මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමග ගමන් කරන්නෙකු ලෙස සිටියෙමි. වාටි ගණව ඇති නජ්රාන් දේශයේ වස්ත්රයක් එතුමාට විය. එවිට ගම්බද ආරාබි ජාතිකයෙක් එතුමා වෙතට ළඟා විය. එතුමාගේ එම වස්ත්රය හේතුවෙන් ඔහු දැඩි ලෙස මවිතයට පත් කළේය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමග ගමන් කරන්නෙකු ලෙස සිටියෙමි. වාටි ගණව ඇති නජ්රාන් දේශයේ වස්ත්රයක් එතුමාට විය. එවිට ගම්බද ආරාබි ජාතිකයෙක් එතුමා වෙතට ළඟා විය. එතුමාගේ එම වස්ත්රය හේතුවෙන් ඔහු දැඩි ලෙස මවිතයට පත් විය. එවිට මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ උරබාහුව දෙස බැලුවෙමි. වස්ත්රයේ වාටිය වඩා ආකර්ශනීයි ලෙස තිබූ හේතුවෙන් කැපී පෙනන්නක් විය. පසුව ඔහු, අහෝ මුහම්මද්! ඔබ වෙත ඇති අල්ලාහ්ගේ වස්තුවෙන් මට (යමක් පිරිනමන මෙන්) අණ කරනු. යැයි පවසා සිටියේය. එතුමා ඔහු දෙස හැරී බලා සිනහ සී පසුව, ඔහුට යම් පිරිනැමීමක් කරන මෙන් නියෝග කළහ.
Explanation
(එවිට ගම්බද ආරාබි ජාතිකයෙක් එතුමා වෙතට ළඟා විය.) එනම්, එතුමා වෙතට පැමිණියේය. (එතුමාගේ එම වස්ත්රය හේතුවෙන් ඔහු දැඩි ලෙස මවිතයට පත් කළේය.) එනම්, නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ එම වස්ත්රය හේතුවෙන් දැඩි ලෙස ඔහු එතුමාණන් ගැන මවිතයට පත් විය.
අනස් තුමා තවදුරටත්, (එම ගම්බද අරාබිවරයා දෙසට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා හැරණහ) එනම්, ඔහුගේ පපුව දෙසටය. ඔහු දැඩි ලෙස මවිතයට පත් වූ බැවින් ඔහු වෙත ඉදිරියට පැමිණියහ. යැයි පවසා සිටියහ. ඉමාම් තය්යිබී තුමා: සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පූර්ණ ලෙස එතුමා දෙස හැරුණහ. එතුමාගේ ප්රකාශයේ තේරුම, ඔහු හැරුණු විට ඒ සමගම එතුමාද හැරුණහ යන්නයි. ඔහුගේ අයහපත් විනය හේතුවෙන් කිසිම වෙනසක් හෝ බලපෑමක් හෝ එතුමා සිදු නොකළ බව මෙය පෙන්වා දෙයි.
“අවසානයේ මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ උරබාහුව දෙස බැලුවෙමි.“ එය උරබාහුවේ තිබූ ස්ථානයකි.
“එමගින් කැපී පෙනන්නක් විය“ එනම්, එහි වාටිය (වස්ත්රයේ වාටිය වඩා ආකර්ශනීයි ලෙස තිබූ හේතුවෙන්) සූරා තව්බාහි 97 වැනි වැකිය “ගම්බද අරාබිවරු දේව ප්රතික්ෂේපයෙන් හා කුහකත්වයෙන් ඉතා දරුණුය. අල්ලාහ් ඔහුගේ දූතයාණන් වෙත පහළ කළ දෑහි සීමාවන් ඔවුන් නොදැන සිටීමට වඩාත් සුදුසුය.“ යනුවෙන් අල්ලාහ් සත්යය පවසා සිටියි යැයි මම පැවසුවෙමි. පසුව එම ගම්බද අරාබිවරයා: “අහෝ මුහම්මද්!“ යැයි ඇමතුවේය. මතුපිටින් පෙනෙනුයේ ඔහු ඉස්ලාමය වෙත නවකයෙක් වූ බවය. එහෙයින් ඔහු සිදු කළ යුතු දෑ සිදු කොට පසුව අරගල කරනා ස්වරූපයෙන් මෘදු බවින් තොරව එතුමාගේ නම සඳහන් කොට එතුමා සමග කතා කළේය. “මට අණ කරනු.“ එනම්, ඔබ පත් කර ඇති භාරකරුවන් හට මට යමක් පිරිනමන මෙන් හෝ මා වෙනුවෙන් යම් දීමනාවක් ලබා දෙන මෙන් හෝ නියෝග කරනු.
“ඔබ වෙත ඇති අල්ලාහ්ගේ වස්තුවෙන් එනම්, ඔබට පිරිනැමූ ඔබේ නොවන දෙයකින්. තවත් වාර්තාවක එය පැහැදිලිව ප්රකාශ කොට ඇත. එනම්, ඔබේ මුදලින් හෝ ඔබේ පියාගේ මුදලින් නොව. මෙයින් අදහස් කරනුයේ සකාත් වස්තුව යැයි පැවසේ. හේතුව සැබැවින්ම එයින් කොටසක් ඉස්ලාමය වෙත ලැදියාවක් ඇති අයට වියදම් කරන්නක් වන හෙයිනි.
(අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔහු දෙස හැරී බැලූහ.) එනම් ඔහු වෙත මවිතයෙන් යුතුව බැලූහ. (පසුව සිනහසුනහ) එනම්, ආදරයෙන් යුතුවය. (පසුව ඔහුට යමක් පිරිනමන මෙන් නියෝග කළහ.)
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

