HadeethEnc · 1.24.0
“ඔබ අතරින් කිසිවකු හෝ කිලිටි තත්ත්වයට පත් විට වුළූ හෙවත් අර්ධ ධෝවනය කරනා තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.”
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ඔබ අතරින් කිසිවකු හෝ කිලිටි තත්ත්වයට පත් විට වුළූ හෙවත් අර්ධ ධෝවනය කරනා තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.”
02
Explanation
පිරිසිදුකම සලාතය වලංගු වීම සඳහා වන කොන්දේසි අතරින් එකක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. සලාතය ඉටු කිරීමට අපෙක්ෂා කරන්නා, මළ පහ කිරීම හෝ මූත්‍රා කිරීම හෝ නින්දට වැටීම වැනි වුළූ ධෝවනය අවලංගු කරවන කරුණු අතරින් යමක් හට ගත්තේ නම්, වුළූ ගැනීම ඔහුට අනිවාර්යය වන්නේය.
03
Benefits
කිලිට තත්ත්වයට පත්වූ අයකුගේ සලාතය, මහා කිලිටි තත්ත්වයක් නම් ස්නානය කිරීම තුළින් හා සුළු කිලිටි තත්ත්වයක් නම් වුළූ කිරීම තුළින් පිරිසිදු වන තෙක් පිළිගනු නොලැබේ.
වුළූ යනු ජලයෙන් මුඛය සෝදා බැහැර කොට එයින්ම නාසය අභ්‍යන්තරයට යවා පිටතට ගෙන ඉසීම, පසුව තුන් වරක් තම මුහුණ සේදීම, පසුව තුන් වරක් තම දෙඅත් වැළමිට දක්වා සෝදා හැරීම, පසුව ඔහුගේ මුළු හිසම එක් වරක් පිසදැමීම, පසුව දෙපා වළලු කර සමග තුන් වරක් සේදීමය.

Attribution
[متفق عليه]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares