افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5343[صحيح]
HadeethEnc · 1.24.0

“මුස්ලිම්වරයෙකු මත මුස්ලිම්වරයකුට පැවරෙන යුතුකම් හයකි." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඒවා මොනවාදැ?යි විමසන ලදී. එතුමාණෝ: "ඔබ ඔහුව මුණ ගැසුණු විට ඔහුට සලාම් පවසන්න. ඔහු ඔබව සංග්‍රහයක් සඳහා ඇරයුම් කළ විට ඔහුට පිළිතුරු දෙන්න. ඔහු ඔබෙන් උපදෙස් පතන විට ඔහුට උපදෙස් දෙන්න. ඔහු කිවිසුම් හැර (අල්හම්දු ලිල්ලාහ්’) -යැයි අල්ලාහ්ට- ප්‍රශංසා කළ විට ඔහුට (යර්හමුකල්ලා) යැයි පවසන්න. ඔහු රෝගාතුර වූ විට ඔහු බැහැ දැක සුවදුක් විමසන්න. ඔහු මිය ගිය විට (ජනසා කටයුතු අවසන් වන තෙක්) ඔහු පසුපස යන්න.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මුස්ලිම්වරයෙකු මත මුස්ලිම්වරයකුට පැවරෙන යුතුකම් හයකි." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඒවා මොනවාදැ?යි විමසන ලදී. එතුමාණෝ: "ඔබ ඔහුව මුණ ගැසුණු විට ඔහුට සලාම් පවසන්න. ඔහු ඔබව සංග්‍රහයක් සඳහා ඇරයුම් කළ විට ඔහුට පිළිතුරු දෙන්න. ඔහු ඔබෙන් උපදෙස් පතන විට ඔහුට උපදෙස් දෙන්න. ඔහු කිවිසුම් හැර (අල්හම්දු ලිල්ලාහ්’) -යැයි අල්ලාහ්ට- ප්‍රශංසා කළ විට ඔහුට (යර්හමුකල්ලා) යැයි පවසන්න. ඔහු රෝගාතුර වූ විට ඔහු බැහැ දැක සුවදුක් විමසන්න. ඔහු මිය ගිය විට (ජනසා කටයුතු අවසන් වන තෙක්) ඔහු පසුපස යන්න.”
02

Explanation

මුස්ලිම්වරයෙකු මත මුස්ලිම්වරයකුට පැවරෙන යුතුකම් හයක් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. පළමුවැන්න: ඔහුව මුණ ගැසී "අස්සලාමු අලයිකුම්" යැය පවසා සලාම් දුන් විට, පිළිතුරු වශයෙන් "වඅලෙයිකුමුස් සලාම්" යැයි පවසා ඔහුට පිළිතුරු සැපයීම. දෙවැන්න: වලීමා හෝ වෙනත් සංග්‍රහයක් සඳහා ඇරයුම් කළ විට ඔහුට පිළිතුරු දීම. තුන්වැන්න: ඔහු ඔහුගෙන් උපදෙස් පතන විට ඔහුට උපදෙස් දීම. ඔහුට සමච්චල් නොකරන්න. ඔහුව රවටා නොගන්න. සිව්වැන්න: ඔහු කිවිසුම් හැර "අල්හම්දු ලිල්ලාහ්" යැයි පවසා අල්ලාහ්ට- ප්‍රශංසා කළ විට ඔහුට "යර්හමුකල්ලා" යැයි පැවසීම. ඔහු නැවතත් පිළිතුරු වශයෙන් "යහ්දීකුමුල්ලාහු වයුස්ලිහු බාලකුම්" යනුවෙන් පවසනු ඇත. පස්වැන්න: ඔහු රෝගාතුර වූ විට ඔහු බැහැ දැක ඔහුගේ සුවදුක් විමසීම. හයවැන්න: ඔහු මිය ගිය විට ඔහුට ජනාසා සලාතට ඉටු කර ඔහු ව වළ දමන තෙක් ජනසා කටයුතුවල සහභාගී වීම.
03

Benefits

ෂවිකානී තුමා මෙසේ පවසයි: "හක්කුල් මුස්ලිම්" යන ප්‍රකාශයෙන් අදහස් කරනුයේ එය අත් නොහැරිය යුතු කරුණක් බවය. එහි ක්‍රියාව අනිවාර්යය කටයුත්තක් ලෙස හෝ අත් නොහැරිය හැකි අනිවාර්යය කටයුත්තකට සමාන ඉතා වැදගත් අමතර ක්‍රියාවක් හෝ ලෙස හෝ වනු ඇත.
සලාමයට පිළිතුරු දීම වනාහි, එසේ සලාම් පවසන්නා තනිව සිටින විටක, එය ෆර්ල් අයින් හෙවත් අනිවාර්යය කටයුත්තක් වනු ඇත. පිරිසක් වී නම් ඔවුන්ගෙන් එක් අයෙක් පිළිතුරු දීම ප්‍රමාණවත් වේ. සලාම් පවසා ආරම්භ කිරීම යනු එහී පදනම සුන්නා (අමතර නබි පිළිවෙතක්) යන්නයි.
රෝගියා බැහැ දැක ඔහුගේ සුවදුක් විමසීම මුස්ලිම් සහෝදරවරුන් මත පැවරෙන වැදගත් වගකීමනි. මක්නිසාද යත් ලෙන්ගතුකම හා සතුට එතුළින් ඔහුගේ සිත තුළ ප්‍රවේශ වන බැවිනි. එය ෆර්ළු කිෆායා හෙවත් සැමට අනිවාර්යය නොවන යම් පිරිසකට පමණක් අනිවාර්යය වන කටයුත්තකි.
ඇරයුම් කරන ලද, පාපයක් නොවන සංග්‍රහයකට පිළිතුරු දීම අනිවාර්යය වේ. එය මනමාලයා විසින් ලබා දෙන වලීමා සංග්‍රහයක් වී නම්, බහුතරයකගේ මතය වනුයේ නිදහසට කරුණු දැක්විය හැකි ආගමික කරුණක දී හැර සෙසු අවස්ථාවල එයට පිළිතුරු දීම අනිවාර්යය වන බව ය.
කිවිසුම් හරින්නා අල්ලාහ්ට ප්‍රශංසා කරනු කිසිවකුට හෝ ඇසුණේ නම්, ඔහු එම කිවිසුම් හැරිය පුද්ගලයාට යර්හමුකල්ලා යැයි පැවසීම අනිවාර්යය වේ.
ෂරීආ නීතියේ පරිපූර්ණභාවය. එය සමාජ බැඳීම්, විශ්වාසය හා එහි සාමාජිකයින් අතර ආදරයේ බැඳීම් ශක්තිමත් කිරීමට උනන්දු කරයි.
ප්‍රාර්ථනාවෙන් පිළිතුරු සපයන්න යන අර්ථය ගෙන දෙන فَسَمِّتْهُ යන අරාබි පදයේ ඇති සීන් අක්ෂරය වෙනුවට ඇතැම් පිටපත්වල ෂීන් අක්ෂරය යොදා فشمّته යන අරාබි පදය භාවිතා කෙරී ඇත. එනම් යහපත හා සමෘද්ධිය උදෙසා ප්‍රාර්ථනා කිරීමය. තස්මීත් යන්නෙහි තවත් අර්ථයක් වනුයේ: සතුරු බලවේගයෙන් අල්ලාහ් ඔබව දුරස් කරත්වා, සතුරන් විසින් සිදු කරන බලහත්කාරකම්වලින් ඔබව ආරක්ෂා කරත්වා යන්නයි. තෂ්මීත් යන්නෙහි අර්ථය වනුයේ: නිවැරැදි ඍජු මාර්ගය වෙත අල්ලාහ් ඔබට මඟ පෙන්වත්වා! යන්නයි.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...