HadeethEnc · 1.24.0
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමයේ සූර්යග්රහණයක් ඇති විය. එවිට එතුමා සලාතය සඳහා එක්රැස් වෙන්නැයි කැඳවන කැඳවුම් කරුවකු එවීය. පසුව ඔවුහු එක්රැස් වූහ. එතුමා ඉදිරියට ගොස් තක්බීර් පවසා රකආත් දෙකක් තුළ රුකූඋ හතරක් හා සුජූද් හතරදක් සහිතව සලාත් ඉටු කළෝය.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමයේ සූර්යග්රහණයක් ඇති විය. එවිට එතුමා සලාතය සඳහා එක්රැස් වෙන්නැයි කැඳවන කැඳවුම් කරුවකු එවීය. පසුව ඔවුහු එක්රැස් වූහ. එතුමා ඉදිරියට ගොස් තක්බීර් පවසා රකආත් දෙකක් තුළ රුකූඋ හතරක් හා සුජූද් හතරදක් සහිතව සලාත් ඉටු කළෝය.”
02
Explanation
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කාලයේ සූර්යග්රහණයක් ඇති විය. එවිට එතුමා තමන්ට සමාව දෙන මෙන් ද කරුණා කරන මෙන් ද අල්ලාහ්ගේ මතුපිට මෙන්ම ඇතුළාන්ත ආශිර්වාදය තමන් වෙනුවෙන් දිගු හැර දෙන මෙන් ද ප්රාර්ථනා කරමින් සලාත් ඉටු කරන්නට වීදිවල හා කඩසාප්පුවල සිටින ජනයා ‘අස්සලාතු ජාමිආ’ සලාතය සඳහා එක්රැස් වෙන්න යැයි කැඳවන කැඳවුම් කරුවකු එවීය. එතුමාගේ මස්ජිදයේ ඔවුහු රැස් වූහ. එතුමා ඔවුනට සලාතය ඉටු කරන පරිදි එතුමාගේ ස්ථානය වෙත ඉදිරියට ගොස් ඔවුනට සලාතය මෙහෙයවූහ. ජනයා ඔවුන් සුපුරුදු ලෙස ඉටු කරන සලාතයෙහි නොදුටු දර්ශණයක් එහි විය. සැබැවින්ම සාමාන්ය පරිදි නොව විශ්ව ප්රාතිහාර්යයක් මතු වී තිබිණ. එම සලාතය ඉකාමත් පැවසීමෙන් තොරවූ සලාතයතක් විය. පසුව සුජූද් දෙකක රුකූඃ දෙකක් ද සුජූද් දෙකක රුකූඃ දෙකක් ද සලාත් ඉටු කළෝය. ඉන් අදහස් කරනුයේ සෑම රකආතයකම රුකූඃ දෙකක් හා සුජූද් දෙකක්ය.
Attribution
[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

