අහෝ ආඉෂා, ඔබ අවදි වී විත්ර් ඉටු කරනු.
Choose an available translation of this Hadeeth
Hadeeth text
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා රාත්රියේ සලාතය ඉටු කරන්නට වූහ. ඇය එතුමා ඉදිරියේ හරහට (නිදමින්) සිටියහ. විත්ර් සලාතය ඉතිරිව තිබයදී එතුමා ඇයව අවදි කරවයි. පසුව ඇය විත්ර් ඉටු කරන්නීය. තවත් වාර්තාවක: විත්ර් ඉතිරව තිබෙන විට එතුමාණෝ “අහෝ ආඉෂා, ඔබ අවදි වී විත්ර් ඉටු කරනු.“ යැයි පැවසූ බව සඳහන් වේ.
Explanation
තහජ්ජුද් සලාතය ඉටු කොට, අවසන් වූ කල්හි විත්ර් සලාතය ඉටු කිරීමට මත්තෙන් එතුමිය විත්ර් ඉටු කරනු වස් එතුමියව එතුමා අවදි කළහ. තවත් වාර්තාවක විත්ර් ඉතිරිව තිබෙන විට අහෝ ආඉෂා, ඔබ අවදි වී විත්ර් ඉටු කරනු යැයි පවසා ඇත. අබූ දාවුද් හි සඳහන් තවත් වාර්තාවක, විත්ර් සලාතය ඉටු කරන තෙක් විය. පසුව ඇයව අවදි කළහ. ඇය විත්ර් සලාතය ඉටු කළාය.
තේරුම: සැබිවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මුල් රාත්රියේ එතුමියට නිදන්නට හැරියේය. එතුමා විත්ර් සලාතය හැර අනෙකුත් සලාත් ඉටු කිරීමෙන් පසුව මිස ඇයව අවදි නොකළහ. ඇය ද විත්ර් සලාතය ඉටු කරනු වස් ඇයව එතුමා අවදි කළහ. නින්දේ මැලිකම ඇති නොවනු වස් අවදි වූ වහාම ඇය විත්ර් ඉටු කිරීමට යුහුසුළු වූවාය. ඇය එය ප්රමාද කර තිබුණේ නම්, ඇයට එය මඟහැරනේනට තිබිණ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

