“මිනිසා තම දෙමාපියන්ට බැණවැදීම මහා පාපයන් අතරින් එකකි.” එසේ මිනිසා තම දෙමාපියන්ට බැණ වදිනු ඇත්දැ?යි විමසන ලදී. එතුමා “එසේය. ඔහු තවත් මිනිසකුගේ පියාට බැණ වදී. ඔහු මොහුගේ පියාට බැණ වදිනු ඇත. ඔහු ඔහුගේ මවට බැණ වදී. ඔහු ද මොහුගේ මවට බැණ වදිනු ඇත. යැයි පැවසූහ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “මිනිසා තම දෙමාපියන්ට බැණවැදීම මහා පාපයන් අතරින් එකකි.” එසේ මිනිසා තම දෙමාපියන්ට බැණ වදිනු ඇත්දැ?යි විමසන ලදී. එතුමා “එසේය. ඔහු තවත් මිනිසකුගේ පියාට බැණ වදී. ඔහු මොහුගේ පියාට බැණ වදිනු ඇත. ඔහු ඔහුගේ මවට බැණ වදී. ඔහු ද මොහුගේ මවට බැණ වදිනු ඇත. යැයි පැවසූහ.
Explanation
ඔවුන් දෙදෙනාට බැණ වැදීම මහා පාපයන්ගෙන් එකක් යැයි දන්වා සිටීමෙන් පසුව එහි සහභාගී වී සිටියවුන් ඒ ගැන පුදුමයට පත් විය. එය මිනිසෙකු ඍජුව තම දෙමාපියන්ට බැණ වැදීම යනු තම සහජ බුද්ධියට දුරස් වූවක් බැවිණි. එවිට එතුමා සැබැවින්ම එය සිදු වනුයේ ඔවුන් දෙදෙනාට බැණ වැදීමට හේතුවක් වන මාර්ගයක කෙනෙකු වැටීමෙන්ය යනුවෙන් ඔවුනට දන්වා සිටියහ. එනම් පුද්ගලයකුගේ පියාට හෝ මවට හෝ බැණ වැදීමෙන් ඔහුගේ පියාට හෝ මවට බැණ වැදීමට සැළැස්වීම තුළිනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

