වලවල් සලාත් ඉටු කරන දේවස්ථාන ලෙස ගැනීමත්, ඒ මත දේවස්ථානයක් ඉදි නොකළ ද එය නැමදුම් කරන දිශාවක් බවට පත් කර ගැනීමත් තහනම් වේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

