අපා ගින්න ස්පර්ශ නොකරන දෑස් දෙකක් ඇත. අල්ලාහ්ට බියෙන් හඬන දෑස හා අල්ලාහ්ගේ මාර්ගයේ ආරක්ෂාව සලසා රාත්රියේ ගත කරන දෑසය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අපා ගින්න ස්පර්ශ නොකරන දෑස් දෙකක් ඇත. අල්ලාහ්ට බියෙන් හඬන දෑස හා අල්ලාහ්ගේ මාර්ගයේ ආරක්ෂාව සලසා රාත්රියේ ගත කරන දෑසය.”
Explanation
එසේ අපා ගින්න ස්පර්ශ නොකරන තවත් ඇසක් වන්නේ මුස්ලිම්වරුන්ගේ ජීවිතවලට ආරක්ෂාව සලසමින්, සටන් කරන ස්ථානයන්හි හා රැදවුම් ස්ථානවල අල්ලාහ්ගේ මාර්ගයේ ආරක්ෂා කරමින් රාත්රිය ගත කරන්නන්ගේ ඇස්ය.
අපා ගින්න ඒ දෙක ස්පර්ශ කරන්නේ නැත” යන ප්රකාශය වනාහි, මෙහි අවයවයක පදයක් පොදුවේ භාවිතා කර තිබුණද සම්පූර්ණ ශරීරයම අදහස් කරන්නකි. එනම්: කවරෙකු අල්ලාහ්ට බියෙන් හඬා වැළපෙන්නේ ද එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ ආරක්ෂාව සලසා රාත්රිය ගත කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් ඔවුන් දෙදෙනාගේ ශරීර නිරයට තහනම් කරන්නේය යන්නයි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

