HadeethEnc · 1.24.0
“මිනිසුන් වාද කොට ඉල්ලා සිටින දෑ ඔවුනට පිරිනමනු ලබන්නේ නම්, මිනිසුන් (අසාධාරණ ලෙස) පිරිසකගේ ධනය හා ජීවිත ඉල්ලා වාද කරනු ඇත. එහෙත්, සාක්ෂි ඉදිරිපත් කිරීම, හිමිකම් කියන්නා මත වන අතර දිවුරා සිටීම ප්‍රතික්ෂේප කරන්නා මත වේ.”
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මිනිසුන් වාද කොට ඉල්ලා සිටින දෑ ඔවුනට පිරිනමනු ලබන්නේ නම්, මිනිසුන් (අසාධාරණ ලෙස) පිරිසකගේ ධනය හා ජීවිත ඉල්ලා වාද කරනු ඇත. එහෙත්, සාක්ෂි ඉදිරිපත් කිරීම, හිමිකම් කියන්නා මත වන අතර දිවුරා සිටීම ප්‍රතික්ෂේප කරන්නා මත වේ.”
02
Explanation
කිසිදු සාක්ෂියක් හෝ සාධකයක් හෝ නොමැතිව මිනිසුන් යමක් ගැන වාද කළ වහාම ඔවුනට එය පිරිනමනු ලබන්නේ නම්, මිනිසුන්ගේ ධනය හා ජීවිත ඉල්ලා (අසාධාරණ ලෙස) වාද කරනු ඇත. එහෙත්, හිමිකම් කියන්නා ඒ සඳහා අවශ්‍ය සාක්ෂි හා සාධක ඉදිරිපත් කළ යුතු බව නබි තුමාණන් පැහැදිලි කළහ. එසේ ඔහුට සාක්ෂි හා සාධක නොවීනම් නඩුව වාද කරනු ලබන්නාට ඉදිරිපත් කරනු ලබන අතර, එවිට ඔහු එය ප්‍රතික්ෂේප කළේ නම් ඔහු දිවුරා ඉන් නිදොස් විය යුතුය.
03
Benefits
ඉබ්නු දකීක් අල්-ඊද් තුමා මෙසේ පවසයි: "මෙම හදීසය නීති මූල ධර්මයන්ගෙන් එක් මූල ධර්මයකි. බොහෝ විට මෙය යොමු කරනු ලබනුයේ ආරවුල් හා එකඟ නොවීමක් පවතින විටය.
ෂරීආ නීතිය පැමිණියේ මිනිසුන්ගේ ධනය හා ඔවුන්ගේ ජීවිතය සමඟ සෙල්ලම් කිරීමට නොව ඔවුන්ගේ ජීවිතයට අතවර නොකර ඒවා ආරක්ෂා කිරීම සඳහාය.
නීතිපතිවරයා තම දැනුම මත තීන්දු නොකළ යුතුය. සැබැවින්ම ඔහු සාක්ෂි හා සාධක දෙස යොමු වී බැලිය යුතුය.
කිසිදු සාක්ෂියකින් තොරව හිමිකම් පාන සෑම කෙනෙකුම ප්‍රතික්ෂේප කරනු ලබනු ඇත. එය අයිතිය සම්බන්ධයෙන් හෝ වේවා ගනුදෙනු සම්බන්ධයෙන් හෝ වේවා එසේත් නැතිනම් විශ්වාසය හා දැනුම සම්බන්ධ ගැටුළුවලදී හෝ වේවා එක සමාන ය.

Attribution
[رواه البيهقي]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares