HadeethEnc · 1.24.0
“කිසිදු මුස්ලිම්වරයකුගේ රුධිරය හැළීම අනුමත නොවන්නේය
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කිසිදු මුස්ලිම්වරයකුගේ රුධිරය හැළීම අනුමත නොවන්නේය. නමුත් කාමයේ වරදවා හැසිරුණු විවාහක තැනැත්තා, පණට පණ (ඝාතනය කිරීමෙන් මරණ දඬුවම) නියම වූ පුද්ගලයා සහ තම දහම අතහැර, සමාජය වෙන් කරන පුද්ගලයා යන තිදෙනාගෙන් කෙනෙකුගේ හැර."
02
Explanation
මෙම කරුණු තුනෙන් එකක් සිදු කිරීමෙන් හැර මුස්ලිම්වරයකුගේ ප්‍රාණය නැසීම තහනම් කරුණක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. පළමුවැන්නා: නිත්‍යානුකූලව විවාහයකින් පසු, (වෙනත් අය සමග) කාමයේ වරදවා හැසිරුණු විවාහක තැනැත්තා. ගල් ගැසීමෙන් ඔහුට මරණ දඬුවම් ක්‍රියාමක් කෙරේ. දෙවැන්නා: කිසිදු අයිතියකින් තොරව නිරපරාධී ලෙස යම් ආත්මයක් නැසූ තැනැත්තා. නියමිත කොන්දේසි මත ඔහුට මරණ දඬුවම දෙනු ලැබේ. තුන්වැන්නා: ඉස්ලාම් දහම මුළුමණින්ම අත් හැර දමා වෙනත් දහමක් වැළඳ ගැනීමෙන් හෝ ඉස්ලාමයෙන් ඉවත් නොවී, අරාධකරුවන් මංකොල්ලකරුවන් කැරළිකරුවන් වැනි අය මෙන් ඉස්ලාමයෙන් කොටසක් අත්හැර දැමීමෙන් මුස්ලිම් ප්‍රජාවෙන් ඉවත් වූ අය.
03
Benefits
මෙම කරුණු තුන ක්‍රියාත්මක කිරීම තහනම් කර ඇත. කවරෙකු හෝ ඒවායින් එකක් සිදු කළේ නම් ඔහුට මරණ දඬුවම නියම වන්නේය. එය (ඉස්ලාමයෙන් බැහැර වී එයට විරුද්ධව කටයුතු කරන්නාට) දේවත්වය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හෝ (විවාහක අයකු කාමයේ වරදවා හැසිරෙන හා දැනුවත්වම යමෙකු ඝාතනය කරන්නාට ) දඬුවමක් වශයෙන් හෝ විය හැක.
මාන්‍යය ආරක්ෂා කිරීමේ සහ ඒවා පිරිසිදුව තබා ගැනීමේ අවශ්‍යතාවය.
මුස්ලිම්වරයාට ගරු කළ යුතු අතර ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කළ යුතුය.
මුස්ලිම් ප්‍රජාවේ සාමුහිකත්වය රැක ගැනීමට හා ඔවුන් වෙන්ව නොයා යුතු යැයි දිරි ගැන්වීම.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඇතැම් අවස්ථාවල දී කතාව කොටස් කරමින් කරුණු ඉගැන්වීමේ අලංකාරය. මක්නිසාදයත් එසේ කොටස් කර දන්වා සිටීමෙන් කරුණු සීමා කර ගත හැකි අතර ඒවා එකතු කිරීමට හා ඒවා ඉක්මණින් කටපාඩම් කිරීමට හැකිවනු ඇත.
අල්ලාහ් දඬුවම් නියම කර ඇත්තේ අපරාධකරුවන් වැළැක්වීමට සහ සමාජය අපරාධවලින් ආරක්ෂා කිරීමට ය.
මෙම සීමාවන් (ඉක්මවීම සඳහා දඬුවම් පමුණුවීම) බලාත්මක කිරීම පාලකයාගේ වගකීමකි.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ හේතු තුනකට වඩා ඇත. මෙම මූලධර්ම තුන මූලික මූලධර්ම වේ, මරණ දඬුවම අවශ්‍ය කරන වෙනත් අවස්ථා තිබිය හැකි නමුත් මේවා ඇත්ත වශයෙන්ම මෙම කාණ්ඩ තුනෙන් එකකට අයත් වේ. ඒවායින් පිටත ස්වාධීන හේතු නොවේ. ඉබ්නු අල්-අරබී අල්-මාලිකී තුමා මෙසේ පවසයි. කිසිඳු අවස්ථාවක මෙම කරුණු වලින් බැහැර වන්නේ නැත. මක්නිසාදයත් කවුරුන් හෝ හූනියම් ක්‍රම භාවිතා කරන්නේ නම් හෝ අල්ලාහ්ගේ නබිවරයාණන්ට අපහාස කරන්නේ නම් හෝ ඔහු තම ආගම අතහැර දැමූ අය අතරට ඇතුළත් වන බැවිණි.

Attribution
[متفق عليه]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares