HadeethEnc · 1.24.0
“පිරිමියා හා කාන්තාව කෙරෙහි ද, නිදහස් තැනැත්තා හා වහලා කෙරෙහි ද, මුස්ලිම්වරුන් අතර සිටින කුඩා හා වැඩිහිටි අය කෙරෙහි ද රට ඉඳි සාඃ එකක ප්‍රමාණයක් හෝ තිරිඟු සාඃ එකක ප්‍රමාණයක් හෝ නිකුත් කිරීම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අනිවාර්යය කළහ. ජනයා ( ඊද් උත්සව) සලාතය සඳහා පිට ව යාමට පෙර එය ඉටු කරනු ලැබිය යුතු බවත් නියෝග කළහ
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. “පිරිමියා හා කාන්තාව කෙරෙහි ද, නිදහස් තැනැත්තා හා වහලා කෙරෙහි ද, මුස්ලිම්වරුන් අතර සිටින කුඩා හා වැඩිහිටි අය කෙරෙහි ද රට ඉඳි සාඃ එකක ප්‍රමාණයක් හෝ තිරිඟු සාඃ එකක ප්‍රමාණයක් හෝ නිකුත් කිරීම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අනිවාර්යය කළහ. ජනයා ( ඊද් උත්සව) සලාතය සඳහා පිට ව යාමට පෙර එය ඉටු කරනු ලැබිය යුතු බවත් නියෝග කළහ."
02
Explanation
රමළාන් උපවාසයෙන් පසු සකාතුල් ෆිත්ර් නිකුත් කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අනිවාර්යය කළහ. එය සාඃ එකක ප්‍රමාණයකි. එය මුද්දු හතරක ප්‍රමාණයකි. මුද්දු යනු, සාමාන්‍යය මිනිසෙකුගේ දෝත පිරෙන්නට පුරවනු ලබන ප්‍රමාණයයි. එය වහල්, නිදහස්, පිරිමි, කාන්තා, කුඩා වැඩිහිටි යන සෑම මුස්ලිම්වරයකු මත නියම වන, රට ඉඳියෙන් හෝ තිරිඟුවලින් නිකුත් කරන දෑය. එය තමන් සතු දහවල් හෝ රාත්‍රී ප්‍රධාන ආහාර වේලකින් තමන් වෙනුවෙන් ද තමන්ගෙන් යැපෙන අය වෙනුවෙන් ද නිකුත් කරනු ලබන්නකි. උත්සව සලාතය වෙත ජනයා පිටත්ව යෑමට පෙර එය ඉටු කරනු ලැබිය යුතු යැයි එතුමාණෝ නියෝග කළහ.
03
Benefits
රමළාන් මාසයේ සකාතුල් ෆිත්ර්, කුඩා හා වැඩිහිටි, නිදහස් හා වහල් අය වෙනුවෙන් ඉටු කිරීම අනිවාර්යය වේ. මෙහිදී අමතනු ලබනුයේ භාරකරු හා ගෘහ මූලිකයාටය. එම තැනැත්තා ඔහු වෙනුවෙන් ද ඔහුගේ දරුවන් වෙනුවෙන් ද ඔහුගෙන් යැපෙන අය වෙනුවෙන් ද එය නිකුත් කළ යුතු වේ.
කුසේ සිටින දරු කළලය වෙනුවෙන් සකාතුල් ෆිත්ර් ඉටු කිරීම අනිවාර්යය වන්නේ නැත. නමුත් එය සතුටුදායක ක්‍රියාවකි.
සකාතුල් ෆිත්ර් හි නිකුත් කළ යුතු දෑ පැහැදිලි කිරීම. සැබැවින්ම එය විය යුත්තේ ජනතාව සුපුරුදු පරිදි පරිභෝජනය කරන ප්‍රධාන ආහාරයෙනි.
උත්සව සලාතයට පෙර එය නිකුත් කිරීම අනිවාර්යය වේ. වඩාත් උතුම් වනුයේ උත්සව දින සුබ්හු සලාතයේ එය නිකුත් කරනු ලැබීමය. උත්සවයට පෙර දිනකට හෝ දින දෙකකට පෙර එය නිකුත් කිරීමටද අවසරය ඇත.

Attribution
[متفق عليه]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares